ඇපල් - ගූගල් නව හවුලක්

ඇපල් - ගූගල් නව හවුලක්

ඇපල් සමාගම සිය නවීකරණය කරන ලද 'සිරි' ( Siri ) සහායක යෙදුම සඳහා ගූගල් සමාගමට අයත් ජෙමිනි කෘත්‍රිම බුද්ධි ( Gemini AI) සහාය තාක්ෂණ යෙදුම හා එක්වේ.

මෙම වසර අග සිට එය හඳුන්වාදීමට නියමිත අතර සමාගම් දෙක අතර දිගු කාලීන ගිවිසුමක් යටතේ තරගකාරී ලෙස ක්‍රියාත්මක කෙරේ.

මේ වන විටත් සැම්සන්ග් සමාගමට අයත් ගැලෙක්සි කෘත්‍රිම බුද්ධි (Galaxy AI) මොඩල, ගූගල් තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක ය.

නව හඳුන්වාදීමත් සමග දැනටමත් ඇපල් තාක්ෂණය සහිත සන්නිවේදන උපකරණ බිලියන දෙකකට අධික සංඛ්‍යාවක් වෙත නවීකරණය කරන ලද 'සිරි' යෙදුම භාවිතා කිරීමේ පහසුකම සැලසේ.

ඇපල් සමාගම, ගූගල් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය හා එක්වීමේ තීරණයත් සමග එම සමාගමට අයත් ඉදිරි යෙදුම් සඳහාද ගූගල් බුද්ධි තාක්ෂණය ලබා දීමට නියමිතය.

ඇපල් සමාගම 2024 වසරේ සිය සන්නිවේදන උපකරණ මත 'චැට් ජී පී ටී' (ChatGPT ) කෘත්‍රිම බුද්ධි යෙදුම භාවිතා කිරීමේ අවස්ථාව උදා කළේය. එමගින් එම සමාගමේ 'සිරි' හඬ යෙදුම ඔස්සේ 'චැට් ජී පී ටී' ක්‍රියාත්මක කිරීමේ පහසුකම් හිමි විය.

පසු ගිය කාලසීමාව තුළ ඇපල් සමාගම කෘත්‍රිම බුද්ධි අංශයේ පසුගාමී අවධියක පසු විය.

(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
1/13/2026
(This email address is being protected from spambots. You need JavaScript enabled to view it.)

මුලාශ්‍රය :

Apple, Google strike Gemini deal for revamped Siri in major win for Alphabet

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න