Image

ජන ජීවිතය සුරක්ෂිත කිරීමට වහාම පියවර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලයි

ජන ජීවිතය සුරක්ෂිත කිරීමට වහාම පියවර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල වහලුන් බව පත් නොවී වහාම ජනජීවිතය සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (01) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එම ප්‍රකාශයේ වැඩි දුරටත් අදහස් දක්වන විපක්ෂ නායකවරයා...

වහා ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කරන්න

''දිනෙන් දින අප රටේ ජනතාව ගේ අනාරක්ෂිතභාවය වර්ධනය වෙනවා. තෙල් මිල සහ විදුලි බිල ද නැවත වරක් ඉහළ දැමීමේ සූදානමක් පවතිනවා. මේ නිසා ලක්ෂ 220ක් ජනතාව අසීමිත පීඩනයකට කම්පනයකට අසහනයකට ලක් වෙමින් සිටිනවා. ජන සමාජයේ අවදානමට ලක් වූ දරුවන්, ළදරුවන් සහ මව්වරුන් වෙනුවෙන් විශේෂිත වැඩසටහනක් රජය ක්‍රියාත්මක කළ යුතු යි. යුනිසෙෆ් සංවිධානය සමග කඩිනම් සාකච්ඡාවක් පවත්වා විශේෂිත වූ සුබසාධන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිනවා. රජය කොපමණ කිව්වත් බරපතළ පොහොර හිඟයක් ඇති වෙමින් යන නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමග සාකච්ඡා කර කෘෂිකර්මාන්තයේ නියැළී සිටින, වී ගොවිතැන, බඩඉරිඟු තේ ඇතුළු හැම භෝග වගාවකට ම අවශ්‍ය යෙදවුම් ලබා දීමේ වැඩපිළිවෙළක් සඳහා යොමු වන්න. අද වන විට බීජවල හිඟතාවක් පවතිනවා. යූරියාවල බරපතළ හිඟයක් පවතිනවා. කන්නය අවසන් කරන ගොවියන්ට අවශ්‍ය ඉන්ධන නොලැබෙන බවත් තවත් නොබෝ දිනකින් යල කන්නය ආරම්භ වුවත් ඒ සඳහා අවශ්‍ය ඉන්ධන ලැබෙන්නෙ නැහැ. භෝගවලට සහතික මිලක් නොමැති වීම නිසා ගොවියා කුණු කොල්ලයට අස්වැන්න අලෙවි කිරීම නිසා සමස්ත කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය බරපතල කඩා වැටීමට ලක්ව ඇති නිසා දැන්වත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කර කෘෂිකර්මාන්තය ගොඩනැගීමට අවශ්‍ය ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා.

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන්න

එසේම ධීවරයින්, කර්මාන්ත ක්ෂේත්‍රය සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ආර්ථියකට දායකත්වය ලබා දෙන සියලු කොටස් කඩාවැටි ඇති මොහොතක නිදිමරගාතේ නොසිට අසහනයට පත් රටේ ආර්ථිකයට සවියක් වන ජනතාව වෙනුවෙන් සමස්ත සුබසාධන ජාතික සැලසුමක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා. තවත් දින කිහිපයකින් අලුත් අවුරුද්දට කර්මාන්තශාලා වැසෙන නිසා අලුත් අවුරුද්දෙන් පසුව මේ කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පදනම සකස් කිරීම රජයේ වගකීමකි. පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු යි. ආබාධිත ප්‍රජාව, වැඩිහිටි ප්‍රජාව අවදානමට ලක්වූ කොටස් ආදී සෑම පුරවැසියකු ම ආරක්ෂා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු යි. රටේ ආර්ථික ශක්තිය පවත්වාගෙන යාමට වර්ධනය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මේ රටේ ජනතාව ගේ මානව අයිතිය සුරක්ෂා කිරීම රජයේ වගකීමක්. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව ජනතාව ගේ: ආර්ථික, සමාජීය, සුබසාධන, අධ්‍යාපන, සෞඛ්‍ය, සුබසාධන, ධීවර ආදී සෑම අයිතියක්ම ආරක්ෂා කිරීමට රජය පියවර ගත යුතු යි. මේ අර්බුධයෙන් ජනතාව රැකගැනීමේ වගකීම සහ වගවීම ඇත්තේ රජය සතුව යි. විපක්ෂයක් ලෙස කළ හැකි උපරිම වැඩපිළිවෙළ විපක්ෂයක් ලෙස ඉටු කිරීමට සූදානම්.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න