ධනවාදය පිළිබඳව කවුරු මොනවා කතා කළ ද එය ගෝලිය කරණය වී ඇති බවත්, එහි දී එම පද්ධතිය ගමන් කරන ආකාරය සහ මිනිස්සු ගමන් කරන ආකාරය අතර වෙනසක් පවතින්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ මොහොතේ පවතින ආර්ථික, සමාජ, දේශපාලන යනාදි හැම අවුලක් ම බලපාන්නේ සාමාන්‍ය ජනතාවට මිසක: ධම්මික පෙරේරා, ඉෂාර නානායක්කාර යනාදි පුද්ගලයින්ට නොවන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාව සහ ලෝකය දෙස අවධානය යොමු කළ විට සැබැවින් ම ගැටලුව පවතින්නේ ධනවාදයේ නොව ධනවාදීන් ගේ බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන - ජයසිරි අලවත්ත

