හෙට කක්ෂගත වෙන නැනෝ චන්ද්‍රිකාව

හෙට කක්ෂගත වෙන නැනෝ චන්ද්‍රිකාව

මෙරට ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කෙරූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට (19) දින කක්ෂගත කිරීමට නියමිත බව මොරටුව ආතර් සී ක්ලාක් ආයතනය පවසයි.

එම චන්ද්‍රිකාව නම්කර ඇත්තේ බර්ඩ්ස් - එක්ස් ඩ්‍රැගන්ෆලයි ලෙසයි.

පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ එස්.පී.එක්ස් - 33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත එම චන්ද්‍රිකාව රැගෙන ගොස් ඇත.

2019 වසරේදී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව වන “රාවණ - 1“ චන්ද්‍රිකාව කක්ෂගත කර තිබු අතර පාර්ශවයන් 5ක සහභාගීත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය වූ “කිට්සුනේ“ චන්ද්‍රිකාවත් මීට පෙර කක්ෂගත කර තිබුණි.

හෙට පස්වරු 2.15ට බර්ඩ්ස් - එක්ස් ඩ්‍රැගන්ෆලයි නැනෝ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හැරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න