ජීවිත තර්ජන හේතුවෙන් අධිකරණයට පැමිණීමට නොහැකි යැයි පවසමින් ගෝඨාභය රාජපක්ෂ කරන්නේ සම්පූර්ණ බොරුවක් බවත්, ඔහු මේ උත්සහ කරන්නේ අධිකරණය මගහැරීමට බවත්, ඒසේ කරන්නේ ලලිත් සහ කුහන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සඳහා ඔහු පැහැදිලිවම සම්බන්ධ බැවින් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසී ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනා දෙකක් අද (05) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙරට පුද්ගලික නීති පද්ධතියේ පවතින අඩුපාඩු මඟහරවා ගනිමින් පුරවැසියන් ගේ, විශේෂයෙන් ම කාන්තාවන් ගේ සහ දරුවන් ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙමගින් අපේක්ෂා කරන බව යෝජනාවේ සඳහන් ය.ෑ
මාලිගාවත්ත වකුගඩු රෝහලෙහි නියෝජ්‍ය අධ්යක්ෂවරයාට එරෙහි විමර්ශනය බලපෑම්වලින් තොරව සිදු කිරීම සඳහා එම රෝහලෙන් ඉවත් කරන්නැයි තම සංගමය ඉල්ලා සිටිය ද ඒ පිළිබඳ සාධනීය පිළිතුරක් හෝ වැඩ පිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවූ බැවින් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත 'කඩිනම් අවධානය පිණිස' ලිපියක් යොමු කර ඇති බව එම සංගමය සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
