Language Switcher

V2025

ලංකාව රිදියෙන් හැඩ කළ තරුෂි රනිනුත් බබළවයි !

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී රන් පදක්කමක් හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් වූවාය.

ඒ මලල ක්‍රීඩා තරගාවලයේ මීටර 800 කාන්තා ධාවන ඉසව්ව වෙනුවෙනි.

තරුෂි කරුණාරත්න මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකරගැනීමට ඊයේ (04) සමත්වූවාය.

මේ අතර ඊයේ දිනයේ දී මීටර් 400 කාන්තා ධාවන ඉසව්වෙන් ජයේෂි උත්තරා ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නාය.

වසර 29 කට පසු මතකයන් අලුත් කරමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙනදෙන්නට මෙරට ක්‍රීඩිකාවන් දෙදෙනෙකු මෙලෙස සමත්වූවාය.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියක අවසන් වරට එවැනි දස්කමක් දක්වා තිබුණේ සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශා ය.

මේ අතර මෙම තරගාවලියේදී තුන්පිම්ම බාලක ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ මලිත් යසිරු හිමි කරගත්තේය.

20230605 155331