2026 පාසල් වාර සටහන මෙන්න......

2026 පාසල් වාර සටහන මෙන්න......

2026 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව 2026.01.01 බ්‍රහස්පතින්දා සිට 2026.02.13 සිකුරාදා තෙක් සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරයේ පළමුවන අදියර ආරම්භ වේ.

පළමු වාරයේ පළමු වන අදියරයේ නිවාඩු ලබාදෙනු ලබන්නේ 2026.02.14 සිට 2026.03.02 වනදා තෙක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ පාසල් වාර සටහනේ දැක්වේ.

ඉන් අනතුරුව පළමු වාරයේ දෙවන අදියරය 2026.03.03 අඟහරුවාදා සිට 2026.04.10 සිකුරාදා තෙක් පැවැත්වෙනු ඇත.

2026.04.11 සිට 2026.04.19 වනදා තෙක් පළමු වාරයේ දෙවන අදියරය සඳහා නිවාඩු ලබාදෙයි.

දෙවන පාසල් වාරය 2026.04.20 සඳුදා සිය 2026.07.24 සිකුරාදා තෙක් පැවැත්වෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

තෙවන පාසල් වාරයේ පළමු වන අදියර 2026.07.27 සඳුදා සිට 2026.08.07 සිකුරාදා තෙක් පැවැත්වේ.

තෙවන පාසල් වාරයේ පළමු වන අදියර සඳහා නිවාඩු ලබාදෙනු ලබන්නේ, 2026.08.08 සිට 2026.09.06 වන දින තෙක් ය.

තෙවන පාසල් වාරයේ දෙවන වන අදියර 2026.09.07 සඳුදා සිට 2026.12.04 සිකුරාදා තෙක් පැවැත්වෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

තවද, මුස්ලිම් පාසල් සඳහා නිකුත්කළ 2026 වර්ෂය තුළ අනුගමනය කළ යුතු පාසල් වාර සටහන පහතින් දැක්වේ.

IMG 0410

MM 1 585x470

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න