අවසානයේ ඔවුන්, ඔහු සොයා පැමිණියේ ය. ඔවුන්, ඔහු අල්ලාගෙන ඔහුගේ අතේ පච්චයක් කොටා ජීවිතය පුරා ඔහු කළ සොයාගැනීම් ගින්නට විසි කර දැමුවේ ය.
නමුත් නාසින් විනාශ කර දැමූ දෙය මිලියන ගණනක ජීවිතවලට ඔවුන් ගේ අඳුරුතම අවස්ථාවලින් බේරී යන්නේ කෙසේදැයි උගන්වන එක ම අදහස බවට පත්විය.
මිල කළ නොහැකි දැනුම් සම්භාරය
ඔස්ට්‍රියාවේ වියානා අගනුවර, 1942
වෛද්‍ය වික්ටර් ෆ්‍රෑන්ක්ල්ට තම දිවියේ අසීරුතම තෝරා ගැනීමට කාලය පැමිණ තිබිණි. තමන් අත තිබූ වීසා බලපත්‍රය සමග ඇමෙරිකාවට පලා යෑම හෝ නැතහොත් එයින් ගැලවීමට මගක් නොමැති ඔහුගේ මහලු දෙමාපියන් සමඟ රැඳී සිටීම යි. ඔහුට වයස අවුරුදු තිස් හතකි. දක්ෂ මනෝචිකිත්සකයෙකි. ඔහු, වසර ගණනාවක් තිස්සේ කළ පර්යේෂණ ඔහුගේ කබායේ ආස්තරය තුළට දමා ප්‍රවේශමෙන් මසා තිබිණි. ඒ මිනිස් මනස අප තේරුම් ගන්නා ආකාරය විප්ලවීය ලෙස වෙනස් කරන අත්පිටපතකි. එහෙත් ඔහු තම මහලු දෙමාපියන් සමග ම රැඳී සිටීම තෝරා ගත්තේ ය. මාස කිහිපයක් ඇතුළත ගෙස්ටාපෝ ඔවුන් සියල්ලන් සොයා පැමිණියේ ය. අවුෂ්විට්ස් වෙත දුම්රිය දොරටු විවෘත විය. වටිනා දේ සොයමින් සිටි ම්ලේච්ඡයින් ඔහුගේ කබාය කීතු කර දැමූහ. ඝන අත් අකුරින් ආවරණය වූ කඩදාසි පමණක් උන් අතට පත්විණි. ලොව වටිනාම දෙය සොයා ගත්තා සේ ඔවුහු සිනාසුණහ. නමුත් උන් නොදත් දෙයක් ද තිබිණි. උන් අත පත් වූයේ මිල කළ නොහැකි දැනුම් සම්භාරයකි. එහෙත් ම්ලේච්ඡයන්ට ඒ කිසිවක් නොවටිනා දෙයකි. ඔහුගේ අත් පිටපත, වසර ගණනාවක පර්යේෂණ සහ ඔහුගේ වෘත්තීය උරුමය උන් ගින්නට විසි කළහ.
වෛද්‍ය වික්ටර් ෆ්‍රෑන්ක්ල්
අංක 119104
උන්, ඔහුගේ ඇඳුම් ද ගලවා දැමූහ. අවසානයේ ඔහුගේ නම වෙනුවට ඉලක්කමක් ලැබිණි. ඒ ඉලක්කම මින් ඉදිරියට ඔහුගේ අනන්‍යතාව විය. උන් එය ඔහුගේ අතේ පච්චයක් ලෙස කෙටූහ. අංක 119104.
අවසානයේ අංකයක් පමණක් ඉතිරි විය.
නමුත් ම්ලේච්ඡ නාසින්ට තේරුම් ගත නොහැකි දෙයක් විය. ඔබට මිනිසකු සතු සියලු ලේඛන පුළුස්සා දැමිය හැකි නමුත් ඔහු සතු දැනුම විනාශ කළ නොහැකි ය.

