සිරි රණසිංහ, 'ලංකාලෝකය' ඩිජිටල් අවකාශයට මුදා හරියි

සිරි රණසිංහ, 'ලංකාලෝකය' ඩිජිටල් අවකාශයට මුදා හරියි

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල පුවත්පත ලෙස ඉතිහාසගත වූ 'ලංකාලෝකය' නවීන වෙබ් අවකාශයේ lankalokaya.lk ලෙස ජනගත කිරීම අද (16) පෙරවරුවේ කොළඹ අලුත්කඩේ පුරසරණ මන්දිරයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

විජය පුවත්පත් සමාගමේ හිටපු අධ්‍යක්ෂ සහ කර්තෘ මණ්ඩල ප්‍රධානී, 'ලංකාදීප' හිටපු ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ ගේ සුරතින් වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත විය.

සත්‍යගරුක පුවත් වාර්තාකරණයක නව යුගයක්

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රංජිත් ආනන්ද ජයසිංහ ගේ ප්‍රධාන කර්තෘත්වයෙන් ක්‍රියාත්මක වන 'ලංකාලෝකය' වෙබ් අඩවිය, අතීතයේ පැවති යහපත් මාධ්‍ය සම්ප්‍රදාය නවීන තාක්ෂණය සමග බද්ධ කරමින් සත්‍යගරුක පුවත් වාර්තාකරණයක නව යුගයක් සනිටුහන් කරනු ඇත.

මෙම අවස්ථාවට: හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු විදේශ ලේකම් බර්නාඩ් ගුණතිලක, හිටපු ජන මාධ්‍ය ලේකම් අනූෂ පැල්පිට, විජය පුවත්පත් සමාගමේ හිටපු අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් සහභාගී වූහ.

 

lanka2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න