Image

“නිර්මාණකරණය හා රසාස්වාදය” සාහිත්‍ය වැඩමුළුව 2026

“නිර්මාණකරණය හා රසාස්වාදය” සාහිත්‍ය වැඩමුළුව 2026

නවක ලේඛක ලේඛිකාවන් ගේ සාහිත්‍ය නිර්මාණකරණය වර්ධනය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා කලා මණ්ඩලය අනුග්‍රහයෙන් ''නිර්මාණකරණය හා රසාස්වාදය'' යන මැයෙන් වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

සිංහල සහ දෙමළ භාෂා මාධ්‍යවලින් 2026 ජූලි මස 26 වනදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණඩලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන මෙම වැඩමුළුවට සහභාගි වීමට කැමති නවක ලේඛක ලේඛිකාවන් තම ලේඛන කටයුතු පිළිබඳ කෙටි හැඳින්වීමක් ද සමග (පොත් පළ කර ඇත්නම් සහ ජාතික මට්ටමේ තරගවලින් ජයග්‍රහණ ලබා ඇත්නම්, ඒවා ද සඳහන් කර) නම, ලිපිනය, වයස හා වට්ස්ඇප් අංකය ද සහිත තමන් විසින් ම සකස් කෙරුණු අයදුම්පතක් 2026 ජූලි මස 15 වනදාට පෙර පහත දැක්වෙන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන්න.

අයදුම්කරුවන් අතරින් සිංහල මාධ්‍යයෙන් 50දෙනකු සහ දෙමළ මාධ්‍යයෙන් 25 දෙනකු වැඩමුළුවට සහභාගි කරගන්නා අතර එම කණ්ඩායම තෝරාගැනීම ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ නිර්ණායක යටතේ සිදු කෙරේ.

වැඩමුළුව පිළිබඳ වැඩිමනත් විස්තර තෝරාගත් අයදුම්කරුවන්ට පසුව දැනුම් දෙනු ලැබේ.

අයදුම් පත් ඉදිරිපත් කළ යුතු ලිපිනය

ලේකම්,
ශ්‍රී ලංකා කලා මණ්ඩලය,
දෙවන අදියර,
4වන මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න