EARN WAY ක්‍රිප්ටො කරන්සි ආයතතනය විසින් වසර දෙකක් තිස්සේ ජනතාව රවටා කෝටි 500 කට අධික මුදලක් වංචනිකව කොල්ල කෑ බවට චෝදනා කරමින් පොළොන්නරුවේ වංචාවට අසු වුවන්ගේ සංගමය විසින් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සංදේශයක් බාරදුන්නා.
ඔවුන් කියා සිටියේ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ද මේ සදහා මුදල් යොදවා ඇති බවට පවසා ඔවුන් විසින් මේ සඳහා පෙලෙඹ වූ බවයි.
වසන්ත සමරසිංග අමාත්‍යවරයා ගේ නම සඳහන් කළ පසු අපි රැවටී ඒ සඳහා මුදල් යෙදවූ බවයි.
ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දී ඔවුන් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනට සැකකරුවන් දෙදෙනෙක් අල්ලා සිටින අතර තවත් සැකකරුවන් 10 දෙනෙක් සිටින බවත් ඒ සම්බන්ධයෙන් සාධාරණයක් කර දෙන ලෙස යි. මෙම වංචාවට 5000 කට අදික පිරිසක් රැවටී ඇති බව ද ඔවුන් කියා සිටියා.
ලක්ශ 10 සිට ලක්ශ 100 දක්වා මෙම EARN WAY ක්‍රිප්ටො කරන්සි ආයතනය වෙත මුදල් යොදවා තිබෙන අතර මෙම පිරිස එම මුදල් යොදවා ඇත්තේ මෙම ආයතනයේ නිලධාරින් විසින් තමන් දැනුවත් කරේ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ද මුදල් යොදවා ඇති බව පවසමින්.
සුමේධ සංජීව කොළඹ

