V2025

පුවත්

2025 සිට 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයේ සංශෝධනයක්

2025 වසරේ සිට පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අධ්‍යාපනයේ සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි විනිවිදභාවයෙන් යුතුව සහ අක්‍රමිකතා අවම වන අයුරින් මෙම සංශෝධනය සිදු කරන බව රජය පවසයි.

ඒ අනුව, පසුගිය වර්ෂයන්හි ලැබූ අත්දැකීම් මත පදනම්ව දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමටත් එකී සංශෝධිත චක්‍රලේඛ උපදෙස් පරිදි 2025 වර්ෂය සහ ඉන් ඉදිරි වර්ෂයන් සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමටත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

අවසන් මානුශික මෙහෙයුමේ නිහඩ සැබෑ සෙන්පතියා යුධ හමුදාවේ දෙවැනි පුටුවට

ජයග්‍රාහී යුද්ධය සදහා පියවරු දහසකි. එහෙත් නිහඩවම උපන් බිම වෙනුවෙන් සිය බොහෝ යුතුකම් මැනවින් ඉටු කලසැබෑ විරුවන් රාශියක් නිහඩවම යුධ හමුදාවෙන් සමුගෙන හෝ විශ්‍රාම ගොස් ඇති බව කිවහොත් එය ජාතිහිතේශී දේශමාමක් ඔබට අතිශයෝක්තියක් නොවන වේදනාත්මක පුවතක් වනු ඇත.

එහෙත් එය සැමදා එසේම නොවන් අතර එවන් නිහඩ ජාතිහිතේශියකු වෙත සාධාරණය ඉටුවූ විරල අවස්ථාවක් ඊයේ දින උදා වූ බව සොම්නස් සිතින් පවසන්නේ සැබෑ ශ්‍රී ලාංකික ඔබගේ මුවට මදහසක් සමග සිතටත් සොම්නසක් ගෙන එමිනි. මා ඒ පිලිබදව සටහන් කරන්නේ අභිමානයෙන් හා ආඩම්බරයෙනි.

ඔහු නමින් මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ ආර් ඩබ්ලිව් පී, ආර් එස් පී, එන් ඩී යූ, පී එස් සී, වන අතර ඔහු ඊයේ දිනයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාන්ඩලික ප්‍රධානී ලෙස පත් කර ඇත.

සැමවිටම නිහඩ එහෙත් ප්‍රථාපවත් සිනාවකින් මුව මඩල පුරවා ගෙන සිටින මහත්මයෙමයෙකු සහ හොද සවන් දෙන්නෙකු ලෙස ප්‍රකට මෙම නිශ්ශබ්ද වීරෝධාර සෙන්පතියාගේ අවසන් යුධ දායකත්වය කෙසේ වේද ?

එදා නන්දිකඩාල් කලපුවේදි ප්‍රභාකරන් නැමැති කුරිරු ත්‍රස්තවාදියා විනාශ කරන තුරු මෙම යුද්ධය සදහා නැවතීමේ තිත තැබිය බොහැකි බව එවකට සිටි බොහෝ දේශපාලන නායකයන්, ආරක්ශක ලේකම් වරුන් සන්නද්ධ හමුදාප්‍රධානීන් හා දැන් සිටින ආරක්ශක ලේකම්වරුන් සන්නද්ධ හමුදා ප්‍රධානීන් ප්‍රකාශ කලත් ප්‍රභාකරන්ගේ අවසන් මොහොත ලගා කරදුන් ඒ වීරෝධාර බලඇනියේ අනදෙන නිලධාරි ලෙස භූමියේ යුද්ධය සදහා සැබැවින්ම අනදුන්නේ එවකට ලුතිනන් කර්නල් වරයෙකු වූ විජයබාහු පාබල බල ඇනියේ අනදෙන නිලධාරී වූ මෙතුමන් විසිනි. ඔබ සැම උද්වේගයෙන් නැරබූ ප්‍රභාකරනගේ අවසන් චායාරූපයේ දැක්වෙන වෙඩි සලකුනු සිදුකල ජයග්‍රාහී උන්ඩය ඒ නම හෙලිනොකල නාදුනන සොල්දාදුවාගේ අවියෙන් එල්ල ඌයේ මෙතුමන්ගේ අන පරිදි වන අතර මෙහි වැදගත්ම සාධකය වන්නේ එදා එසේ අවසන් වූ ජයග්‍රාහී යුද්ධය සදහා අයිතිකාර පියවරුන් රාශියක් සිටියත් ඒ කිසිවකට අයිතිය කීමට හෝ පුවත්පත් ප්‍රසිද්ධිය ලබා ගැනීමට උත්සුක නොවූ මේ නිහඩ අභිමානවත් නිලධාරියා අදටත් එසේම නිහඩව සිටීමයි.

බදවාගැනීම් අංක 31 යටතේ 1988 ජුල්‍ය් මස26 වනදින ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත එක්වෙන මේ වීරෝධාර සෙන්පතියා ඉන්දීය යුධහමුදා ඇකඩමියෙන් මූලික පුහුනුව ලබා 1990 ඔක් 05 වන දින දෙවනලුතිතන්වරයෙකු ලෙස පස්වන විජයබාහු පාබල හමුදාව වෙත ඇතුලත් වේ.

චීනයේ ජාතික ආරක්ශක විශ්ව විද්‍යාලය වෙතින් සිය මූලික හා පශ්ශාත් උපාධිය ලබා ගන්නා මෙම නිලධාරී මේ වන විට යුධ හමුදාවේ ඇති සියලුම වැදගත් හා ප්‍රභල තනතුරු සියල්ල හොබවා මේවන විට ආරක්ශක සේනා මධ්‍යම ආඥාපති ලෙස රාජකාරී කරන අතර විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරී කරයි.

කුඩා සොල්දාදුවාගේ දුක සැප නිතරම නිහඩව සොයා බලමින් සියලු ප්‍රශ්න සදහා සද්භාවී සාධාරන උත්තර අප්‍රමාදව ලවා දෙන රහසින්වත් හොරකමක් නොකරන මහත්මයෙකු ලෙස ප්‍රසිද්ධ මෙතුමාගේ බොහෝ දෙනෙකුඅගය කරන ගුනාංගය වනුයේ නිහඩ චාම් දිවි පෙවතයි.

තරුන නිලධාරී පාඨමාලාව පකිස්තානය , නිලධාරී ප්‍රවාහන කලමනාකරන පාඨමාලාව ඉන්දියාව කනිශ්ඨ නිලධාරී පාඨමාලව ඉන්දියාව , පාබල බලඇනි අනදෙන්නන්ගේ පාඨමාලාව චීනය, ජාතික ආරක්ශක විශ්ව විද්‍යාල උපාධි පාඨමාලාව චීනය වැනිවිදේශ පාඨමාලා රාශියක් හදාරා ඇති එතුමා එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජාකාරීන් හීදී දැක්වූ කුසලතාවයන් නිසා විදෙස් පැසසුමට ලක් වූ අයෙකි.

මේ වන විට ශ්‍රී ලංකා යුධ හමුදාව තුල වීරෝධාර හා සේවා පදක්කම් 15 කට් අධික ප්‍රමානයක් හිමිකර ගෙන ඇති අතර රට වෙනුවෙන් තුවාල ලැබීමේ හේතුව මත දේශපුත්‍ර සම්මානයෙන් කිහිප වරක් පිදුම් ලබා ඇත. එසේම සතුරා අභිමුවෙහි සිය ජීවිතය පවා පරදුවට තබා සිදුකල අති විශිශ්ඨ කැපවීම වෙනුවෙන් රන වික්‍රම පදක්කමින් හා සතුරා හමුවේ සිදුකල වීර ක්‍රියා අගය කිරීම වෙනුවෙන් රන ශූර පදක්කමින් කිහිප වරක් පිදුම් ලබා ඇති බැව් සිහිපත් කරන්නේ අ භිමානයෙන් හා ආඩම්බරයෙනි.

කලකට පසු නිහඩ නිහතමානී සැබෑ වීරෝධාර සෙන්පතියෙකු වෙත ලබාදුන් විශිශ්ඨ තනතුරු අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැකි අතර මෙම නව තනතුර හේතුවෙන් ඔබ කිසිදා උදම් අනන්නේ නැති බැව් අපි එදා යුධ බිමේ සිටි පුවත්පත් කලා වේදීන් ලෙස හොදින්ම දනිමු.

කර්මාන්තකරුවන්ට මූල්‍ය සහාය ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක්

මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

එම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිෂමක් ඇති කරන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම වෙනුවෙන් “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් පිහිටුවන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 (International Industry Expo 2024) ප්‍රදර්ශනය අද (19) පෙරවරුවේ විවෘත කරමිනි.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ උපදෙස් පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය අද සිට ජූනි 23 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

විවිධ රටවල් නියෝජනය කරමින් ජාත්‍යන්තර කර්මාන්ත ව්‍යවසායකයින් මෙන්ම දේශීය මහාපරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දහසකට අධික පිරිසක් මීට එක්ව සිටියි. මෙය ප්‍රදර්ශන කුටි 1307කින් සමන්විත අතර හරිත කර්මාන්ත කලාපයක් ලෙස වෙනම පරිශ්‍රයක් පළමු වරට ප්‍රදර්ශනයට එක් කර තිබීම විශේෂත්වයකි. මෙම ප්‍රදර්ශන කාලය තුළ හරිත කර්මාන්තකරණය පිළිබඳ පර්යේෂණාත්මක විද්වත් සමුළුවක් ද පැවැත්වෙයි.

පීත්ත පටිය කපා “ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024” ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනය නැරඹීමට ද එක් විය.

Ceylon Plaza පරිගණක යෙදුම හඳුන්වාදීම ද මීට සමගාමීව සිදු කෙරිණි.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළේ රටේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන සෑම කටයුත්තකදීම අධිකරණයට යාමට ඇතැමුන් පුරුදු වී ඇති බවයි. එසේ කිරීමෙන් රට සංවර්ධනය කළ නොහැකි බවත්, ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත් ජනධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙහිදී සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය,

රමේෂ් පතිරණ අමාත්‍යතුමා මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරනවා. එහි එක් පියවරක් ලෙස මෙම කර්මාන්ත ප්‍රදර්ශනය හඳුන්වාදිය හැකියි. මෙය මෙරට පැවැත්වෙන විශාලම ප්‍රදර්ශනයයි.

පසුගිය කාලයේ දී අප රට බංකොළොත් රටක් බවට පත්ව තිබුණා. නමුත් ඉදිරි සති කිහිපය තුළ අප එම බංකොළොත් රටක් යන ලේබලයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. ඊට අදාළ ගිවිසුමටද ඉදිරි සති කිහිපය තුළ එළැඹිමට නියමිතයි. මේ සමඟ පුද්ගලික ණයකරුවන් සමඟ සාකච්ඡා කිරීමත් පහසු වෙනවා. එසේනම් වසර දෙකක කාලයක් තුළ අප මෙම කටයුත්ත සිදු කර තිබෙනවා.
නමුත් අපට මෙයින් සෑහීමකට පත් විය නොහැකියි. අප මෙම ණය නැවත ගෙවන්නේ කොහොමද කියා අවධානය යොමු කළ යුතුයි. අප දීර්ඝ කාලයක් තිස්සේ ලබා ගත් ණය ආපසු ගෙවිය යුතුව තිබෙනවා. ඒ සඳහා 2042 වසර වන තෙක් කාලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම අප ආනයන ආර්ථිකයක් නිසා ආනයන වෙනුවෙන් මුදල් ගෙවිය යුතුයි. ඒ සඳහා අපට විදේශ විනිමය නැහැ. ඒ නිසා නැවත ණය ගැනීමට සිදු වෙනවා. මෙම ක්‍රමය ක්‍රියාත්මක කළහොත් තවත් වසර 15-20කින් අපට නැවතත් ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා අප අපනයන ආර්ථිකයක් බවට පරිවර්තනය වීමට කටයුතු කරමින් සිටිනවා.

අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය වීමේදී නිෂ්පාදන ආර්ථිකයට ප්‍රධාන තැනක් හිමි වෙනවා. එහිදී නිර්මාණය වන ආර්ථිකය තරගකාරී මෙන්ම ඩිජිටල් ආර්ථිකයක් විය යුතුයි. ඒ වගේම කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ ගෝලිය ඉලක්කය කරා ගමන් කිරීමේ දී හරිත ආර්ථිකයක් බවට ද අප පරිවර්තනය විය යුතුව තිබෙනවා. මෙම රාමුව තුළ අප කටයුතු කළයුතුයි.

එහිදී පළමු කාර්යය ලෙස අප දැනට තිබෙන කර්මාන්ත එම සැලසුම් ඔස්සේ ඉදිරියට ගෙන ආ යුතුයි. එක රැයකින් කිසිවෙකුට තරගකාරිත්වයක් ඇති කරන්න බැහැ. අපේ අසල්වාසි රටවන ඉන්දියාවේ මේ වන විට විශාල කර්මාන්ත දියුණුවක් සිදු වෙමින් තිබෙනවා. තමිල්නාඩු, තෙලගනා, ආන්ද්‍රා ප්‍රදේශවල එම දියුණුව ඇතිව තිබෙනවා. අපත් ඒ සමග සම්බන්ධ විය යුතුයි. ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමග මේ හා සම්බන්ධව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පළමුව සිදු කළ යුත්තේ කර්මාන්ත තරගකාරී තත්ත්වයට ගෙන ඒමයි. ඒ පිළිබඳ රජයෙන් ලබාදිය යුතු සියලු සහයෝගය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීම වෙනුවෙන් සංවර්ධන බැංකුවක් ඇති කිරීමට අප සාකච්ඡා කරමින් සිටිනවා. 1960දී අපට DFCC බැංකුව තිබුණා. ඒ වගේම 1980දී NDB බැංකුව ආරම්භ කළා. පුද්ගලීකරණයෙන් පසු මේ බැංකු දෙකම අපේ රටේ තිබෙන ප්‍රධාන වාණිජ බැංකු බවට පත්ව තිබෙනවා. විශේෂයෙන් එදා මේ බැංකු නොතිබුණා නම් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඇගළුම් කර්මාන්ත ශාලා 200 වැඩසටහන සාර්ථක වන්නේ නැහැ. ඒ නිසා අලුත් බැංකුවක් ආරම්භ කිරිමට අප අපේක්ෂා කරනවා.

එහිදී පොලි අනුපාතය අඩු මට්ටමක තබාගත යුතුයි. ඒ වගේම මෙම කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ආර්ථික කොමිෂමක් ද ඇති කරනවා. අනෙකුත් මධ්‍යම පරිමාණ සහ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා නමින් අලුත් ආයතනයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රටේ සියලු කර්මාන්තකරුවන්ට සහාය ලබාදීම වෙනුවෙන් මේ ආයතන පද්ධතිය නිර්මාණය කරනවා. ඊළග වසර 05 – 10 තුළ අප මෙම මාර්ගයේ ඉදිරියට ගමන් කළයුතුයි.

ඒ වගේම බංග්ලාදේශය, මියන්මාර්ය වැනි රටවලට ගොස් එහි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට අපට අවශ්‍ය නම් ඒ පිළිබඳවද ඉදිරියේදි අවස්ථාව ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අපේ ප්‍රතිපත්තිය මෙයයි. මේ කටයුතු සිදුකරන අතරම අප ඉන්දියාව සමගත් වැඩකටයුතු කරගෙන යනවා. මම ඒ පිළිබඳ නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වගේම හෙට ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමඟත් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙරට සූර්ය බලය සහ සුළං බලය භාවිතා කිරීම සහ හරිත හයිඩ්‍රජන් ලබා ගැනීම පිළිබඳ ඉන්දියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. උතුරු මුහුදේ එම වාසිය ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. අදානි සමාගම ලංකාවට පැමිණියේ එහි පළමු පියවර ලෙසයි. අප මෙම නව මාර්ගයේ ගමන් කළයුතුයි.

නමුත් හැම කටයුත්තකදීම අධිකරණයට යාමේ සිරිතක් අපේ රටේ ඇතැම් අයට තිබෙනවා. එහි වාසිය ලැබෙන්නේ නීතිඥයන්ට පමණයි. අධිකරණයට ගිය පමණින් රට සංවර්ධනය කරන්න බැහැ. අපේ ජාතික ප්‍රතිපත්තිය අනුව අප ඉදිරියට යා යුතුයි. මෙම කර්මාන්ත ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සියලුදෙනා සාකච්ඡා කර නව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස මා කර්මාන්ත අමාත්‍යවරයාට උපදෙස් දී තිබෙනවා. එම කටයුතු ශක්තිමත් කිරීම වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

2022 වසර ශ්‍රි ලංකාවට ආර්ථික වශයෙන් ඉතාමත් අපහසු වසරක් වුණා. නමුත් මෙරට සියලු කර්මාන්තකරුවන් විවිධ බාධක මැද වුවද කර්මාන්ත ක්ෂේත්‍රය නගා සිටුවීමට කටයුතු කිරීම මම ඉතා අගය කරනවා. ඒ වෙනුවෙන් ජාතියේ ප්‍රණාමය ඔවුන්ට හිමිවිය යුතුයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර්මාන්ත අමාත්‍යවරයාව සිටියදී මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමට විශාල වැඩකොටසක් ඉටු කළා. ඇගළුම් කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට එතුමා විශාල කැපවීමකින් කටයුතු කළා.

මේ වන විට ශ්‍රී ලංකාවේ අපනයන බහුතරය සීමා වී තිබෙන්නේ ඇගළුම් අපනයන සහ වැවිලි කර්මාන්තයට සම්බන්ධ නිෂ්පාදනවලින් පමණයි. නමුත් රටක් ලෙස අපට ඉදිරියට යාමේදී ආහාර තාක්ෂණය, ඖෂධ නිෂ්පාදනය,අසුරුම්කරණය, මෝටර් රථ එකලැස් කිරීම් ඇතුළු අංශ ගණනාවක විශාල විභවයක් තිබෙන බව මෙම ප්‍රදර්ශනය තුළින් පිළිබිඹු වෙනවා. ජාතියක් ලෙස අප තුළ තිබෙන මෙම ශක්තිය ඉදිරියට ගෙන යාමට අප කටයුතු කළ යුතු අතර ජනාධිතිපතිතුමා ඒ පිළිබඳ විශේෂ අවධානයකින් කටයුතු කරන බව කිව යුතුයි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සම්පත් අතුකෝරල, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත ගුණරත්න මහීපාල, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් එච්. එම්. එස්. සමරකෝන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද ශ්‍රී ලංකා එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරුන් ද විදෙස් තානාපතිවරුන්, සංස්ථා මණ්ඩල සභාපතිවරුන්, අනුග්‍රාහක සමාගම්වල නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වාහන tune up දන්සලක්

පොසොන් පොහොය නිමිත්තෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් වාහන සුසර කිරීමේ (tune up) දන්සැලක් අද (19) ආරම්භ කරන ලදී.

අද සහ හෙට (20) නාරාහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මෙය පැවැත්වෙයි.

යතුරුපැදි, ත්‍රීරෝද රථ නොමිලේ සුසර කරදීම මෙහිදී සිදු කෙරෙයි.

"මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ  මෙම අවස්ථාවට එක්වෙමින් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් ඇත්තේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය අනුව ක්‍රමානුකූලව තම රථය සුසර කර ගැනීමට ඔවුන් උනන්දුවන්නේ නැහැ. එමගින් නිකුත් වන විෂ දුම පරිසරයට ඉතා හානි කරයි. ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම මෝටර් රථ අලුත්වැඩියා කරන්නන් යොදාගෙන මෙම වැඩසටහන සිදු කරනවා."

නතාෂා සහ බෲනෝ නිදහස්

ආගමික සහජීවනයට බාධා කළ හා බෞද්ධ ආගමට අපහාස වන ලෙස ප්‍රකාශ සිදු කළ බවට චෝදනා ලැබ සිටි නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට එරෙහිව තිබූ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (ජූනි 19) නියෝග කර තිබේ.

මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන්ව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත.

“මෝඩාභිමානය” නමින් වැඩසටහනක් සංවිධානය කර එම වැඩසටහන අතරතුරදී බෞද්ධ ආගමට අපහාසයක් සිදුවන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

සිංහල රාවය ඇතුළු සංවිධාන කිහිපයක පැමිණිලි මත සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCRP) යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදා හැරිණි.

nata buno

නව සන්ධානය ඇතුලේ රාජපක්ෂ විරෝධය උග්‍ර වෙලා !

මැතිවරණය  සඳහා කෙමෙන් කෙමෙන් දින ළං වෙමින් ඇති බව හැඟවෙන දේශපාලන ක්‍රියාන්විත රැසක්  ආරම්භ වෙලා.

සැලකිය යුතු පිරිසක් සිය දේශපාලන නවාතැන මොකක්ද කියලා තීරණය කරගෙන වැඩ පටන් අරගෙන . ඒත්  තම කඳවුරු සහාය දක්වන්නේ කාටද කියලා  එළිපිට කියන්න ඒ කිසිවකු සූදානම් පාටක්  නෑ .

සජබ - මාලිමාව වගේ ප්‍රධාන දේශපාලන කඳවුරු කිහිපයක් පමණක් සිය අපේක්ෂකයන් නම්  කර තබා ඉදිරියට පැමිණෙමින් සිටිනවා.. එහෙත් ආණ්ඩු පක්ෂය සිය අභිප්‍රාය පිළිබඳ එකඟතාවක් නිර්මාණය කර ගැනීමට තවදුරටත් අසමත්ව සිටිනවා .

ජනාධිපති රනිල් , ජනාධිපතිවරණයට  එනවද නැද්ද කියලා , තාම තියෙන්නේ  දෙගිඩියාවක්..

පොහොට්ටුවේ රාජපක්ෂලා , ජනාධිපති මොකක්ද කියන්නේ බලාගෙන  හීන් සැරේ ධම්මිකව ෆෝම් කරනවා.

ජනාධිපතිවරණය දිනන්න රාජපක්ෂලාගේ සහය නැතුව බෑ කියලා , UNP එකේ වජිරලා, රවීලා  එකහෙලා කියද්දී , අනුරයාපාලගේ අලුත් සන්ධානේ කට්ටිය නම් කියන්නේ, රනිල් ගේ වේදිකාවට රාජපක්ෂලා නැග්ගොත් ලොක්කා  කපෝතියි කියලා .

බැසිල්ලව පැත්ත පළාතේ වැද්ද ගන්න එපා කියලයි , නිමල් ලන්සලා පහුගිය දවස්වල එළිපිටම කිව්වේ..

පොහොට්ටුවෙන් නාමල් ඉල්ලුවොත් , ජනාධිපති රනිල්ට වඩාත් වාසිදායකයි කියලයි ලන්සලා ගණන් බලලා තිබුනේ..

'' රාජපක්ෂ විරෝධය රට පුරාම දරුණුවට තියනවා.. ඒ නිසා ජනධිපතිවරණයේදී පොහොට්ටුවේ සහය ගත්තත් , ජනාධිපතිතුමා ඉන්න වේදිකාවට රාජපක්ෂලාව ගත්තොත් ඔන්න අපි නෑ  කියලයි ලංසලා - අනුරයාපලා පහුගිය ටිකේම කිව්වේ..

බම්බලපිටියේ ලෝරිස් ලේන් එකේ තියන සුපිරි බිල්ඩිමේ පවත්වාගෙන යන ජනාධිපති රනිල්ගේ කැම්පේන් ඔෆිස් එකේ   ජුනි 17 තිබුන දීර්ඝ සාකච්ජාවකින් පස්සේ අනුර යාපලා තීන්දුවක් අරගෙන..

'' ජනාධිපතිතුමාට , රාජපක්ෂලාගේ සහය නැතුව දිනන්න බෑ කියලා  අපේ සමහරු තර්ක කරන්න පටන් අරගෙන. අපි අපේ මතේ පැහදිලිව කියල තියෙන්නේ.

