කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳ විපක්ෂයෙන් සාක්ෂි සහිත අනාවරණයක්

කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳ විපක්ෂයෙන් සාක්ෂි සහිත අනාවරණයක්

අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය 11 වැනිදා පෙර දැනුම් දීම් කර ඇති බවට විපක්ෂය සාක්ෂි සහිතව ඊයේ රට හමුවේ අනාවරණ කළේය.

ඒ, එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් කාලගුණ නිවේදනයක් ඇත්නම් ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ඊයේ පාර්ලිමේන්තුවේ දී කළ අභියෝගයට ප්‍රතිචාර දක්වමිනි.

කෙසේ වෙතත් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න සහ සාගර කාරියවසම් ඊට ප්‍රතිචාර දැක්වූයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මාධ්‍ය හමුවේ සිදුකළ කාලගුණ අනාවැකි ද ඉදිරිපත් කරමිනි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න