Image

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ තේ වගා නොකරන ඉඩම් කොටසක් පාරිසරික කලාපයක් ලෙස නම් කිරීමේ යෝජනාවක්

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ තේ වගා නොකරන ඉඩම් කොටසක් පාරිසරික කලාපයක් ලෙස නම් කිරීමේ යෝජනාවක්

හන්තාන පරිසර ආරක්ෂණ කලාපයේ පිහිටි ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු ඉඩම් කොටසක් පරිසර හිතකාමී කලාපයක් වශයෙන් නම් කිරීමේ යෝජනාවක් හන්තාන පාරිසරික ආරක්ෂක ප්‍රදේශ කළමණාකරණ කමිටුවට ඉදිරිපත් වී ඇත.

තේ හෝ වෙනත් ආර්ථික භෝගයක් නොමැති නමුත් ජල මූලාශ්‍රවලින් සමන්විත ප්‍රදේශයක් මේ සඳහා යෝජනා වී ඇති අතර ජල මූලාශ්‍රය ඇතුළු පරිසරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ හන්තාන කලාපයේ වතු අධිකාරී දුමින්ද රුවන් කුමාර පැවසී ය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ගේ අනුමැතිය මත අක්කර 05කට අධික භූමි ප්‍රමාණයක් මේ සඳහා ලබා දීමට යෝජනා කරන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මෙම කොටස පාලනය වන්නේ නම් අනවසර ඉඩම් අත්පත් කර ගැනීම් ආදිය මෙම කොටසට සිදු නොවන බව ද වතු අධිකාරීවරයා සඳහන් කළේ ය.

මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ ගේ ප්‍රධානත්යෙන් පැවැති මෙම රැස්වීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ එම්.එම්.ඒ.අයි.ජානක, මහනුවර දිස්ත්‍රික් දිසා වන නිලධාරී සුරංගිකා හේරත් ඇතුළු පිරිසක් සහභාගීවූහ.

nadeeka daya

 

 

 

 

 

නදීක දයා බණ්ඩාර - මහනුවර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න