රාජපක්ෂලා අපේ ජනාධිපතිතුමාගේ කැම්පේන් එකේ ඉන්නවනන් සජබේ මන්ත්‍රීලා අපේ පැත්තට එනවා බොරු.. කොහොම වුනත් දැන් අපි මාස දෙකතුනක් ඔය ගැන වාද කරනවා. මේක කාලය නාස්ති කෙරිල්ලක්.. ඒ නිසා අපි අපේ පැත්තෙන් තීන්දුවක් ගන්නවා.. '' - අලුත් සන්ධානේ නායක අනුරයාපා කියලා .

''ඇයි මොකක්ද කරන්න හදන්නේ ? ' - සමහරු අහලා  තිබුනේ තිගැස්මකින්.. උත්තර දීලා  තිබුනේ ලන්සා..

'' රාජපක්ෂලා , ජනාධිපතිතුමාට සහය දක්වන්න තීන්දු කලොත් අපි මීට  පස්සේ ඒකට  බාධා කරන්නේ නෑ . හැබැයි, රාජපක්ෂලා එන රැස්වීම් වලට අපි සහභාගී වෙන්නේ නෑ . ..රාජපක්ෂලා එන වේදිකාවකට එන්නෙත් නෑ .. 2015 දී ජවිපෙ කෙරුවා වගේ පිටින් ඉඳන් අපි ජනාධිපතිතුමාට සහය දෙනවා. ඒකේ කිසිම අඩුවක් වෙන්න දෙන්නේ නෑ. අපිටත් ඕන කොහොම හරි ජනාධිපතිතුමාව දිනවන්න '' - ලන්සා තමක් හැඟීම්බරව කියාගෙන කියාගෙන ගිහින්..

ලන්සගේ ඒ කතාවත් එක්කම එතන හිටපු හැමෝම වගේ අත්පුඩි ගහලා.

  • දේශපාලන වාර්තාකරු

ඉන්දීය විදේශ අමාත්‍යවරයා 20 ලංකාවට !

ඉන්දීය විදේශ අමාත්‍ය  ආචාර්ය එස් ජයශංකර්  හෙට (20) දිවයිනට පැමිණීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයා බැලීම ඇතුළු තවත් වැදගත් සාකච්ඡා කිහිපයක්
සඳහා මෙසේ  ඉන්දීය විදේශ අමාත්‍යවරයා  පැමිණෙන රජයේ ආරංචි මාර්ග පවසයි.

එහිදී ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත  බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

තවද ශ්‍රී ලංකාවේ සිදුවන ඉන්දීය ආයෝජන පිළිබඳව ඉන්දීය විදෙස් අමාත්‍යවරයා සහ  ජනාධිපතිවරයා අතර පවතින සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කරනු ඇතැයි ඇති බවද දැනගන්නට ඇත.

එජාප කලාප සංවිධායකයන්ට පත්වීම් දීමේදී ජනපති කීදේ මෙන්න !

කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වලද ඇතුළත් වන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම කටයුතුවලට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට නොහැකි බව අවධාරණය කළේය.

මෙරට කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීම රජයේ අරමුණ බව පැවසු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් තමන් කැපවී සිටින බවද අවධාරණය කළේය.

එසේම බුදු දහමේ පැවැත්මට හානි වන කිසිදු තීරණයක් රජය පිළි නොගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂ නව ප්‍රතිසංවිධානය යටතේ පත් කරන ලද කලාප සංවිධායකවරුන්ට පත්විම් ලිපි ප්‍රදානය වෙනුවෙන් ඊයේ (18) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය,

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පත් කෙරුණු නව කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබාදීමේ දෙවන අදියරට අද සහභාගිවීමට ලැබීම පිළිබඳ මම සතුටු වෙනවා.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. නමුත් ඒ පිළිබඳ ලැබී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව අනුව කාන්තාවන්ට සමානාත්මතාවක් හිමි වන්නේ නැහැ. රටේ ජනගහණයෙන් බහුතරයක් වන කාන්තාවන්ට එම අයිතිය ලබා ගැනීමට නොහැකි වීම මේ රටේ පාර්ලිමේන්තුවටත්, ව්‍යවස්ථාවටත් පටහැනි තීන්දුවක් ලෙස සැලකිය හැකි බව මම පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.

අපේ අරමුණ කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් ලබාදීමයි. එය ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වල ද ඇතුළත් වෙනවා. එම අරමුණ ඉටු කිරීමේදී ඊට බාධා කිරීමට අධිකරණයට, විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ කිසිඳු ආයතනයකට හැකියාවක් නැහැ.

එම වැඩකටයුතු ඉටු කිරීම වෙනුවෙන් අප කැපවී සිටිනවා. ඒ නිසා ඒ පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස අද මම පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා. ඒ වගේම එම තීන්දුවෙන් බුදු දහමේ ආරක්ෂාවත් ඉවත් විය හැකි නිසා අපිට එම තින්දුව පිළිගත නොහැකි බව ප්‍රකාශ කළා. දැන් ඒ පිළිබඳ අප අවධානය යොමු කර කටයුතු කරමින් සිටිනවා.

යෝජිත කුලී ආදායම් බද්ද සාමාන්‍ය ආදායම් ලබන කිසිඳු පුද්ගලයෙකුගෙන් අය නොකෙරෙන බවට ජනපතිගෙන් සහතිකයක් !

පුද්ගලයෙකු සතු පළමු දේපළ යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙන බවත්, එසේම මෙම බද්ද සාමාන්‍ය ආදායම් ලබන්නන් වෙත නොව ඉහළ ශුද්ධ ආදායම් ලබන්නන් වෙත පැනවෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසිය.

සාමාන්‍ය ආදායම් ලබන කිසිඳු පුද්ගලයෙකුගෙන් මෙම බද්ද අය නොකරන බවටත් ජනාධිපතිවරයා සහතික විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (18) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය බවයි.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට මෙන්ම බුදුදහම ආරක්ෂා කිරීමට ද අභියෝගයක් එල්ල කරන ගැටළු සහගත තීරණයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේද පැවසීය,

ගරු කථානායකතුමනි, ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ඔබතුමා විසින් කියවනු ලැබූවා. එය ඔබතුමා විසින් මේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. නමුත් එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය යටතේ මෙම සභාවට ඇති බලතල උල්ලංඝණය වන බවත්, ඒ සඳහා අප තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවටත් වන රීති ප්‍රශ්නයක් මතු කිරීමට මට අවශ්‍යයි.

2011 වසරේ සිට කාන්තා සවිබල ගැන්වීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. මේවා 5 වන තිරසාර සංවර්ධන ඉලක්කය යටතේ සහ අප අත්සන් කර ඇති කාන්තා සම්මුතීන් මෙන්ම ගිවිසුම් ගණනාවක් යටතේ රජයට ඇති වගකීම් බවට පත් වෙනවා.

ඊටත් වඩා, කමලාවතී සහ වෙනත් අය එදිරිව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව යන නඩුවේදි, ජාතික ප්‍රතිපත්තිය අමාත්‍ය මණ්ඩලයේ බල සීමාව තුළ සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබුවා.

එය පාර්ලිමේන්තුව විසින් සිදු කරනු ලැබූවක්. එය දේශපාලන කාරණයක්. ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිම අයුරකින් මේ පිළිබඳ තීන්දුවක් දෙන්න බැහැ. එවැන්නක් සිදු වුවහොත් ඔවුන් අපේ බල සීමාවට ඇතුළු වෙනවා.

දෙවනුව, කාන්තාවන්ගේ සමානාත්මතාවය සහ සමාජභාවය පිළිබඳ ප්‍රශ්නය මත ලබා දී ඇති නඩු තීන්දු විශාල සංඛ්‍යාවක් තිබෙනවා.

රත්නායක තරංගා ලක්මාලි එදිරිව නිරෝෂන් අබේකෝන් සහ පොලිස්පති නඩුවේදී මිනිසුන්ගේ අභිමානය සහ යහපැවැත්ම මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙනවා. ඊළඟට දස පුද්ගල විනිසුරු මඩුල්ල එදිරිව සරත් ජයසිංහ සහ තවත් අය පිළිබඳ නඩුව ද තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක හෝ එහි සංශෝධනවල අන්තර්ගත වටිනාකම් දැනගැනීමට ව්‍යවස්ථාවක භාවිතා වන පාඨය මත පමණක් රඳා සිටීම ප්‍රමාණවත් වන්නේ නැහැ.

ඒ හා සමානව, සමානාත්මතාවය පිළිබඳ සංකල්පය පාලනය කරන මූලික මූලධර්මය අසාධාරණය ඉවත් කිරීම බව සඳහන් කෙරෙන, කරුණාතිලක එදිරිව ජයලත් ද සිල්වා සහ වෙනත් අය යන නඩුව සම්බන්ධයෙන් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් ලබාදුන් විනිශ්චය තිබෙනවා. එය සමානාත්මතාවය ප්‍රතික්ෂේප කරන සහ එමඟින් වෙනස් කොට සැලකීමේ ක්‍රියාව දැඩි ලෙස තහනම් කර තිබෙනවා.

අවසාන වශයෙන්, අගවිනිසුරුවරයා විසින් ලබාදුන් දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධනය පිළිබඳ විශේෂ තීරණය ද ඔවුන් නොසලකා හැර තිබෙනවා. මෙහිදී අපි කතා කරන්නේ කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තාවන්ට සමානාත්මතාවය තහවුරු කිරීම පිළිබඳවයි.

නමුත් 5 වන තිරසාර සංවර්ධන ඉලක්කයට අනුව අනෙකුත් සුළු කොට්ඨාසයන්ට පවා භේදයකින් තොරව රජයේ සේවාවන් ලබාගැනීමේ හැකියාව පැවතිය යුතුයි. එය කෙසේ වෙතත් මූලික අයිතිවාසිකම් යටතේ අපට ලබා දී ඇති සාමාන්‍ය බලතල අනුව කටයුතු කළ යුතුයි.

නමුත් මෙම තීරණය මගින් මේ සියලු බලතල නොසලකා හැර තිබෙනවා. එක් අතකින් උසාවිය සියල්ල පසෙකට දමා ඔවුන්ට මේ සඳහා අවස්ථාව පවතින බව ප්‍රකාශ කරමින් සිටිනවා. එමඟින්, පෙර ලබාදුන් තීන්දු සියල්ලම අතුරුදහන් වී තිබෙන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. අධිකරණය විසින් මින් පෙර ලබාදුන් සෑම තීන්දුවක්ම මේ මගින් ඉවත දමා තිබෙනවා. ඉතින් ඔවුන් එක්තරා ආකාරයකට අධිකරණමය වශයෙන් හානිදායක ක්‍රියාවක් සිදු කරන අතරම එය පිළිගන්නා ලෙස අපෙන් ඉල්ලා සිටිනවා. නමුත් එය මෙම ගරු සභාවට කළ නොහැකියි. ඔවුන් දස පුද්ගල විනිසුරු මඩුල්ලක් සහ අගවිනිසුරුවරයා අභිබවා යන්නේ කෙසේද?

ඒ වගේම මෙම පනත මගින් සමලිංගික විවාහ සහ ස්ත්‍රී පුරුෂභාවය සඳහා ඉඩ දෙන බව ද ප්‍රකාශ කර තිබෙනවා. මෙම පනතට ඒ පිළිබඳ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා මීට ඉඩ නොදිය යුතුයි. සෑම නීතියකම ඇතුලත් වෙන මේ සාමාන්‍ය වගන්තිය පිළිබඳ ඔවුන් ප්‍රශ්න කර තිබෙනවා. එය ඇතුලත් කරන්නේ අප නෙවෙයි, නීති කෙටුම්පත් සම්පාදකයා සහ නීතිපතිවරයායි. මෙම නීතිය අනෙකුත් නීතිවලට වඩා බලපවත්වන නමුත් මෙයද අර්ථකථනය කර තිබෙනවා. එය අවසාන වශයෙන් අධිකරණයට පැවරෙනවා. ඒ වගේම මම හිතන්නේ චාමර සම්පත් මහතා (රාජ්‍ය අමාත්‍යවරයා නොවෙයි) ඒ වගේම නීල් ඉද්දවෙල මහතා ද කරුණු සඳහන් කළා. මෙය සාමූහිකව කෙටුම්පත් කර තිබෙනවා. අනික මේ රටේ විවාහ නීති එක කොටසකට වෙනස් කරන්න බෑ.