නිහඬ අත්හදා බැලීමක ඇරඹුම
මිනිස් මනස පිළිබඳ වික්ටර් ෆ්‍රෑන්ක්ල් දැන සිටි දේ ඔහු ජීවත් කළ අතර, අවසානයේ ලෝකය වෙනස් කළේ ය. කඳවුරුවල දී SS වෛද්‍යවරුන් මුමුණන දෙයක් ඔහු දුටුවේ ය. මිනිසුන් කුසගින්නේ හෝ බෝවන උණ රෝගවලින් මිය ගියේ නැත. දිනපතා ඔවුන් දහස් ගණනක් මරා දැමුව ද, ඔවුන් නොපෙනෙන දෙයකින් මිය යමින් සිටියහ. පළමු ව මනසේ සිදුවූ දෙයකින් ඔවුන් මිය යමින් සිටි අතර, ඉන් පසු ශාරීරික ව ඔවුන් මිය ගියේ ය. ඔවුහු බලාපොරොත්තු සුන්වීමෙන් මිය යමින් සිටියහ.
සිරකරුවකු අත්හරින මොහොතේ සැබැවින්ම ඇතුළාන්තයට යටත් වී තිබූ ඔහුගේ ශරීරය දින කිහිපයක් ඇතුළත කඩා වැටෙනු ඇත. ඔබට එය මුලින් ම ඔවුන්ගේ ඇස්වලින් දැකිය හැකි ය. ආලෝකය නිවී ගියේ ය. පසුව ශරීරය එය අනුගමනය කළේ ය. නමුත් ඒ හා සමාන ව කුසගින්නෙන් සහ කෲරත්වයෙන් පෙළෙන අනෙකුත් සිරකරුවන් කෙසේ හෝ එය විඳ දරා ගත්හ. දිවි ගලවා ගත් අය මිය යන අයගෙන් වෙන් කළේ කුමක් ද? ඔවුන්ගේ ශක්තිය, යෞවනය, හෝ වාසනාව නොවේ. දිවි ගලවා ගත් අයට යමක් තිබිණි. ඔවුන්ට සොයා ගැනීමට අවශ්‍ය තම බිරිඳ, කොතැනක හෝ බලා සිටින දරුවකු, නිමා නොකළ වැදගත් වැඩක්, විශේෂයෙන් ම ඔවුන් දුන් පොරොන්දුවක්. එය දුක් වීඳීමට වඩා ශක්තිමත් වූයේ මන්දැයි සිතා බැලිය යුතු ය. මේ සියල්ල බලා සිටි අපේ කතා නායකයා නිහඬ අත්හදාබැලීමක් ආරම්භ කළා. එහෙත් ඒ අත්හදාබැලීම රසායනාගාරයක නොවේ. මිහිමත ගොඩනංවා තිබූ නිරයේදී ම ය.
හෙට දැකීමට හේතුවක්
ඔහු බිඳවැටීමේ අභියස සිටි මිනිසුන් වෙත ළඟා වි ය. "මෙයින් බේරී ඔබ කවුරුන් වෙත යන්නේ ද, ඔබ නිමා නොකළ කාර්යය කුමක් ද, ඔබ කවදා හෝ ඔබේ දරු මුණුබුරන්ට මේ ගැන කුමක් කියන්නේ ද?"
ඔහු මරණය අභියස සිටි මිනිසුන්ගෙන් විමසී ය. ඔහුට ඔවුන් වෙත දීමට ආහාරක් නොතිබිණි. ඹෟෂධ ද නැත. ශාරීරික වේදනාව සමනය කිරීමට ද ක්‍රමයක් නැත. එහෙත් ඔහු ම්ලේච්ඡ නාසින්ට කළ නොහැකි දෙයක් ඉදිරිපත් කළේ ය. හෙට දැකීමට හේතුවක්.

