අද (24) දින ගාල්ල අඟුළුගහ මහා විද්‍යාලයේ පැවති විශේෂ අවස්ථාවකට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං Qi Zhenhong සහ ඔහු ගේ බිරිඳ එක්වූහ.
සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ආරාධනයකට අනුව චීන තානාපති කාර්යාලය මගින් පාසල වෙත වටිනා පරිත්‍යාග රැසක් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවේ විශේෂත්වය වූයේ අඟුළුගහ ප්‍රදේශය දිලිත් ජයවීර මහතා ගේ උපන් ගම වීමත්, එතුමා ගේ මව ගුරුවරියක් ලෙස සේවය කළ පාසල වන්නේ ද අඟුළුගහ මහා විද්‍යාලය වීමත් ය. එමෙන්ම, ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින දිගුකාලීන ඓතිහාසික සබඳතා සහ දෙරට අතර ගොඩනැගී ඇති සමීප ද්විපාර්ශ්වික මිත්‍රත්වය පිළිබඳව තානාපතිවරයා සිදු කළ අදහස් දැක්වීම ද මෙහි දී විශේෂ අවධානයට ලක්විය.
මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක් තැබූ බව සහභාගී වූවෝ පෙන්වා දුන්හ. එහිදී සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අදහස් දක්වමින් කියා සිටියේ එතුමන් ගේ මිත්‍රත්වය අප්ට ඉතා වටිනා බවත්, මින් ඉදිරියටත් මෙම පාසලේ අභිවෘද්ධිය සඳහා කැපවන බවත්, මේ ගම මෙහි ජනතාව තමන්ට ඉතාමන් ළෙන්ගතු බවත්, අනාගතය ජයගන්නා අපේ දරුවන් ගේ අවශ්‍යතා වෙනුවෙන් දෙවරක් නොසිතා හැකි පමණින් උදවු උපකාර කරන බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