ඊටත් වඩා මුලික වශයෙන් සමස්ත පිරිවෙන් අධ්‍යාපන පනත මෙයින් ඉවත් කර දැමිය හැකි බව ඔවුන් පවසනවා. ඔවුන් මෙය කුමන පදනමකින් සිදු කළා දැයි මම දන්නේ නැහැ. බුදුදහම ආරක්ෂා කිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තියේ කරුණු ඇතුළත් වෙනවා. එම පනත කෙටුම්පත් කිරීමට දායක වූ සහ එය ක්‍රියාත්මක කළ අමාත්‍යවරයෙකු ලෙස මම ඒ පිළිබඳ දන්නවා.

එම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මගින් ආරක්ෂා කර තිබෙනවා. ඒ වගේම මෙවැනි කුඩා විධිවිධානයකින් එය වෙනස් කළ හැකි යැයි සිතනවාද? පරියත්ති, පටිපත්ති, පටිවේද යනු කුමක්දැයි ශ්‍රේෂ්ඨාධිකරණය හෝ එහි අසුන්ගන්නා විනිසුරු මඩුල්ල හෝ නොදන්නා බව මම සිතනවා.

මම හිතන්නේ ඒ අය මේ ගරු සභාවට ඇවිත් කියන්න කලින් පන්සලකට හෝ පිරිවෙනකට ගොස් මේ පිළිබඳ ඉගෙන ගත යුතුයි. අප එතන වෙන දේ පිළිබඳ දන්නවා. මෙම ගරු සභාවේ ගෞරවනීය සංඝරත්නය ද වැඩ සිටිනවා. ඉතින් මොවුන් සඳහන් කරන මේ අයිතීන් සහ බෞද්ධයන්ගේ සියලුම අයිතීන් එක කුඩා කොටසකට උදුරගන්න පුළුවන්. ඒවගේම සිදුවන්නට යන්නේ කුමක්ද? බුද්ධාගමට පවතින රැකවරණ සියල්ල ඉවත්වෙනවා. අවසාන වශයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙත ආපසු යා යුතුයි. ඕනෑම නෛසර්ගික බලයක් ව්‍යවස්ථාදායක සභාව සහ එය ගොඩනගා ඇති 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යුක්ති සහගත කළ යුතුයි.

ඒ නිසා පනතක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට තීන්දුවක් දෙන්න බැහැ. ඔවුන්ට ලබා දිය හැක්කේ එහි වටිනාකම පිළිබඳ උපදේශන අදහස් පමණයි. මෙය අත්‍යවශ්‍යයෙන්ම පූර්ව ව්‍යවස්ථාදායක පරීක්ෂාවක් වෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී, අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් වීම සහතික කිරීම සඳහා අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය සතු බලතල ශ්‍රේෂ්ඨාධිකරණයට පවරනු ලැබුවා.

නමුත් 1972 දී, පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට පළමු වරට ඉදිරිපත් කර සති දෙකක් ගතවීම අනිවාර්ය නොවන බව ටී.එස්. ප්‍රනාන්දු මහතා තීරණය කළ අවස්ථාවේ මෙම ගරු සභාව එම තීරණය නොසලකා බැහැර කරනු ලැබුවා. මම හිතන්නේ හිටපු ජනාධිපතිතුමා සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා ඒ සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළා. අනෙකුත් සියලුම කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලතල යුක්තියට අදාළ වන බැවින්, මෙම විශේෂිත කාරණය පාර්ලිමේන්තුවට යටත් වෙනවා. නිසැකවම, මෙම අධිකාරිය පාර්ලිමේන්තුවෙන් ආරම්භ වෙනවා. එක් අතකින්, අනෙකුත් අධිකරණ මෙන් නොව, ශ්‍රේෂ්ඨාධිකරණය රූපීය වශයෙන් සංක්‍රාන්ති ලිංගික වෙනවා. එය 4 (ඇ) ව්‍යවස්ථාව යටතේ අධිකරණයෙන් සහ 4 (අ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවෙන් වශයෙන් මූලාශ්‍ර දෙකකින් එහි අධිකාරිය ලබා ගන්නවා.

ඒ නිසා මෙය සැබවින්ම මේ සභාව විසින් අනුගමනය නොකළ යුතු ගැටළු සහගත තීරණයක්. ඒ වගේම ඒ ගැන සොයා බලන්න විශේෂ කමිටුවක් පත් කරන ලෙස මා නිර්දේශ කරනවා. ඒ සඳහා විනිසුරුවන් කැඳවීමට අවශ්‍ය නැහැ. නමුත් මේ පිළිබඳ අපට අධ්‍යයනය කරන්න පුළුවන් සහ නිර්දේශ ලබාදීමට පුළුවන්. එම තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ගෙන් බහුතරයක් පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසඳයෙන් පත් කළ යුතුයි. කෙසේවෙතත් මෙය කාන්තාවන්ට අදාලයි. එයින් සිදුවන්නේ රටේ ජනගහනයෙන් බහුතරය වන කාන්තාවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි වීමයි. ඒ වගේම එයින් තවත් බහුතරයක් වන බෞද්ධයින්ගේ ආරක්ෂාව ද ව්‍යවස්ථාවෙන් අහෝසි වෙනවා. එබැවින් අපට මෙය පිළිගැනීමට නොහැකියි. එසේනම් මේ ගරු සභාවට තමන්ගේ අයිතිවාසිකම් තහවුරු කරගැනීමට සිදු වෙනවා.

ගරු කථානායකතුමනි, මට සඳහන් කළ යුතු කාරණයක් තිබෙනවා. භූමදානය කිරීම් සහ කොවිඩ්-19 වසංගතය අතරතුර සිදු වූ දේ පිළිබඳව බොහෝ සාකච්ඡා සහ සිත් රිදීම් ඇති වී තිබෙන බව ඔබ දන්නවා. ඔබ දන්නවද මමත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වුණා. මුලදී, සියලුම රටවල් භූමදාන කිරීම නතර කළා. ඉන් අනතුරුව එය ලෝක සෞඛ්‍ය සංවිධානය හමුවට ඉදිරිපත් කළා. නමුත් ශ්‍රී ලංකාවේ අපි කමිටුවක් පත් කළා. අවාසනාවකට මෙන්, එම කමිටුව අපට භූමදානය කිරීමට ඉඩ නොදෙන ලෙස නිර්දේශ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනස් මතයක් ගත්තා. එහෙත් පසුව එම කමිටුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ද තහවුරු කළා. ඒ නිසා රජයට එය අනුගමනය කිරීමට සිදු වුණා. ඒ අවස්ථාවේ දී විකල්පයක් තිබුණේ නැහැ. නමුත් දැන් මේ සියල්ල අවසන් වී තිබෙනවා.

ඒ වගේම අප මේ හැමදේටම මුහුණ දී තිබෙනවා. මේ රටේ ඕනෑම කෙනෙකුට තමන්ව මිහිදන් කළ යුතුද ආදාහනය කළ යුතුද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අයිතියක් තිබිය යුතුයි. එම නිසා මියගිය පුද්ගලයෙකුගේ සිරුර භූමදාන කිරීම, ආදාහනය කිරීම හෝ දේහය වෛද්‍ය පීඨයට පරිත්‍යාග කිරීම පිළිබඳ අයිතිය ලබා දෙන නීතියක් විෂයභාර අමාත්‍යවරයා විසින් ගෙන ඒමට නියමිතව තිබෙනවා. මෙම කාලය තුළ ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනතාවටට විශාල සිත් රිදවීම් ඇතිවුණා. නමුත් මරණයෙන් පසුව මිහිදන් කිරීමට කැමති මම දන්නා හින්දු, බෞද්ධ සහ ක්‍රිස්තියානි අය ද සිටිනවා. එබැවින් සිදු වූ දේ පිළිබඳ අප ඔවුන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සම්බන්ධව ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පතට මෙම සභාවේ සහාය ලබාදෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම යෝජිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් ද මෙම සභාවට අදහසක් ප්‍රකාශ කිරීමට තිබෙනවා. අප ධන බද්දක් හඳුන්වාදෙනවා. ඒවගේම එහි සීමාව ඉතා ඉහළ මට්ටමක පවතිනු ඇතියි. එබැවින් රටේ ජනතාවගේ නිවාසවලින් 90% ක් මෙයින් නිදහස් වෙනවා. ඒ නිසා සාමාන්‍ය ජනතාව මේ පිළිබඳ කරදර විය යුතු නැහැ. ඔබේ නිවස ආරක්ෂිතයි.

නමුත් අප කුලී ආදායම් බද්ද පනවන්නේ ශ්‍රේණිගත කිරීම මත පදනම්ව ගත් තීරණයක් අනුවයි. ඉන් අනතුරුව අපිට ගැටළුවක් ඇතිවුණා. එම ශ්‍රේණිගත කිරීම් අයත් වන්නේ පළාත් සභාවලටයි. එහිදී ශ්‍රේණිගත කිරීම් ලයිස්තුව අනුව මේ බද්ද පැනවුවහොත් එමගින් ලැබෙන මුදල් අයත් වන්නේ පළාත් සභාවට යැයි අධිකරණයට පැවසිය හැකියි. ඒ නිසා අප ඒ සඳහා අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ගත යුතුයි. ඉතින් අප කුලී ආදායම බද්ද යනුවෙන් වෙනස් සූත්‍රයක් පාවිච්චි කර තිබෙනවා. එම ආදායම් බද්ද මධ්‍යම රජයට අයත් වෙනවා.

අප සාමාන්‍යයෙන් මෙම ශ්‍රේණිගත කිරීම් භාවිත කර තිබෙනවා. පවතින නෛතික ගැටළුව විසඳීම සඳහා අප මෙය සිදු කළා. නමුත් එහි බදු සීමාව ඉතා ඉහළ බව සඳහන් කළ යුතුයි. ඒ වගේම මේ රටේ අති බහුතරයක් ජනතාව තමන්ගේ නිවස පිළිබඳ කලබල විය යුතුයි කියලා මා හිතන්නේ නැහැ. නමුත් අපට ධන බද්ද පැනවීමට සිදු වෙනවා. සමගි ජන බලවේගයේ බොහෝ දෙනෙක් ඔවුන් සමඟ සිටින ප්‍රකෝටිපතියන්ගෙන් බදු අය කරනු ඇතැයි කියා දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ද මම දන්නවා.

එසේම ජනතා පරමාධිපත්‍ය ද පවත්වාගෙන යා යුතුයි. එම පරමාධිපත්‍ය තිබෙන්නේ පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිවරයාටයි. මෙම අවස්ථාවේ එම ආයතන දෙකම සිටින්නේ එකම ස්ථානයකයි. අධිකරණයට බලතල ලැබෙන්නේ පාර්ලිමේන්තුව හරහායි. 1971 මැතිවරණයෙන් අප තීරණය කළේ එයයි. ලියනගේ එරෙහි රැජිණි නඩුවෙන් මෙම බලතල තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියා ප්‍රකාශ කෙරුණා. ඒ පිළිබඳ විශාල විවාදයක් ද ඇති වුණා. එක්සත් ජාතික පක්ෂයේ අප ප්‍රකාශ කළේ මෙය 2/3ක ඡන්දයකින් වෙනස් කළ හැකි බවයි. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේ එය 2/3කින් සිදුකළ නොහැකි බවයි. නමුත් 1970 දී 2/3ක් එම කණ්ඩායමට හිමි වුණා. ඒ අනුව මෙම බලය ලැබෙන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන් සකස් කෙරෙන ව්‍යවස්ථාවෙන් බවට අප සියලුදෙනා එකඟ වුණා. ඒ බලය ගත්තේ ජනතා පරමාධිපත්‍යයයි. එය අප මෙතෙක් වෙනස් කර නැහැ.

