Image

අපේක්ෂා රෝහලේ රෝගීන් 800ට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වී අසරණ වෙති

අපේක්ෂා රෝහලේ රෝගීන් 800ට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වී අසරණ වෙති

පිළිකා රෝග තත්ත්වයට පත් වූ රෝගීන්ගේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර සේවාව ආරම්භ කිරීමට පෙර අනිවාර්යයෙන් සිදු කළ යුතු CT පරීක්ෂණය සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් මහරගම අපේක්‍ෂා රෝහලේ රෝගීන් 800ට වැඩිි ප්‍රමාණයක් දැඩි අසරණතාවයට පත්ව ඇත.

CT Simulation පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය වන නව සිටී යන්ත්‍රය ස්ථාපනය කිරීම මේ වනවිට අවසන් වී ඇතත් එම යන්ත්‍රය රෝහලට භාර ගැනීම නිසි පරිදි සිදු නොවූයේ යැයි පවසමින් මෙලෙස සිටී පරීක්ෂණ සිදු කිරීම ප්‍රමාද වෙමින් පවතී. මේ වන විට ඉතා හදිසි පරීක්‍ෂණ පමණක් පෙට් scan යන්ත්‍රය භාවිතයෙන් සිදුවන නමුත් මෙමගින් බහුතර රෝගීන් ගේ ප්‍රතිකාර සිදුකිරීම සඳහා විසඳුමක් ලැබී නොමැත.

යන්ත්‍රය භාර ගැනීමේ කටයුත්ත සඳහා Acceptance කමිටුවක් පත් කිරීම රෝහලේ අධ්‍යක්ෂකවරයා විසින් ජුනි මස පළමු සතියේ සිදු කළත් රෝහලේ යම් පාර්ශවයක ගේ බලපෑම් හේතුවෙන් මෙම යන්ත්‍රය භාර ගැනීමේ කටයුත්ත දිගින් දිගට ම ප්‍රමාද කරමින් සිටින බව තොරතුරු වාර්තා වී ඇත. මෙවැනි යම් යම් පාර්ශවවල බලපෑම් මත මෙලෙස රෝගීන් ගේ ප්‍රතිකාර කටයුතු අඩාළ වීම සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බැලීමක් සිදුකළ යුතු බව විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර සේවාව ආරම්භ කිරීමට පෙර ප්‍රතිකාරය සැලසුම් කිරීම සඳහා මෙම CT පරීක්ෂණය අනිවාර්යයෙන්ම සිදු කළ යුතු අතර මෙම පරීක්‍ෂණය ප්‍රමාද වීම මත රෝගීන් ගේ විකිරණ ප්‍රතිකාරය ප්‍රමාද වීම සිදුවීම බරපතළ තත්ත්වයකි.

මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර රෝගීන්ගේ ප්‍රතිකාර සේවා ආරම්භ කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙන මෙන් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නලින්ද ජයතිස්ස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී

චානක ධර්මවික්‍රම - සභාපති, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න