කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැති වර්ණ ප්‍රදානෝත්සවයකදී සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීමක් සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ
එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විදුහල්පතිතුමියගෙන් වාර්තාවක් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පවසයි
අදාළ වාර්තාව ලද පසුව ඊට අදාළ උපදෙස් හා ක්‍රියාමාර්ග සම්බන්ධව කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව වැඩිදුරටත් සඳහන් කර සිටියි.
වර්ණ රාත්‍රී උත්සවය අතරතුර පෙරහුරුවලට නොපැමිණීම හේතුවෙන් තමාට සම්මානයක් අහිමි වූ බව පවසමින් සිසුවියක් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමත් සමග මෙම ගැටළුව රටේ අවධානයට ලක්විය.
මෙම වීඩියෝව සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වූ අතර, ඊට මිශ්‍ර ප්‍රතිචාර පලවිය.
සමහරු ශිෂ්‍යාව එලෙස අදහස් පළකිරීම ගැන ප්‍රශංසා කළ අතර, තවත් සමහරු ඊට විරෝධය පළකර තිබිණි.

