වියට්නාමයේ, ණය තොරතුරු ඇතුළත් සුවිසල් දත්ත සංචිතයක් සයිබර් ප්‍රහාරයකට ලක් වේ.
එරට සයිබර් ආරක්ෂණ ඒජන්සිය ප්‍රහාරයේ හානිය තක්සේරු කරමින් සිටී.
වියට්නාම රාජ්‍ය බැංකුවේ කළමනාකාරීත්වය යටතේ පවතින ජාතික ණය තොරතුරු මධ්‍යස්ථානය එම සයිබර් ප්‍රහාරයට ලක්ව තිබේ. එහි, පුද්ගලික සහ ණය තොරතුරු, ණය අනතුරු විශ්ලේෂණ, සහ ක්‍රෙඩිට් කාර්ඩ් පත් තොරතුරු ඇතුළු සංවේදී දත්ත රැසක් අන්තර්ගතය.
පුද්ගලික දත්ත සොරා ගැනීමේ අරමුණින් එම ප්‍රහාරය සිදු කර ඇතැයි, මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

'ෂයිනි හන්ටර්ස්' (Shiny Hunters) නම් ජාත්‍යන්තර හැකර් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇතැයි, සැක කෙරේ. ඔවුන්, මීට පෙර, ගූගල්, මයික්‍රොසොෆ්ට් සහ ඛන්ටාස් සංචිත ඉලක්ක කර සයිබර් ප්‍රහාර සිදු කරන ලද හැකරුන් පිරිසකි. සයිබර් ප්‍රහාරය හේතුවෙන් කිසිදු පද්ධති බිඳ වැටීමක් සිදු වී නැතැයි, වියට්නාම සයිබර් ආරක්ෂණ ඒජන්සිය කියයි. ණය තොරතුරු සේවාව පූර්ණ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බව ඔවුහු පවසති.
සයිබර් ප්‍රහාරය කෙතරම් ගිණුම් සංඛ්‍යාවකට බලපා ඇත්දැයි අනාවරණය වී නැත.
වියට්නාමයේ දත්ත සංචිත රහස්‍යභාවය බිඳ වැටීම් හේතුවෙන් දත්ත කාන්දුවීම් සීග්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි, එරට හමුදා පාලනය යටතේ පවතින වියට්ටෙල් (Viettel) විදුලි සංදේශ සමාගම පවසයි.
මේ වන විට, එහි ගිණුම් මිලියන 14.5ක දත්ත කාන්දු වී ඇතැයි වාර්තා වේ. එය, ඒ පිලිබඳ සමස්ත ගෝලීය ප්‍රතිශතයෙන් 12%ක අනුපාතයකි.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
(
9/12/2025
මුලාශ්‍රය :
Vietnam investigates cyberattack on creditors data

