කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය සහ එෆ්රියල් තරුණ ජාලයේ (AFRIEL Youth Network) ඒකාබද්ධ සහයෝගයෙන් පවත්වන 'සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ' සමාරම්භක උත්සවය ඊයේ (02) පැවැත්විණි.
මෙම උත්සවය සමගම, පාඨමාලාව සඳහා තෝරාගත් රජයේ තරුණ ග්‍රාමීය ක්ෂේත්‍ර නිලධාරීන් පිරිසක් වෙනුවෙන් රුපියල් 40,000 බැගින් වූ පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ද සිදු විය. ඒ සඳහා විශ්වවිද්‍යාලය මගින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව කඩයිම් පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයකින් ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර, ගොවිජන සේවා නිලධාරීන් ඇතුළු ග්‍රාමීය මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරීන් 100ක් පළමු කණ්ඩායම් දෙක සඳහා තෝරා ගෙන ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව ශක්තිමත් කරන රාජ්‍ය සේවකයන් බිහිකිරීමේ ප්‍රධාන පියවරක්
මෙම පාඨමාලාව තුළින් රජයේ තරුණ ග්‍රාමීය ක්ෂේත්‍ර නිලධාරීන් වෙත: ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, යහපාලනය සහ සිවිල් සහභාගීත්වය පිළිබඳ ගැඹුරු දැනුමක් සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම අපේක්ෂා කෙරේ. පාඨමාලා සම්බන්ධීකාරක ආචාර්ය දීකා දමයන්ති එහි අරමුණු පැහැදිලි කරමින්, මෙය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව ශක්තිමත් කරන රාජ්‍ය සේවකයන් බිහිකිරීමේ ප්‍රධාන පියවරක් බව අවධාරණය කළා ය.
එම අවස්ථාවේ දී අදහස් දැක්වූ පාඨමාලාව සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය සපයන එෆ්රියල් තරුණ ජාලයේ සභාපති රවීන්ද්‍ර ද සිල්වා...
ඉදිරි වසර 05 සඳහා මිලියන 50ක්
අප රටේ ග්‍රාමීය රජයේ සේවයේ ප්‍රජාතන්ත්‍රීය වටිනාකම්, අවබෝධය සහ කැපවීම වෙනුවෙන් ආයෝජනය කිරීමට ලැබීම අපට මහත් සතුටක්. මෙම පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහන රටේ ග්‍රාමීය සංවර්ධනයට විශාල ශක්තියක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ වගේම ඉදිරි වසර 05 සඳහා මෙම පාඨමාලාව සඳහා මිලියන 50ක මුදලක් වෙන් කර තිබෙනවා. මෙම පාඨමාලාවේ ඉදිරි ඩිප්ලෝමා, උපාධි පාඨමාලා සංවර්ධනය සඳහා මිලියන 250ක මුදලක් වෙන් කර තිබෙනවා.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති සහ වැඩබලන උපකුලපති මහාචාර්ය එම්. එම්. ගුණතිලක සහභාගී වූ අතර, එෆ්රියල් තරුණ ජාලයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ විමුක්ති දුෂාන්ත විසින් පාඨමාලාව සඳහා සකස් කරන ලද අතිරේක කියවීම් පොත් කට්ටලය දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ඔසන්ත තල්පාවිල වෙත භාර දුන්නේ ය.
ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පිළිබඳ දැනුමෙන් සන්නද්ධ වන මෙම ක්ෂේත්‍ර නිලධාරීන්, ඔවුන්ගේ ප්‍රජාව ගේ සංවර්ධනයට සහ ශ්‍රී ලංකාවේ යහපත් පාලනයට ශක්තිමත් දායකත්වයක් ලබා දෙනු ඇතැයි එෆ්රියල් තරුණ ජාලය විශ්වාසය පළ කරයි.