නමුත් 1978 ව්‍යවස්ථාවේදී ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් අප ජනමත විචරණයක් ගෙන ආවා. ඒ නිසා මෙම සභාවේ අයිතිවාසිකම්වලට අත ගැසීමට මට අවශ්‍ය නැහැ. 1978 දී අප අධිකරණයේ නිදහස තවත් ශක්තිමත් කළා. මේ අවස්ථාවේ අධිකරණය ගෙන තිබෙන්නේ අධිකරණ සතු බලතල නොවෙයි. මොකද මේ රටේ නීති සම්මත කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒ පිළිබඳ කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකියි. එසේනම් නීතිය ව්‍යවස්ථා විරෝධිද නැද්ද කියා උපදෙස් ලබාදීම පමණක් සිදුකළ යුතුයි. අප ව්‍යවස්ථාදායක අධිකරණයක් ඇති කර තිබෙනවා. නවසිලන්තය, ෆින්ලන්තය වැනි රටවල ගෙන එන නීති ව්‍යවස්ථාවට අනුකූලද, නැද්ද තීරණය කරනු ලබන්නේ පාර්ලමේන්තු තේරීම් කාරක සභාව විසින්.

පසුව 1978 දී අප තීරණය කළා මේ සඳහා වෙනම අධිකරණයක් අවශ්‍ය නැහැ ඉන් සිදු වන්නේ මුදල් නාස්තියක් පමණයි කියලා. මම කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තවත් ශක්තිමත් කර පාර්ලිමේන්තුව වෙනුවෙන් බලය ලබාදීම පමණයි.

අධිකරණය විසින් ලබා දුන් තීරණයක් පිළිබඳ කැබිනට් මණ්ඩලයට තීරණයක් ගත නොහැකි බව මතක තබා ගත යුතුයි. මේ පිළිබඳ වෙනත් පක්ෂවලින් විවිධ අදහස් හා විරෝධතා ප්‍රකාශ කෙරුණා. නමුත් එක කමිටුවකින් තීරණයක් ලබා දුන්නා. කෙසේ හෝ අධිකරණයට ගියා. අධිකරණය එය තහවුරු කළා. ඉන් පසුව ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ.

මම මෙතනට ආවේ අතීතය ගැන කතා කරන්න නෙවෙයි. මට එය අවශ්‍ය නැහැ. නමුත් රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයා අත්අඩංගුවේ සිටියදී කවුද කථා කළේ කියලා මට අවහ්‍ය නම් කියන්න පුළුවන්. ඒ සියල්ල අමතක කර අප සාකච්ඡා කරමින් ඉදිරියට යමු. මෙතනට අන්තවාදය අවශ්‍ය නැහැ.

ආණ්ඩුවට බැරි නම් චම්පික ඉල්ලයි !

බදු නොගෙවන, නමුත්  ගෙවිය හැකි අයගෙන් බදු ගැනීම ආණ්ඩුවෙන් සිදු කළ යුතු බවත්  ආණ්ඩුවට එය සිදු කිරීමට නොහැකිනම්  ‘මාස හයකට අපිට භාර දෙන්න අපි කරලා පෙන්වන්නම්’ යැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

හිටපු අමාත්‍යවරුන් රාජ්‍ය බැංකුවලට කෝටි 65000කට වඩා පොලු තබා ඇති බවත්, ඒ හේතුවෙන් සාමාන්‍ය රටේ පුරවැසියන්ට බැංකු ණයක් ගැනීමට ද නොහැකිව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මේ බව පවසා සිටයේ  හෝමාගම ආසනයේ ජනහමුවකට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය .

‘‘අද මම මේ එන ගමන් මාකුඹුරේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට ගියා. දුම්රියයි බස් එකයි එකට එකතු කරලා මේ හෝමාගම ප්‍රශ්නයට යම් විසඳුමක් දෙන්න තමයි අපි හැදුවේ. 

අපි උඩින් යන දුම්රිය පාරක් හදන්න හැදුවා. 

ඒ පාර නැවැත්තුවා ගෝඨාභය මහත්තයා බලයට ඇවිල්ලා. 

ඒ කෝච්චි පාර හදන්න හිටපු ඒ ප්‍රධාන ඉංජිනේරුතුමා දැන් ඉන්දියාවේ දුම්රිය මාර්ගයක් භාරව කටයුතු කරගෙන යනවා. 

රජයේ කාර්යාල  ඔක්කොම මාකුඹුරේ උප කාර්යාල අරින්න අපි සැලසුම් කළා. 

අද ඒ ඉඩම් ඔක්කොම වල් බිහිවෙනවා.

2022 අප්‍රේල් මාසේ රට කඩා වැටුණා. 

අපි හැමෝම තෙල් පෝලිම්වල හිටියා. පැය දාහතරක් ලයිට් කැපුණා. ගෑස් තිබුන් නෑ. ගොවියට පොහොර තිබුන්නෑ. ඉස්පිරිතාලේ බේත් තිබුන්නෑ. මං අමුතුවෙන් මතක් කරන්න ඕන්නෑ ඒ සෙල්ලං ටික. ඇයි එහෙම වුණේ? 

එහෙම වෙන්න ප්‍රධාන හේතුව තමයි අපි සංවර්ධනය කියලා වැඩ ටිකක් කරගෙන ගියා. ඒවට අපි ණය ගත්තා. 

පොලියට. ගෙවා ගන්න බැරි වුණා. අපි බංකොලොත් වුණා. 

ඊට පස්සේ අපිට බෙහෙත් ටික, පෝර ටික, කෑම ටික ගන්න බැරි තත්වයක් ඇති වුණා. ඕක තමයි අපට සුද්ද සිංහලෙන්ම වෙච්ච දේ. දැන් අපිට තෙල් පෝලිම් පේන්න නෑ. 

හැබැයි තෙල් මිල තුන් ගුණයයි. පොහොර නැත්තේ නැහැ තියෙනවා. 

හැබැයි පොහොර හත් අට ගුණයයි. ඔය කිලෝ පනහේ පොහොර මිටිය දැන් රුපියල් එකොලොස් දාහක්, දොළොස් දාහක්. තුන්සිය පනහටත් තිබුණා. 

එක්දහස් පන්සීයටත් තිබුණා. ඊළඟට විදුලි ගාස්තු විදුලිය නම් විසි හතර පැයම දෙනවා. 

විදුලි ගාස්තු තුන් ගුණයකින් වැඩි වෙනවා. ඒක අපේ මිනිස්සුන්ට දරාගන්න බැහැ. ගෑස් මිල වැඩි වෙලා. බෙහෙත් මිල හතර ගුණයකින් විතර වැඩි වෙලා. 

සමහර බෙහෙත් තාම නැහැ. දැන් මේවට විසඳුම් නැද්ද? දැන් අපේ දැන් තෙල් පෝලිම නෑ. හැබැයි තෙල් මිල වැඩියි. අපිට දරාගන්න බෑ. විදුලිය නම් කැපෙන්නේ නෑ තමයි. 

හැබැයි විදුලි ගාස්තු වැඩි වෙනවා. මේක අඩු කරන්න බැරි වෙනවා. මේකෙන් අපේ පවුලේ වියදම අඩු කරන්න අපිට දායක වෙන්න බැරිද?

මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253කට සින්නක්කර ඉඩම් අයිතිය !

භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා සේම වත්මන් ආණ්ඩුව දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබා දීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “උරුමය” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ සුදුසුකම්ලත් මහවැලි වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1524 දෙනෙකු වෙත සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (17) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සංකේතාත්මකව උරුමය සින්නකර ඉඩම් ඔප්පු ප්‍රදානයට එක් විය.

මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් මෙසේද පැවසීය :

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිය හැකි සියලුදෙනාට ඉදිරි මාස දෙක තුළදී ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරන ලෙස මම උපදෙස් ලබා දී තිබෙනවා. දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ඉඩම් කොමසාරිස් ජනරාල්, මිනින්දෝරු කාර්යාලයේ සියලුදෙනා එක්ව ගමට ගොස් මෙම ඉඩම් ඔප්පු ලබාදීම කඩිනම් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ගමේ බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරින්ගේ දායකත්වය ලබාගත හැකියි. එවැනි වැඩපිළිවෙළක් තුළින් අපට ඉතා කාර්යක්ෂමව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබෙනවා.

පසුගිය වසර 75ක කාලය තුළ මේ රටේ ජනතාවට ඉඩම් ලබා දී තිබුණද සින්නක්කර ඉඩම් අයිතිය ලබා දී තිබුණේ නැහැ. අපි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළේ ජනතාවට එම නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබා දීම සඳහායි. මෙය එක්තරා අන්දමේ විප්ලවයක් ලෙස ද හැඳින්විය හැකියි.

අප රටක් ලෙස ඉතා අසීරු කාලයකට මුහුණ දුන්නා. සියලුදෙනාම දුක් වින්දා. අලාභය බෙදා ගත්තා. එසේ නම් රටේ ආර්ථිකය යහපත් මට්ටමකට පැමිණ තිබෙන අවස්ථාවේ එහි ලාභයද සියලුදෙනාට හිමි විය යුතුයි. විශේෂයෙන්ම මෙරටට බත සපයන ගොවි ජනතාව වෙනුවෙන් ද එම ප්‍රතිලාභය අත්කරදීම අපේ අරමුණයි.

ගොවි ජනතාවට මෙම සින්නක්කර ඉඩම් අයිතිය ලබා දෙනවා වගේම කොළඹ නගරයේ මහල් නිවාස වල ජිවත්වන අඩු ආදායම්ලාභී ජනතාව දෙලක්ෂ පනස්දහසක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමට ද අප කටයුතු කරනවා.

මෙම වැඩපිළිවෙළ හරහා සිදුවන්නේ ජනතාවට අයිතිය ලබා දීමයි. ඉඩමක, නිවසක හෝ වාහනයක අයිතිය මේ රටේ ජනතාවට හිමි විය යුතුයි. 1944 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා. වත්මන් ආණ්ඩුවෙන් දැනුම සහ අයිතිය යන දෙකම ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.

මේ ප්‍රදේශයේ ගොවි ජනතාව ඉහළ වී අස්වැන්නක් ලබා ගන්නවා. නමුත් ඔවුන්ට භූමියේ අයිතිය හිමිව නැහැ. ඔවුන්ට බැංකුවට ගොස් ණය මුදලක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. එක් පරම්පරාවක් නොවෙයි පරම්පරා තුනක් මෙම ගැටළුවට මුහුණ දුන්නා. මෙම ජනතාවට තවදුරටත් දුක් විඳිමට ඉඩ දිය නොහැකි බව ආණ්ඩුව තීරණය කළා. ඒ අනුව උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළ අතර එය මේ රටේ ගොවි ජනතාවට ස්තූති කිරීමක් ද වෙනවා.

අප ආණ්ඩුව භාරගන්නා විට රටට විදුලිය තිබුණේ නැහැ, ඉන්ධන, ඖෂධ සපයාගත නොහැකිව ජනතාව දුක් වින්දා. මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට අපට පළමුව සිදු වණේ රටේ නිෂ්පාදනය වැඩි කිරීමයි. 2022 සහ 2023 යල කන්නයේ අප වී නිෂ්පාදනය වැඩි කළා. ගොවි ජනතාව අපට ඒ සඳහා ශක්තිය ලබා දුන්නා. ඔවුන්ට අවශ්‍ය පොහොර ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමට රජය කටයුතු කළා.

ගොවි ජනතාව වෙනුවෙන් අප ක්‍රියාත්මක කරන වැඩසටහන මෙතැනින් අවසන් වන්නේ නැහැ. ඔවුන්ට ඉඩම් ලබාදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ග්‍රාමීය දිළිඳුකම නැති කිරීමට නම් කෘෂිකාර්මික විප්ලවයක් සිදු කළ යුතුයි. ඒ සඳහා කෘෂි නවීකරණ වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කර තිබෙනවා. ඉඩම් අයිතිය හිමිවීම සමඟ තම ආදායම් ද ඉහළ නංවා ගැනීමට එමඟින් ජනතාවට අවස්ථාව හිමි වෙනවා.

