V2025

විනෝදාස්වාද

ලොව දුෂ්කරම හමුදා පුහුණුව අවසන් කරමින් කීර්තීමත් සීල් පදක්කම ලබා ගත් ලාංකිකයා

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ (SBS) අභිමානවත් නිලධාරියෙකු වන ලුතිනන් කොයන් චමිල, එක්සත් ජනපද නාවික හමුදාවේ SEAL පුහුණු වැඩසටහන සම්පූර්ණ කර, කීර්තිමත් SEAL ට්‍රයිඩන්ට් පින් එක දිනාගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමින් ඉතිහාසය නිර්මාණය කර තිබේ.

මාස 14ක් පුරා පැවති ලොව වඩාත්ම දුෂ්කර හමුදා පුහුණුවට මුහුණ දුන් ලුතිනන් චමිල, එහිදී දිවි ගලවා ගැනීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ ධෛර්යය, විනය සහ ප්‍රභූ හැකියාවන්හි සංකේතයක් බවට පත්ව ඇත. ශාරීරික හා මානසික වශයෙන් අතිශය දුෂ්කර බවට ප්‍රසිද්ධ SEAL පුහුණුවේදී ඉවත් වීමේ අනුපාතය 75% ඉක්මවයි.

එහෙත්, චමිල සියලු අභියෝග ජයගෙන, දැන් ආඩම්බරයෙන් SEAL පින් එක තම පපුව මත පැළඳ සිටියි.

මෙම ඓතිහාසික ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ ප්‍රභූ හමුදා සඳහා නව පරිච්ඡේදයක් සනිටුහන් කරන අතර, චමිල ගෞරවය පමණක් නොව, නවීනතම උපක්‍රමශීලී දැනුම සහ ගෝලීය පිළිගැනීම ද මෙරටට රැගෙන එයි. ඔහුගේ සාර්ථකත්වය විශේෂ බලකා පුද්ගලයන්ගේ නව පරම්පරාවකට ආශ්වාදයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, ජාත්‍යන්තර හමුදා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ද එය හේතු වනු ඇත.

ලුතිනන් චමිලගේ මෙම ගමන පුද්ගලික ජයග්‍රහණයක් ඉක්මවා යන ජාතික අභිමානවත් මොහොතක්. ශ්‍රී ලංකාවේ වෙරළේ සිට එක්සත් ජනපද නාවික හමුදාවේ SEAL ප්‍රභූ නිලයන් දක්වා ගමන් කරමින්, විශිෂ්ටත්වයට සීමා මායිම් නොමැති බව ඔහු සනාථ කර තිබේ.

ශ්‍රී ලාංකිිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

චීනයේ යුන්නාන් සංචාරක විද්‍යාලයේ කථිකාචාර්ය සුමින්ද ලියනගේ  ලෝක සූපවේදීන් සහතික කළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ (World Chefs Certified Culinary Educator) සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

ප්‍රංශය මූලස්ථාන කරගත් සූපවේදීන්ගේ සංගම්වල ලෝක සම්මේලනය (World Association of Chefs Societies – WACS) මගින් සූපවේදියෙකුට පිරිනමන ඉහළම සම්මානය මෙය වන අතර චීනයට ද මෙම සම්මානය හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

1928 දී ආරම්භ කරන ලද සූපවේදීන්ගේ සංගම්වල ලෝක සම්මේලනය, ලෝකයේ වඩාත්ම බලගතු සූපවේදීන්ගේ සංවිධානවලින් එකකි.

එහි ලෝක සූපවේදීන් සහතික කළ සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානය පිරිනමනු ලබන්නේ සූපශාස්ත්‍ර අධ්‍යාපන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක්, වෘත්තීය කුසලතා සහ ඉගැන්වීමේ මට්ටම් ලබා දුන් අධ්‍යාපනඥයින් හඳුනා ගැනීම සඳහා යි.

මෙම සුදුසුකම් සඳහා සහතික කිරීමේ ප්‍රමිතීන් අතිශයින්ම දැඩි වන අතර, ඉගැන්වීමේ අත්දැකීම්, වෘත්තීය කුසලතා, කර්මාන්ත බලපෑම සහ සූපශාස්ත්‍ර අධ්‍යාපනයට දායකත්වය වැනි බහුවිධ මානයන් ආවරණය කරයි.

