ජපානයේ අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින් ලක්ෂයකට ආසන්න වෙයි

   ජපානයේ අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින් ලක්ෂයකට ආසන්න වෙයි

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවු පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වී තිබේ.

මේ වසරේ සැප්තැම්බර් 01 වනදා වන විට අවුරුදු 100 ඉක්මවු පුද්ගලයින් සංඛ්‍යාව 99, 763දෙනෙකු ලෙස වාර්තා වී ඇති අතර ඉන් 90% ක්ම කාන්තාවන් බව ජපාන සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ දත්ත වාර්තාවක දැක්වේ.

වැඩිහිටි ජනගහනය ඉහළ යාම හේතුවෙන් ලොව සිව්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපානය මේ වන විට වෛද්‍ය හා සුබ සාධන පිරිවැය ඉහළ යාමේ ගැටලුවකට මෙන්ම දැඩි ශ්‍රම බලකා හිඟයකට ද මුහුණ දී සිටී.

මේ වන විට ජපානයේ වයස්ගතම පුද්ගලයා බවට පත්ව ඇත්තේ 114 වන වියේ පසුවන ෂිගෙකෝ කගාවායි.

116 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් මේ වන විට ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්ව සිටී.

 

Ada derana.lk

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න