ඔබ සියලුදෙනා එම වැඩපිළිවෙළේ හවුල්කරුවන් බවට පත්විය යුතුයි. අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදෙමින් ලබන වසර වන විට එම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එහිදී ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණය වගේම ප්‍රතිව්‍යුහගත කර ඉදිරියට ගෙන ඒමට රජය සැලසුම් කර තිබෙනවා. ඉඩම් අයිතිය නොමැතිව පරම්පාර 03ක් මේ ප්‍රදේශයේ ගොවි ජනතාව රටට කළ සේවයට මම මගේ ස්තුතිය පිරිනමනවා.

වනජීවි හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි :

පරම්පරා ගණනක් තිස්සේ නොලැබුණු ඉඩම් අයිතිය අද ඔබට ලැබී තිබෙනවා. ඉඩම් අයිතිය නොමැතිව ඔබ සියලු දෙනා මහත් පීඩාවන්ට ලක්වුණා. ජනතාවගේ මූලික අවශ්‍යතා තුන වන ඉඩමක්, නිවසක්, සහ ආහාර ලබාදීමට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු යොදා තිබෙනවා.

ඉඩමක සින්නක්කර අයිතිය ලැබීම තුළින් පවුලේ අයට දැනෙන සතුට මිල කරන්න බැහැ. මා මේ කටයුත්ත දකින්නේ ඔබේ පවුල ශක්තිමත් හා සුන්දර කිරීමට ජනාධිපතිතුමා ගත් විප්ලවීය පියවරක් ලෙසයි. සින්නක්කර ඉඩම් අයිතිය නොමැතිව සිටි පවුල් ලක්ෂ විස්සකට සින්නක්කර ඔප්පු ලබාදීම සමඟ රට තුළ මහා පෙරළියක් සිදු වෙමින් තිබෙනවා.

කෘෂි නවීකරණ වැඩසටහන ආරම්භ කිරීම ජනාධිපතිතුමාගේ තවත් වැඩසටහනක්. නවීන තාක්ෂණ උපකරණ ගොවීන්ට ලබාදීම රජයකට තනිව කරන්න බැහැ. ඒ නිසා ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ගොවීන්ට නවීන කෘෂි උපකරණ ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. රටේ පාසල්, රෝහල් මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ජනාධිපතිතුමාගේ නිවැරදි නායකත්වය තුළින් අද රට දියුණු මට්ටමකට පැමිණ තිබෙනවා. අපට තවත් අත්හදා බැලීම් කරන්න කාලයක් නැහැ. එනිසා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට ඔබ සැමගේ සහාය අවශ්‍යයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර :

ඉඩම් ප්‍රශ්න නිසා තාත්තා පුතාව ඝාතනය කරන, අයියා මල්ලිව ඝාතනය කරන කාලයක් මේ රටේ තිබුණා. පොලිසිවලට වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් එන්නේ ඉඩම් ප්‍රශ්න සම්බන්ධවයි. මහජන නියෝජිතයන් වශයෙන් අපටත් ඉඩම් ප්‍රශ්න ගැන පැමිණිලි ලැබෙනවා.

අද ඔබට ඉඩමේ අයිතිය සින්නක්කර ඔප්පුවකින් ලැබී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිදු කරනු ලැබූ විශාලතම පෞද්ගලිකකරණය මෙයයි. රටේ අක්කර මිලියන ගණනක් ජනතාවට ලබාදීමට එතුමා කටයුතු කරමින් සිටිනවා. මේ රට අගාධයට වැටුණු අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ මේ රට භාරගත් ජනාධිපතිතුමාට සහාය ලබා දෙනවා වෙනුවට ඇතැමුන් චෝදනා එල්ල කරමින් සිටිනවා. උද්ඝෝෂණවල නිරතව සිටි ගොවි ජනතාව යළි ගොවි බිමට යැවීමට කටයුතු කළේ ජනාධිපතිතුමායි. රටින් හාල් ගේනවා වෙනුවට අපේ රටේ සහල් අවශ්‍යතාවය සපුරාලීමට මේ වන විට ගොවි ජනතාව සමත්ව තිබෙනවා.

වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ :

මේ රටේ ඉඩම්වලින් තුනෙන් එකක් පාලනය කරන්නේ මහවැලි අධිකාරියයි. ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන උරුමය වැඩසටහන යටතේ මේ වන විට පවුල් විශාල සංඛ්‍යාවකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදී තිබෙනවා.

අගාධයට වැටී තිබූ රටට නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිවැරදි ලෙස රට පාලනය කරමින් සිටිනවා. අද රටේ ජනාධිපති අපේක්ෂකයන් වැහි වැහැලා. සමාජ මාධ්‍ය තුළද අපේක්ෂකයන් ඕන තරම් සිටිනවා. ඔය කවුරු සිටියත් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළ වැඩසටහන තවත් අවුරුදු පහක් ඉදිරියට යා යුතුයි. එබැවින් මේ වෙලාවේ අප සියලුදෙනා රට ගැන සිතා වැඩ කළ යුතුයි.

එසේ නොමැති වුවහොත් යළිත් රට අගාධයට ඇද වැටෙනවා.

පළාතේ මහා සංඝරත්නය ද, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ශෂේන්ද්‍ර රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, මුදිතා ප්‍රිෂාන්ති, මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කුමාරසිරි රත්නායක, සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කංචන ජයරත්න, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එල්. ඩී. සී. එම්. අබේවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් යන මහත්ම මහත්මීන් සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, ඔප්පුලාභීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සිරිසේන ඉල්ලා අස්වුණේ වලව්වේ පුංචි නෝනා නිසා ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් තමා ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් නිසා බව  හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  පැවසීය.

තමන් පක්ෂ සභාපති ධූරයෙන්  ඉවත් නොවී දිගටම රැඳී  සිටියා නම් පක්ෂයේ කිසිවෙකුට මීළඟ මැතිවරණය සඳහා ඡන්දය ඉල්ලීමට නොහැකි වන බවත් ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කර සිටියේ ගාල්ල කරන්දෙනිය ප්‍රදේශයේ අද (17)පැවති රැස්වීමක් අමතමින් ය.

  තමන් ඉල්ලා අස්වීමේ තීරණය ගනු ලැබුවේ තමන්  ගැන සිතා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් ගැන සිතා බවද ඔහු සඳහන් කළේය .

 තමාගෙන් පසු එම සභාපති ධුරයට  විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා  පත් කරනු ලැබුවේ ආණ්ඩුවට ගොස් සිටින අනිකුත් අය අතර සුදුස්සකු  නොසිටි නිසා බවද ඔහු පැවසීය .

ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය මත රටේ අනාගතය තීරණය වෙනවා - ජනපති

ඉදිරි වසර 05 තුළ ක්‍රියාත්මක කරනු ලබන ආර්ථික ප්‍රතිපත්තිය මත ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් “තරුණ සමුළුවට” සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟ හමුවකට ඊයේ (16) එක් වෙමිනි.

මන්නාරම නගර ශාලාවේදී පැවති මන්නාරම දිස්ත්‍රික් “තරුණ සමුළුවට” ජනාධිපතිවරයා පළමුව එක් විය.

“දීප්තිමත් අනාගතයක් සඳහා වූ ගමනක්” මැයෙන් මෙම තරුණ සමුළුව සංවිධාන කර තිබූ අතර 2023/2024 අපොස උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වූ සිසුන්ට සහතික පත් හා මුදල් ත්‍යාග පිරිනැමීම ද එහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් එය සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී තරුණ තරුණියන් අතරට ගොස් ඔවුන්ගේ ප්‍රශ්න සෘජුව විමසා බැලීම ද විශේෂත්වයක් වූ අතර එහිදී ඉදිරිපත් කෙරුණු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ පසුගිය වසර 04ක කාලය තුළ රැකියා ලබාදීමට නොහැකි වූ බවත්, රැකියා අවස්ථා නොලැබුණු සියලුදෙනාට ඉදිරියේදී ක්‍රියාත්මක කරන නව ආර්ථික වැඩපිළිවෙළ තුළින් නව රැකියා අවස්ථා උදාවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රජයේ මෙම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යමින් තමන්ගේත්, රටේත් අනාගතය යහපත් කර ගන්නවාද යන්න තරුණ පරපුර තීරණය කළයුතු බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ මන්නාරම දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව අතර හමුවක් ද ඊයේ (16) මන්නාරමේදී පැවැත්විණි.

වත්මන් ආණ්ඩුව හඳුන්වා දී ඇති ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකොට, ඉදිරියට ගෙන යන්නේ නම් ඉදිරියේ දී රටට ආයෝජකයන් විශාල පිරිසක් පැමිණෙනු ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

කලින් කලට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නොකොට එකම ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්නේ නම් රටක් ලෙස ජයග්‍රහණය කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ආර්ථික පරිවර්තන නීතිය හරහා නව ආර්ථික ප්‍රතිපත්තිය රට හමුවේ තබා ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඒ ඔස්සේ ඕනෑම ආණ්ඩුවකට රට ඉදිරියට ගෙන යාමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.

මෙරට ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන විසදුම් සෙවීමට උත්සාහ කළද ආර්ථික විසඳුම් සෙවිමට උත්සාහ කර නොමැති බවත්, රට ගොඩනැගිය හැක්කේ විධිමත් ආර්ථික ප්‍රතිපත්තියක් තුළින් පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

බිඳ වැටී තිබූ රටේ ආර්ථිකය දෙවසරක් වැනි කෙටි කාලයක් තුළ දෙපයින් නඟා සිටුවීමට තමාට හැකි වූ බව පැවසු ජනාධිපතිවරයා ක්‍රමයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරියේදී සියලු පාර්ශව වෙත තවදුරටත් සහන සැලසීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

මන්නාරම දිස්ත්‍රික්කය තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී තරුණ ප්‍රජාව සහ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කළේය.

රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් යන මහත්ම මහත්මීන් සහ පළාතේ දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජන්ද ලක්ෂ 95ක් සමඟ රනිල් යළි ජනාධිපති වෙනවා - එජාප ජාතික ලේකම්

සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගනිමින් සහ සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඡන්ද ලක්ෂ 95ක් ලබා ගෙන නියත ලෙස යළි ජනපති වන බවට පැහැදිලිව ගණන් බලා තිබෙන බව  එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කර සිටියි.

ඊට බිය වී ඇති කිසිම වැඩ පිළිවෙළක්, දර්ශනයක් සහ ඉලක්කයක් නොමැති බංකොලොත් විපක්ෂය බිල්ලන් මවමින් රටත් ජනතාවත් නොමඟ යවමින් සිටින බවටද ඔහු පෙන්වා දුන්නේය.

රටේ යළි නොවැටෙන ආර්ථිකයක් ඇති කර ජනතාව සවි බල ගන්වන ජනපතිගේ ගමන කඩාකප්පල් කර රට වට්ට වීමට කිසිදු දුෂ්ඨ බලවේගයකට ඉඩ තබන්නේ නැති බවද එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්වරයා  අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික  ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක  මේ බව සඳහන්  කළේ කොළඹ දී අද  (17) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ය.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

"ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි  වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම  අරමුදල තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල්‍ය විනය සහ කැප වීම මත වන අතර එම තත්ත්වය රට සහ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි.

මෙහි සහනය ලැබෙන්නේ රටට සහ ජනතාවටයි. ජනාධිපතිවරයා ප්‍රධාන රජය මූල්‍ය විනයක් සහිතව  හරි මාර්ගයේ යනවා.  රටක් බංකොලොත් වුණාම ඒ බංකොලොත් භාවයෙන් එළියට පැමිණීම ඉතාම අමාරුයි. නමුත් අප ඒ ගමන් මාර්ගයේ මේ වන විට සාර්ථකව යනවා. 

