ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය අතර ක්ෂණික සටන් විරාමයක් ස්ථාපිත කරමින් අත්සන් කළ අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකාව බෙහෙවින් අගය කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අවස්ථාවක් සැපයීම ඇතුළුව, මෙම සටන් විරාමය, ගැටුම් අවම කිරීම සහ දිගුකාලීන කලාපීය සහ ගෝලීය ස්ථාවරත්වය සඳහා අනුගමනය කළ සැලකිය යුතු පියවරක් වේ. රාජ්‍යතාන්ත්‍රිකභාවය තුළින් ආරවුල් සාමකාමීව විසඳීමට ශ්‍රී ලංකාව උනන්දුවෙන් යුතුව සහාය දක්වන අතර මෙම පියවර කලාපය පුරා තිරසාර සාමයක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරයි.
මෙම ගිවිසුමේ මැදිහත්කරුවන් ලෙස ක්‍රියා කළ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයට සහ කටාර් රාජ්‍යයට, ඔවුන් ඉටුකළ වැදගත් භූමිකාව වෙනුවෙන් සහ මෙම සාර්ථක රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිඵලයට ළඟා වීමට සහාය වූ සියලු ම පාර්ශ්වකරුවන්ට ශ්‍රී ලංකාව සිය අවංක කෘතඥතාව පළ කරයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