එක් මිනිසෙක් තම දියණියගේ සුන්දර සිනහව සිහිපත් කළේ ය. ඇයගේ රූපය ඔහු සතු ව තිබිණි. ඔහු ඇය ව සොයා ගැනීමට දිවි ගලවා ගත්තේ ය. තවත් අයෙක් ඔහුගේ මනසෙහි වූ විද්‍යාත්මක ගැටලුවක් මත වැඩ කරමින් සිටියේ ය. ඔහු එය විසඳීමට දිවි ගලවා ගත්තේ ය. පැය 20 ශ්‍රමය දුන් පසු අන්ධකාරය තුළ විනාශ ව ගිය ඔහුගේ අත් පිටපත මානසික ව නිර්මාණය කිරීමෙන් වික්ටර් දිවි ගලවා ගත්තේ ය. ඡේදයෙන් ඡේදයට පැය 20 ක ශ්‍රම මාරුවීම්වලින් පසු අන්ධකාරයේ ඔහු එය කළේ ය. නාසින් ඔහුගේ ලිපි ලේඛන පුළුස්සා දැමී ය. නමුත් අදහස් ඔහුගේ මනසෙහි ජීවත් විය.
අසාමාන්‍ය මාර්ගයක්
1945 අප්‍රේල් 27. වික්ටර් අවසානයේ නිදහස ලැබී ය. එදින රාත්තල් 85 ක බරකින් යුතු වූ වික්ටර් ෆ්‍රෑන්ක්ල් ඩැචාවු කඳවුරෙන් පිටතට ගියේ ය. ඔහු යන්තම් ජීවතුන් අතර ය. එවිට ඔහුට සත්‍යය වැටහිණි.
ඔහුගේ බිරිඳ වූ ටිලී බර්ගන්-බෙල්සන්හි දී ඝාතනය කර ඇත.
ඔහුගේ මව අවුෂ්විට්ස්හි දී ඝාතනය කර ඇත.
ඔහුගේ සහෝදරයා අවුෂ්විට්ස්හි දී ඝාතනය කර ඇත.
ඔහුගේ පියා තෙරේසියන්ස්ටැඩ්හි දී මිය ගියේ ය.
ඔහුට ආරක්ෂා කිරීමට අවශ්‍ය ව තිබූ සියල්ලන් ම මිය ගියේ ය. ඔහුට අතහැරීමට සෑම හේතුවක් ම තිබිණි. පැවැත්ම නිශ්ඵල බව විශ්වාස කිරීමට සෑම හේතුවක් ම තිබිණි. එහෙත් එම අර්ථය අසත්‍යයක් විය. ඒ වෙනුවට ඔහු අසාමාන්‍ය මාර්ගයක් තෝරා ගත්තේ ය.
ණයට ගත් නිට්ෂේ ගේ වදන්
දින නවයක්. දින නවයක් තුළ ඔහු තම මුළු අත්පිටපත ම නැවත මතකයෙන් කඩදාසි මතට ගෙන ආවේ ය. නාසින් තෙවරසකට පෙර විනාශ කළ අත්පිටපත. නමුත් මෙවර අනුවාදය වෙනස් විය. මෙය තවදුරටත් න්‍යායක් නොවේ. සාක්ෂියක් පමණි. ඔහු තම අදහස් සහ අනෙක් සියල්ල උදුරා දැමූ බිමක පරීක්ෂණයක් කළේ ය. බලාපොරොත්තුව පමණක් ජීවිතය ගෙන යන බව. ඔහු ඒ සියල්ල සත්‍ය බව ඔප්පු කළේ ය. ඔහු එය Logotherapy ලෙස හැඳින්වී ය. අර්ථය හරහා චිකිත්සාව. මූලික අදහස විනාශකාරී වුව ද සරල විය. මිනිසාට හේතුවක් තිබේ නම් ඕනෑම දෙයක් විඳදරාගත හැකි ය. ඔහු නිට්ෂේගේ වදන් ණයට ගත්තේ ය.
"ජීවත් වීමට හේතුවක් ඇති තැනැත්තාට ඕනෑම ආකාරයකින් ඕනෑම දෙයක් විඳදරා ගත හැකි ය."