සමහරුන් ඉඩම් සහ නිවාස බදු ගැන විවේචනනය කරනවා. නමුත් මේ බද්ද ලොකු කාරණයක් නොවෙයි. සෑම නිවසකටම සහ ඉඩමකටම බදු ගහන්නේ නෑ. බදු ගහන්නේ වාණිජ කාරණා සඳහා  යොදා ගන්නා නිවාස ඇතුළු දේපොළවලට විතරයි. ඒ නිසා   විපක්ෂය විවිධ කාරනා අල්ලගෙන බිල්ලෝ මවන්න හොද නෑ. 

අප සියලු දෙනා එකට එක්ව මේ රටේ යළි නොවැටෙන ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඒ සඳහා අපනයනය වැඩි කළ යුතුයි. ඒ වගේම රටේ යල් පැන ගිය ප්‍රසම්පාදන ක්‍රමවලට අදාළ නීති පද්ධතිය නවීකරණය කළ යුතුයි. නිවැරදි වෙලාවට නිවැරදි තීන්දු නොගතහොත් ඒ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වන්නේ ජනතාවටයි. 

විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ල විවේචනය කරමින් බිල්ලන් මවනවා විනා රට ගොඩනගා ජනතාව සවි බල ගන්වන විධිමත් වැඩ පිළිවෙළක්, දර්ශනයක් සහ ඉලක්කයක් ඉදිරිපත් කරන්නේ නැහැ. විනෝද බද්ද නිසා යම් ප්‍රමාණයකට අනිසි බලපෑමක් එල්ල වුණා. ඒ නිසා ඒ බද්ද අහෝසි කර තිබෙනවා. 
වාහන ආනයන සීමා ඉවත් කිරීම ගැන කතා වනවා. නමුත් මේ නිසා ඩොලර් කාන්දු වීමක් වුණොත් රටේ ආර්ථිකයට යළි ගැටලුවක් ඇති වනවා. මේ මොහොතේ වැදගත් වන්නේ රටට කාර් ආනයනය කිරීම නොවෙයි , රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම බව කිව යුතුයි. මේ කරුණු කාරණා හේතුවෙන් වැරදි මතයක් ඇති වුණොත් එම තත්ත්වය ඩොලර්යට බලපාවි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් සංශෝධනය කළ යුතු යැයි විපක්ෂය කියනවා. ඒ කුමක් සඳහාදැයි අප ප්‍රශ්න කරනවා.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන සියල්ල අප කළ යුතු නැහැ. ඒ නිසා වාහන ආනයනය සුදුසු නැහැ. ඩොලර්ය අඩු වෙලා. නමුත් වෙළෙඳ පොළේ බඩු මිල අඩු වෙලා නෑ. මේ ගැන ජනමාධ්‍ය කරුණු සෙවිය යුතුයි. පාරිභෝගික අධිකාරිය මේ ගැන සෙවිය යුතුයි. අපේ රට ශ්‍රී ලංකාව කියන්නේ නිධානයක් උඩ සිටිමින් හිඟා කන ජාතියක් බව කිව යුතුයි. 

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනවා යැයි ද, යාපනය සංවර්ධනය කරනවා යැයි ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියනවා. උතුරට ගිහින් එකක් කියනවා. දකුණට ඇවිත් තව එකක් කියනවා. නමුත්  ශ්‍රී ලංකාවටම අවශ්‍ය වන්නේ ජාතික වැඩ පිළිවෙළක් බව කිව යුතුයි. රට බංකොලොත්භාවයෙන් අත්මිදෙමින් සිටින බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රකාශයෙන් පවා පැහැදිලි වනවා. 

ඒ අනුව සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගනිමින් සියලු දේශපාලන පක්ෂවල සහයෝගයෙන් ජනාධිපතිවරණයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලක්ෂ 95ක් ලබා ගෙන නියත ලෙස ජය ගත හැකි බවට පැහැදිලිව ගණන් බලා තිබෙනවා."

මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරතවීමට අවස්ථාව සලසා දෙනවා !

මඩු වන්දනාකරුවන්ට බාධාවකින් තොරව සිය වන්දනා කටයුතුවල නිරතවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැවසීය.

මඩු දේවස්ථානයට පැමිණෙන මාර්ගය සහ ශ්‍රී පාදයට පැමිණෙන මාර්ගය තිබෙන්නේ වන්දනාකරුවන් සඳහා බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන දඩ නියම කිරීම සාධාරණ කටයුත්තක් ලෙස තමා නොදකින බවද සඳහන් කළේය.

මඩු වන්දනාකරුවන් ඉදිරියේදී යළි අත්අඩංගුවට පත්වුවහොත් වහාම ඒ පිළිබඳ ජනාධිපති කාර්යාලය දැනුවත් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

ප්‍රශ්න මතුව ඇත්නම් සියලුදෙනා එක්ව සාකච්ඡා කර ඒවාට විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මඩු දේවස්ථානය සඳහා පැමිණෙන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා දැනට තිබෙන මඩු මාර්ගය දෙපස කඩිනමින් පිළිසකර කර දෙන ලෙස ද යුද හමුදාවට උපදෙස් දුන් ජනාධිපතිවරයා එම කටයුතු සඳහා මන්නාරම රදගුරු හිමියන්ගේ නියෝජිතයෙකු, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධ කර ගන්නා ලෙසද දැනුම් දුන්නේය.

මඩු දේවස්ථානයේ ඉදිරියේ දී පැවැත්වෙන වාර්ෂික මංගල්‍යයට පෙර මෙම සංවර්ධන  කටයුතු නිම කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ සොයා බැලීමේ අරමුණින් කැඳවා තිබු මෙම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම සඳහා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද එක්ව සිටියහ.

දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය, අධ්‍යාපන, වාරිමාර්ග ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හි මතුව ඇති ගැටළු මෙහිදී සෘජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුනු අතර එම බොහෝ ගැටළුවලට එම අවස්ථාවේ විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

එමෙන්ම මන්නාරම රෝහලට දිගු කලක සිට අඩු පාඩුවක්ව පවතින CT ස්කෑන් යන්ත්‍රයක් ලබාදෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා කළ ඉල්ලීම පිළිබඳව ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා එය කඩිනමින් ඉටු කර දෙන බවද පැවසීය.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වැඩිදුරටත් සඳහන් කළේ මන්නාරම දිස්ත්‍රික්කයට අහිමි වූ සංවර්ධනය නැවත ලබා දෙන බවත් එම වැඩපිළිවෙළ මෙම වසරේදි ආරම්භ කරන බවත්ය.

ඉදිරි දශක පහ තුළ වෙනස්වන කාලගුණයට අනුරූපව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි විසඳුම් දැන් සිට සොයා බැලීමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළ ජනාධිපතිවරයා ඉදිරි වසර පනහක කාලය තුළ තෙත් කලාප වලට වැඩියෙන් වැසි ලැබෙන අතර වියළි කලාපවලට වැසි නොලැබෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවට පුරෝකථනය කර ඇති බවද පෙන්වා දුන්නේය. වෙනස් වන ලෝකයට ගැලපෙන ආකාරයෙන් ආර්ථික, සාමාජීය අධ්‍යාපන හා කෘෂිකාර්මික ක්ෂේත්‍ර තුළ නව පරිවර්තනයක් ඇති කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය :

දශක තුනක යුද්ධයකට මුහුණ දීමෙන් පසු මන්නාරම දිස්ත්‍රික්කය අද නැවත ගොඩනැගෙමින් තිබෙනවා. මෙම දිස්ත්‍රික්කය තුළ පුළුල් සංවර්ධනයක් ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගත හැකියි. සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය මෙන්ම පුනර්ජනනීය බල ශක්තිය සඳහා ද මෙම දිස්ත්‍රික්කය තුළ ඉහළ විභවතාවක් පවතිනවා.

මෙම ප්‍රදේශ තුළ සුළං සහ සූර්ය බල ශක්තිය නිපදවීමට ඇති හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතිනවා. එම බලශක්තිය නිෂ්පාදනය කර ඉන්දියාවට විකිණීමේ ක්‍රමවේදයක් පිළිබඳව ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තිබෙනවා.

හරිත බලශක්තිය උත්පාදනය කිරීම සඳහා උතුරු පළාතේ විශේෂ හැකියාවක් තිබෙනවා. වැව් මත සූර්ය පැනල බලාගාර ඉදිකිරීම සහ සුළං බලාගාර ඉදිකිරීම මගින් විශාල බල ශක්තියක් උත්පාදනය කළ හැකියි. එම බලශක්තිය ඉන්දියාවට සහ අනෙක් රටවලට අළෙවි කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගත හැකියි. හරිත බලශක්තිය සහ හරිත හයිඩ්‍රජන් මඟින් හරිත ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා.

මන්නාරම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ඉදිරියේදී ලබා දීමට කටයුතු කරනවා. පුත්තලම හරහා මන්නාරමට පැමිණීමේ මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා කර පිළිතුරක් ලබාදිය හැකියි. මන්නාරම රෝහලට අදාල CT ස්කෑන් යන්ත්‍රයක්ද ලබාදීමට කටයුතු කරනවා. නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් අප ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට සංවර්ධන කමිටුව රැස්ව සාකච්ඡා කර යෝජනා ලබා දෙන ලෙස දන්වා සිටීමට කැමතියි. මේ ප්‍රදේශයේ තිබෙන වැව් ආරක්ෂා කිරීම හා මල්වතු ඔය ව්‍යාපාරයෙන් මන්නාරමට පැමිණෙන ජලය සුරක්ෂිත කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ඉදිරි දශක පහ ඇතුළත තෙත් කලාපවල වැසි වැඩිවීමත් වියළි කලාපවල වැසී නොමැති තත්ත්වයක් ඇතිවන බවටත් පුරෝකථනය කර තිබෙනවා. එම තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා දැන් සිට අප ක්‍රියාත්මක විය යුතුයි.

මඩු දේවස්ථානයට පැමිණෙන මාර්ගය පවතින්නේ එම වන්දනාකරුවන් සඳහායි. ශ්‍රී පාදයට පැමිණෙන මාර්ගයේ තිබෙන්නේ ශ්‍රී පාදස්ථානයට පැමිණෙන වන්දනාකරුවන් සඳහායි. එබැවින් වන්දනාකරුවන් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ලක්ෂ තිහක දඩයක් පනවනවා නම් එය සාධාරණ කටයුත්තක් ලෙස මා දකින්නෙ නැහැ. එම නිසා මන්නාරම රදගුරු පදවියේ නියෝජිතයෙක්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය සහ යුද හමුදාව එක්ව මෙම මාර්ගය පවිත්‍ර කර සංවර්ධනය කර දෙන්න. මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පෙර මෙම කටයුතු අවසන් කර දෙන ලෙස දන්වා සිටීමට කැමතියි.

මන්නාරම නගරයට ඇතුළුවන ස්ථානයේ ආරක්ෂක අංශ යොදා තිබෙන මුරකුටිය ඉවත් කිරීම එකවර සිදු කිරීමට නොහැකියි.

ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගැනීමට මා බලාපොරොත්තු වෙනවා. මන්නාරම දිස්ත්‍රික්කයට අවශ්‍ය සංවර්ධනය අප ඉදිරියේ දී ලබා දෙනවා. මෙම වසරේදි එහි මූලික අඩිතාලම තැබීමට බලාපොරොත්තු වෙනවා.

මට අවශ්‍ය වුණේ මන්නාරම අවට සිදුවන මෙම පුළුල් සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ ඔබව දැනුවත් කිරිමටයි. ඒ නිසා ඔබ කිසිවෙකුට හසු විය යුතු නැහැ. අප සියලුදෙනා එක්ව මෙම ප්‍රදේශයේ පුළුල් සංවර්ධනයක් සිදු කර මෙරට ආර්ථිකයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙන දිස්ත්‍රික්කයක් බවට මන්නාරම දිස්ත්‍රික්කය පත් කරමු.

රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් ,  සෙල්වම් අඩෙක්කලනාදන්, චාර්ල්ස් නිර්මලනාදන්, කුලසිංහම් තිලීපන්, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාර්ල්ස් යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රිෂාඩ් සජිත්ගෙන් ගැලවෙන ලකුණු : ප්‍රසිද්ධියේ ජනපති රනිල්ව අගයයි !

මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් වැඩිම ප්‍රතිපාදන ප්‍රමාණය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ප්‍රශංසා කරන බව හිටපු අමාත්‍ය , සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් පවසයි .

ඔහු මේ බව සඳහන් කර සිටියේ  ඊයේ(16) පැවති මන්නාරම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී  අදහස් දක්වමින් ය.

මඩු පල්ලිය මාර්ගයේ මාර්ග බාධක ගැටළුව විසඳීම ඇතුළු ගැටළු විසඳමින්  දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා ජනාධිපතිවරයා ලබා දෙන නායකත්වය ද ඔහුගේ ඇගයීමට ලක් විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මෙසේද පැවසීය .

ජනාධිපතිතුමා අද මන්නාරමට පැමිණ මෙහි ජනතාවගේ ගැටලු රැසකට විසඳුම් ලබා දුන්නා. ඒ වගේම මන්නාරම දිස්ත්‍රික්කය පුළුල් සංවර්ධනයකට ලක් කිරීමට අවශ්‍ය සැලසුම් එතුමා සතුව තිබෙනවා. ඒ වෙනුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.

යහපාලන ආණ්ඩුව සමයේ මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් වෙන් කළා. නමුත් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක නොවූ අතර වුවමනාවෙන්ම එය මඟහැර දැමුවා. ඒ වගේම පසුගිය වසර 04ක කාලය තුළ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් කිසිදු මුදලක් වෙන් කර නැහැ. මන්නාරම දිස්ත්‍රික්කයේ සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර මෙම වසරේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් විශාල මුදලක් වෙන් කිරීම පිළිබඳ මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ බොහෝ නිහැඩියාවකට පසුව උනුසුම් දේශපාලන පසුබිමක ප්‍රබල මුස්ලිම් දේශපාලන නායකයකු වන රිෂාඩ් බදියුදීන් ගේ මේ ප්‍රසිද්ධ ප්‍රකාශය බොහෝ දුරට ඉදිරි දේශපාලන තීන්දුවක ස‍ංඥාවක් ලෙස සැලකිය හැකි බවය.

මෙතෙක් සමගි ජනබලවේගය පක්ෂය සමඟ සන්ධානගතව සිටි රිෂාඩ් මන්ත්‍රීවරයා ප්‍රමුඛ ඔහුගේ මන්ත්‍රී කණ්ඩායම පසුගිය සමයේ සජබ නායක සජිත් ප්‍රේමදාස ගේ දේශපාලන හැසිරීම පිළිබඳව දරුණු කළකිරීමක සිටි බවද විචාරකයන් සිහිපත් කරයි.  රාජපක්ෂ කඳවුරට සම්බන්ධව සිටි උග්‍ර ජාතිකවාදීන් කිසිදු හිරිකිතයකින් තොරව සජබ ට එක්කර ගැනීම ඊට හේතු වූ බවත් ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරියේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ප්‍රමුඛ ඔහුගේ පක්ෂය එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහාය පිණිස ගොඩනඟන සන්ධානයට එක්වීමේ වැඩි ඉඩක් ඇති බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

සජබ මන්ත්‍රීවරුන් 4ක් නව සන්ධානයට !

සමගි ජන බලවේගයේ ප්‍රබල මන්ත‍්‍රීවරුන් සිවු දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ "සිරිපාල" පාර්ශ්වය ඇතුළු  පාර්ලිමේන්තු මන්ත්‍රී  නිමල් ලංසා  ප්‍රමුඛ  මන්ත්‍රී කණ්ඩායමක් විසින් පිහිටුවා තිබෙන නව සන්ධානයට එක්වීම සඳහා සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම සජබ මන්ත්‍රීවරුන් සිව්දෙනා ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිස සමඟ පසුගියදා   බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයකදී මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම  හමුව සඳහා සජබ   මන්ත්‍රීවරුන් පැමිණ තිබෙන්නේ ඔවුන්ගේ ආරක්ෂකයින් ද නොමැතිව බවත් දැනගන්නට ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට නව සන්ධානයේ මීළඟ රැලිය පැවැත්වෙන මොණරාගල වේදිකාවට ඔවුන් ගොඩවීම සම්බන්ධයෙන් සාකච්ඡා තවදුරටත් පැවැත්වෙයි .

නව සන්ධානය සමග එක්වන්නේ කුමන ලෙසකින්ද යන්න මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාව වී තිබේ.

ඒ අනුව මෙම මන්ත්‍රීවරුන් සිව් දෙනා ඉදිරි නව සන්ධාන රැලියට ගොඩවීම සඳහා බොහෝ ඉඩකඩ ඇති බවද දැනගන්නට ඇත.

රනිල් : පැරදුණත් දිණුම් ලාංකික දේශපාලනයේ නාකියා..!

දැන් ගොඩක් අය විලාසිතාවට කියන්න අරගෙන තියෙන දෙයක් තමයි චන්දෙ තිබ්බේ නැත්නම් ඒ තමයි රනිල්ගේ අවසානය කියන එක. චන්දෙ තිබ්බේ නැත්නම් ඒක තමයි යූඇන්පියේ අවසානය කියන එක. ජනමත විචාරණයකට ගියොත් බලාගන්න පුළුවන්, අපි රනිල්ට හොඳ පාඩමක් උගන්වනවා, වගේ පාරම්බාන වාක්‍යවලින් හැමදාම හැම මාධ්‍ය සාකච්චාවක්ම පිරිල ඉතිරිලා යනවා. ඒ වගේම රනිල් විරෝධීන් ඒවාගෙන් සෑහෙන ආතල් එකක් ගන්න බවකුත් පේනවා. රැඩිකල් බව උතුරනවා. විව්ස් වැඩි වෙනවා.

සාමාන්‍යයෙන් මිනිසා අවසානය ගැන ෆැන්ටසි වලට ආශාකරනවා (end fantasy). අපි මැරෙන හැටි ගැන උණත් අපිට ෆැන්ටසි එකක් තියනවා. උදාහරණයක් හැටියට ඉස්සර පරම්පරාව කිව්වේ සිරිමහා බෝධිය වැඳ පුදාගෙනවත් මැරෙන්න ඕනි කියල. දුටුගැමුණු රජ්ජුරුවෝ මැරුණේ රුවන්වැලි සෑය දිහා බලාගෙන කියල සඳහන් වෙනවා. ඒ අපේ අවසානය ගැන තියන යම් ෆැන්ටසි එකක්. ඒක සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන්න පුළුවන්. සමහරු මක්කම ගිහිල්ල මැරෙනවා. ඒ පැත්ත බලාගෙන මැරෙනවා. ඒ වගේ එක් එක් විදි තියනවා.

ඒ විදියට දැන් තියන එක පරාජිත ෆැන්ටසි එකක් තමයි රනිල් මැරෙනකල් ඉන්න එක. ඒ කියන්නේ දේශපාලන තලයේ භෞතිකව එයාව පරද්දන්න බැරි වෙනකොට, නැත්නම් රනිල් එක් එක් විදියට ඉත්තෝ අදිනකොට සහ අපිට ඒ ඒ විදියට වැඩ කරන්න වෙනකොට අපි හිතින් මවාගන්නවා ''අනේ මූ මැරිලවත් යන්නේ නැහැනේ'' කියල. සමහර විට පහුවෙන හැම පෝයක් ගානෙම මේ ෆැන්ටසි එක අපිට එනවා. නමුත් එහෙම හිතෙන්නේ අපි පරාජිත නිසා. මේ නාකි දේශපාලඥයා එක්ක ගේම් එක අපිට තවමත් ගහන්න බැරි නිසා. කෙක්කෙන් හරි කොක්කෙන් හරි රනිල් ගේම තවමත් ගහමින් ඉන්න නිසා.

අපි එයා මැරෙනකල් පෝය ගණන් කරනවා. එයා දිගටම එයාගේ වැඩේ කරගෙන යනවා.

ඊයේ පෙරේදා ටවුමට ආපු කතාව තමයි ජනමත විචාරණේ ගැන කතාව. හැමෝම ඒකට බණින්න ගත්ත. අවුරුදු දෙකක් තමයි දික්කරන්න ගියේ. එහෙම උනානම් අපිට පොරොත්තු වෙන්න තිබ්බ කාලය පෝය තුනේ ඉඳන් පෝය විසිහයක් දක්වා දික්වෙන්න තිබ්බ.

දැන් කතාව තමයි ජනාධිපතිගේ ධූරකාලය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ චන්දෙන් අඩුකළා සේම ඒක තව අවුරුද්දකින් වැඩි කරන්නත් ඒ තර්කයම පාවිච්චි කරන්න පුළුවන් නේද කියන ඒක. ඒකටත් සෑහෙන්න ඉඩක් තියනවා. එහෙම උනොත් පෝය කාලය පහළොවක් වෙනවා.

ඒ විදියටම ඕනිනම් තව අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් ධූරකාලය දික්කරන්නත් පුළුවන් වෙයි. එතකොට පෝය කාලය අනන්තයක් වෙනවා. හයිපතිටිකලි මේ ඕනෑම දෙයක් සිද්දවෙන්න පුළුවන්.

ඒ වගේම මේකේ තියන අනික් දේ තමයි එන ඕනෑම චන්දයකට පරදින්න හරි රනිල් ඉදිරිපත් වෙන්න උනත් පුළුවන් වීම. ඒක සමුරායි වැඩක්. ගොඩක් අය දැන් දැන් අහන දෙයක් තමයි ඕනිනම් වැඩිම රනිල් චන්ද ලක්ෂ දහයක් ගනී. ඒ දහය ගන්න ඉල්ලන්නේ ඇයි කියන එක.

මට හිතෙන්නේ මෙහෙම දෙයක්. ගිය මැතිවරණෙදී චන්ද ලක්ෂයක් දෙකක් ගත්ත කෙනෙක් තමයි අද ලක්ෂ දහයක් ගනී කියල අපි හිතන්නේ. තව පහක් ගියාම එයා හතළිහක් පනහක් ගනී. ඒ එක පැත්තක්.

අනික අපි දන්නේ නැහැ මැතිවරණයක අන්තිම මොහොතේ මිනිස්සු මොනවගේ තීරණයක් ගනීද කියල. සමහර විට රටේ මිනිස්සු මේ නාකියා දිගටම තියාගන්න උනත් පුළුවන්.

ඒ සියල්ල කෙසේ වෙතත් රනිල් චන්දෙන් පරාජය උනත් ඇත්තටම දේශපාලනය ඇතුලේ දිනුම්. ඒ තමයි එයාගේ 'වැල්පාළමේ ව්‍යාපෘතිය'. කවුරු බලයට ආවත් එයා දැන් අරන්යන වැල්පාළමේ වැඩේ තවදුරටත් කරන්න ඕනි කියල හැමෝම එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් පිළිගනිමින් තියනවා. ඒ වැඩේ ඉස්සරහට යනවා කවුරු ආවත්. ඒ නිසා ව්‍යාපෘතියක් ලෙස රනිල් පැරදුණත් දිනුම්.

ඒ වැල් පාළමේ ව්‍යාපෘතිය එයා කරගෙන යන විදියට අළුතෙන් ආපු කෙනෙකුට කරන්න බැරිඋණොත් ආයේ එයාට එන්න කියන්න වෙන්නේ වැඳවැටිලා...

ඒත් පොර දිනුම්.

('නාකියා' කියල යෙදුවේ ටවුමේ කතාව නිසා. ඔක්කොම නාකි එලවපු - අනෙකා නැති - තරුණයෝ විතරක් කටකපල ඉන්න පාර්ලිමේන්තුවක තරුණයින්ට මාර පාළුවක් දැනෙයි). ❤

මහේෂ් හපුගොඩ ගේ ෆේස්බුක් ගිනුමෙනි

Page 64 of 464