අවුරුදු දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා දේශපාලනය, පාලනය කළ සම්ප්‍රදායික පක්ෂවල බලය අඛණ්ඩව පවත්වා ගෙන ආ විට, ජනතාව ගේ මනස තුළ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගුණු නො සතුට 2019–2024 කාලය තුළ විශාල දේශපාලන හැරවීමකට මග පෙන්වී ය. 2019 ජනාධිපතිවරණයේ දී 3% පමණ වූ ඡන්ද පදනමකින් ක්‍රියා කළ JVP නායකත්වය දරන මාලිමා සන්ධානය, කෙටි කාලයක දී රටේ දේශපාලන සිතියම මුළුමනින් ම වෙනස් කළ ආකාරය මෙහි විග්රහ කෙරේ.
කුරුඳු නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසරේ දී අමෙරිකානු ඩොලර් මිලියන 260ක (රු. කෝටි 8,000කට ආසන්න) ආදායමක් උපයා ගැනීමට හැකිවූ බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන අතර එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර පැවසුවේ, මේ වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 300ක ඉලක්කයකට ළඟාවීමට තම ආයතනය බලාපොරොත්තු වන බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනට පවත්වාගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට හේතුව ස්ථානමාරුවීම් නොවන බවත් රජය තම ඉල්ලීම් නෙතකා හරිමින් කටයුතු කරන බැවින් පෙබරවාරි 11 වෙනිදා රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොළඹට කැඳවීමට තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
