මතු පළ වන්නේ දීපචෙල්වන් ( බී. පිරතීපන්) ලේඛකයා ගේ කෘති රේගුව භාරයට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය යි.
දීපචෙල්වන් (බී.පිරතීපන්) ලේඛකයාගේ කෘති රේගුව භාරයට ගැනීම පිළිබඳවයිඉන්දියාවේ චෙන්නායිහි සිට ලංකාවට ආනයනය කරන ලද දීපචෙල්වන් ලේඛකයා ගේ කෘති 360ක් රේගු දෙපාර්තමේන්තුව විසින් රඳවා ගනු ලැබීමට අදාළව මේ වන විට සමාජ මාධ්‍ය ප්‍රමුඛ වෙනත් මාධ්‍යයන් තුළ විවිධ පුවත් පළවෙමින් තිබේ.මේ පුවත දැනගැනීමට ලැබුණු සැණින් ම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා හැකි කඩිනමින් මෙම ගැටලුව නිරාකරණය ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.එසේ ම අමාත්‍යවරයා පෞද්ගලිකව දීපචෙල්වන් ද අමතා ගැටලුව හැකි කඩිනමින් විසඳා දෙන බවට දැනුම් දී ඇත.ශ්‍රි ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය වශයෙන් අප ද මෙම පුවත අසන්නට ලැබුණු මොහොතේ සිට ම අමාත්‍යවරයා සහ අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරමින් දීපචෙල්වන් ලේඛකයා ගේ ගැටලුව නිරාකරණය කර දීමට හැකි සෑම පියවරක් ම ගත් බවද සඳහන් කරනු කැමැත්තෙමු.තව ද අපට දැනගන්නට ලැබුණු පරිදී මෙම කෘති රඳවාගැනීම සිදු කර ඇත්තේ රේගුව සතු බලතල යටතේ මිස ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය යටතේ නොවන බව ද සඳහන් කිරීමට කැමැත්තෙමු.ලේඛකයන් හා කලාකරුවන් ද ඇතුළු සමස්ත ජනතාවගේ ම භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරක්ෂිත කිරීම පිළිගන්නා අප, එම අයිතීන් නිරන්තරයෙන් උල්ලංඝනයට පාදක වුණ ආයතන ව්‍යූහයක් බොහෝ කාලයක් තිස්සේ පැවත ආ බව ද අවබෝධ කරගෙන සිටිමු.මෙබඳු මුද්‍රිත ප්‍රකාශන රඳවා ගැනීම් ආදිය සම්බන්ධව ඉදිරියේ දී වුව ආයතනිකව ඇතිවිය හැකි ගැටලුකාරී තත්ත්වයන් සමනය කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි අවධානය යොමුකොට ඇති බවද තවදුරටත් ප්‍රකාශ කරමු.කීර්ති වැලිසරගේ
සභාපති-
ශ්‍රි ලංකා කලා මණ්ඩලයකමල් පෙරේරා
සභාපති-
රාජ්‍ය සාහිත්‍ය අනු මණ්ඩලය
29/03/2026
මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ 29වන දින ය. අද වන විට අදාළ කෘති තොගය නිදහස් කර ඇති ද නැද්ද යන්න අපි තවමත් නොදන්නෙමු. කෙසේ වෙතත් මෙහි සඳහන් වන අන්දමට මෙම කෘති තොගය රේගුවෙහි රඳවාගෙන ඇත්තේ රේගුව සතු බලතල අනුව ය. එනම් දෙමළ බසින් ලියූ පොත් හෝ වෙනත් භාෂාවකින් ලියූ පොත් තොගයක් එම පොත් නොකියවා ම රඳවා තබාගන්නට රේගුවට බලයක් ඇතිදැයි දැනගැනීමට කැමැත්තෙමු.

සබැඳි පුවත්
දීපචෙල්වන්ට ලිවීමේ අයිතිය අහිමි ද?; සංස්කෘතික අමාත්‍යවරයා ගේ අවධානයට

