වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ නීති විරෝධී ලෙස ජීප් රථ දෙකක් ආනයනය කිරීම සහා එම ජීප් රථ ව්‍යාජව ලියාපදිංචි කිරීම සම්බන්දයෙන් බව පොලීසිය සඳහන් කරයි.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව සැක කරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත වෙනස් කරමින් එම ලියාපදිංචි කිරීම් සිදුකර ඇති අතර ඊට දෙපාර්තමේන්තු සේවකයෙකුගේද සහාය ලැබී ඇත.
2018 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත් වුණු අයෙක් වන වත්තේගම නගර සභාවේ හිටපු සභාපති ලෙස කටයුතු කල රවීන්ද්‍ර බණ්ඩාර හා ලොහාන් රත්වත්තේ සමඟ සමීපව කටයුතු කල ලක්ෂිත මනෝජ් වීරබාහු යන අය මෙලෙස අත්අඩංගුවට පත් ව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