කථිකාචාර්ය සුමින්ද ලියනගේ මහතාගේ පොහොසත් ඉගැන්වීමේ අත්දැකීම් සහ විශිෂ්ට ඉවුම් පිහුම් කුසලතා සමඟින්, පරීක්ෂාවට ලක් කර දැඩි ලෙස සමාලෝචනය කර මෙම ගෞරවය ඔහුට පිරිනමා ඇත.

2017 දී යුන්නාන් සංචාරක විද්‍යාලයට සම්බන්ධ වූ සුමින්ද ලියනගේ මහතා ජාත්‍යන්තර හුවමාරු හා ඉගැන්වීම් කටයුතුවල ක්‍රියාකාරීව නියැලී සිටින අතර, බටහිර ඉවුම් පිහුම්, ආසියානු ආහාර සහ බටහිර බේකරි නිෂ්පාදන වැනි බහු ක්ෂේත්‍රවල ඉගැන්වීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

ඔහු ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය චීන ඉවුම් පිහුම් කුසලතා සමඟ ඒකාබද්ධ කරමින්, සිසුන්ගේ ජාත්‍යන්තර දැක්ම පුළුල් කරමින් සහ ඉගැන්වීමේ අන්තර්ගතය පොහොසත් කරමින් සිටී.

සෞදියේ 'නිදන කුමරා' ජීවිතක්ෂයට

සෞදියේ 'නිදන කුමරා' ('Sleeping Prince' ) අල්වලීඩ් බින් කලීඩ් (Alwaleed Bin Khaled ) වසර 20ක් කෝමා තත්ත්වයේ සිටීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ.

1990 අප්‍රේල් 18 වන දින උපත ලැබූ අල්වලීඩ් බින් කලීඩ් කුමරු සෞදි රාජකීය පවුලේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන කලීඩ් බින් තලාල් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයායි.

ඒ වගේම ඔහු නූතන සෞදි අරාබියේ නිර්මාතෘ අබ්දුලාසිස් රජුගේ මී මුනුපුරා ද වෙයි.

අල්වලීඩ් කුමරු 2005 දී ලන්ඩනයේ හමුදා විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියදී වයස අවුරුදු 15 දී බරපතල මෝටර් රථ අනතුරකට ලක් වෙයි.

මේ අනතුරෙන් මොළයේ රුධිර වහනයක් සහ අභ්‍යන්තර රුධිර වහනයක් ඇතුළු දරුණු මොළයේ කම්පනයක් ඇති වූ අතර එමගින් ඔහු සම්පූර්ණ කෝමා තත්ත්වයට පත් වුවේ ය.

ඔහුගේ පවුලේ අය ලොව පුරා විශේෂඥයින්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර කළ නමුත් ඒ කිසිවකින් අල්වලීඩ් කුමරු සිහිය ලබා ගත්තේ නෑ.

කෝමා තත්ත්වයේ ගත කළ වසර 20 පුරාම අල්වලීඩ් කුමරු නිරන්තර වෛද්‍ය ප්‍රතිකාර යටතේ සිටියේ ය.

2019 දී ඇඟිලි චලනයන් සහ හිස හැරීම් වැනි සුළු භෞතික ප්‍රතිචාර කෙටි බලාපොරොත්තුවක් ලබා දුන් නමුත්, ඔහුගේ තත්වය යහපත් වූයේ නෑ.

වසර 20ක් කෝමා තත්ත්වයේ සිටි අල්වලීඩ් කුමරු ඊයේ මිය ගියේ ය.

පළමු 20/20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්

බංග්ලාදේශයට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සත්කාරක ශ්‍රී ලංකාව කඩුලු 7කින් අද ජය ගත්තේ ය.

තරගයේ කාසියේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානබංග්ලාදේශයට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සත්කාරක ශ්‍රී ලංකාව කඩුලු 7කින් අද ජය ගත්තේ ය.

තරගයේ කාසියේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 154කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ, පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදී ය.

කුසල් මෙන්ඩිස් ලකුණු 73ක් රැස් කළේ ය. යේදී කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 154කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ, පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිටියදී ය.

කුසල් මෙන්ඩිස් ලකුණු 73ක් රැස් කළේ ය.

Page 2 of 42