ඇප මත මුදා හැර සිටින සැකකාර රාජාංගනය සද්ධාරතන හිමි මහේස්ත්‍රාත්වරයා හමුවීමට අවසර ඉල්ලා ඇති බවත් මහේස්ත්‍රාත්වරයා හමුවීමට හැක්කේ විවෘත අධිකරණයේ පමණක් බවත් උපදෙස් ලබා දෙන ලෙස සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන දැනුම් දුන්නේ ය.
සැකකාර හිමිනම තමන් හමුවීමට අවසර ඉල්ලා ඇතැයි කියමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස පැවැසී ය.
එමෙන්ම රාජාංගනය සද්ධාරතන හිමි ගේ ඇප අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බැලීම ලබන ජූනි මස 24 තෙක් කල් තබන ලෙස අද 20 මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එම නියෝගය තමන් හමුවේ සිදු කිරීමට එකඟ ද යන්න මහේස්ත්‍රාත්වරයා විමසා සිටි අතර ඊට එකඟ බව සැකකාර හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දන්වා සිටියේ ය.
සමාජ මාධ්‍ය ඔස්සේ අශිෂ්ට අසභ්‍ය වචන භාවිතා කරමින් ඇප කොන්දේසි කඩ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළ ඉල්ලා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
