එස්තෝනියා අහස රුසියානු ප්‍රහාරක යානා ආක්‍රමණය කරයි.

එස්තෝනියා අහස රුසියානු ප්‍රහාරක යානා ආක්‍රමණය කරයි.

රුසියානු මිග්-31 ප්‍රහාරක ජෙට් යානා 3ක් තුනක් ඊයේ (19) එස්තොනියාවට (Estonia) ඉහළ අහසේ පියාසර කළ බව එස්තෝනියාව පවසයි. නැටෝ (NATO) සාමාජික රටක් වන එස්තෝනියාව මෙය 'නිර්ලජ්ජිත' ක්‍රියාවක් බවත්, තම ගුවන් අවකාශය උල්ලංඝනය කිරීම දැඩිව හෙළා දකින බවත් පවසයි.

රුසියානු ගුවන් යානා විනාඩි 12ක් පමණ එස්තොනියාවට ඉහළ අහසේ රැඳී සිටි බව වාර්තා වේ.

රුසියානු - යුක්‍රේන ගැටුම අතරතුර රුසියානු ප්‍රහාරක යානා බෝල්ටික් මුහුදට ඉහළ අහසේ පියාසර කිරීම සුලබ දසුනක්ව ඇතැයි, විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර නොබෝ දා රුසියාව සහ බෙලරුස් (Belarus) රාජ්‍යය අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවති බව වාර්තා වේ. එහිදී, රුසියානු න්‍යෂ්ටික අවි පෙරහුරුවක් ද පවත්වා ඇත.

මෙම වසරේ ගත වූ කාලය තුළ රුසියානු ප්‍රහාරක යානා සිව් වතාවක් එස්තෝනියානු ගුවන් කලාපය ආක්‍රමණය කළ බව එස්තෝනියාව පවසයි.

මෙම මස 9 සහ 10 දෙදින රාත්‍රී රුසියානු ඩ්‍රෝන යානා 20ක් පමණ පෝලන්ත ගුවන් කලාපය ආක්‍රමණය කළ බව මීට පෙර වාර්තා විය. එම දැනුම් දීමත් සමග නැටෝ සංවිධානයට අයත් ප්‍රහාරක ජෙට් යානා මගින් රුසියානු ඩ්‍රෝන රැසක් විනාශ කිරීමට පියවර ගත් බව එම සංවිධානය කියයි. රුසියාව, යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී, නැටෝ සාමාජික රටවල සූදානම පිරික්සමින් ඇතැයි, එම සාමාජික රටවල් පවසති.

රුසියානු ප්‍රහාරක යානා පියාසර කරන්නේ, බෝල්ටික් මුහුදට ඉහළ නිදහස් ගුවන් කලාපයේ වයඹ දිග රුසියාවේ සිට කැලිනින්ග්‍රාඩ් (Kaliningrad) කලාපය අතර පමණක් බව එරට විදේශ අමාත්‍යංශය විසින් අද (20) නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න