නමුත් වික්ටර් ෆ්‍රෑන්ක්ල් එය උපුටා දැක්වූයේ නැත. ඔහු එහි ජීවත් විය. අවුෂ්විට්ස් හි, ඩැචාවු හි යන අර්ථය මිය යා යුතු ස්ථානවල ද ඔහු ජීවත් විය. ඔහුගේ කෘතිය මුලින් හැඳින්වූයේ '...Nevertheless Say Yes to Life.' යනුවෙනි. පසුව එය ඉංග්‍රීසි භාෂාවෙන් 'Man's Search for Meaning' යනුවෙනි.
වික්ටර් ෆ්‍රෑන්ක්ල් ගේ වචන
එහෙත් ප්‍රකාශයකයන් ඔහුගේ කෘතිය ප්‍රතික්ෂේප කළහ. "අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අඳුරුයි." ඔවුන් ඔහුට පැවසී ය. "වධ කඳවුරු ගැන කියවීමට කැමති කවුද?" ඔවුන් ඔහුගෙන් ඇසී ය. එහෙත්, සෙමෙන් සෙමෙන් පාඨකයන් ඔහුගේ කෘතිය සොයා පැමිණියේ ය. චිකිත්සකයින් එහි තිබූ ගැඹුරු සත්‍යය හඳුනා ගත්හ. බලාපොරොත්තු සුන් වූ අය බලාපොරොත්තුව සොයා ගත්හ.
මරණය අභියස සිටින පිළිකා රෝගීන්, සිරගතව සිටි අය, සියල්ල අහිමි වූ අය, ඉදිරියට යෑමට හේතුවක් සොයා ගැනීමට නොහැකි අලුයම 3.00ටත් තනිව සිටින අය. මේ සියල්ලෝ වික්ටර් ෆ්‍රෑන්ක්ල් ගේ වචන කියවා විප්ලවීය දෙයක් සොයා ගත්හ. ඔවුන්ගේ දුක් වේදනාවලට අර්ථයක් තිබිය හැකි ය. දුක් විඳීම හොඳ නිසා නොව, දුක් විඳීමේ දී පවා අප එහි තේරුම සොයා ගන්නා බැවිනි.

බලපෑම කම්පන සහගත ප්‍රතිචාරයක් සමාජය වෙත ගෙන ආවේ ය. අද වන විට Man's Search for Meaning කෘතිය භාෂා 50කට වඩා පරිවර්තනය වී පිටපත් මිලියන 16 කට වඩා අලෙවි වී ඇත. ඇමෙරිකානු කොංග්‍රස් පුස්තකාලය එය ඇමෙරිකාවේ වඩාත් ම බලගතු පොත් දහයෙන් එකක් ලෙස නම් කළේ ය. නමුත් සංඛ්‍යා සැබෑ කතාව නොකිය යි. සත්‍ය කතාව නම් මේ කෘතිය නොනවත්වා කරගෙන යෑමට හේතුවක් සොයා ගැනීමට නොහැකි වූ විට එය අතට ගත් ගණන් කළ නොහැකි තරම් මිනිසුන්ගේ නම් අපට කිසිදා දැනගත නොහැකි වීමයි. නමුත් ඔවුන් එය සොයා ගත්හ. මක්නිසාද යත්, වික්ටර් ෆ්‍රෑන්ක්ල් නාසින් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කළ දෙයක් ඔප්පු කළ බැවිනි.
'ඔබට මිනිසෙකුගෙන් සියල්ල උදුරාගත හැකි ය. නිදහස, පවුල, ආහාර, අනාගතය, සෞඛ්‍යය, බලාපොරොත්තුව සහ අවසානයේ නිදහස. ඒ සියල්ලේ තේරුම නම් තෝරා ගැනීමේ නිදහසයි. ඔබට සැමවිටම සිදුවන සියලු දේ පාලනය කළ නොහැකි ය. නමුත් ඔබට සැමවිටම, සැමවිටම ඔබ එයින් කරන දේ තෝරා ගත හැකි ය.
වික්ටර් ෆ්‍රෑන්ක්ල් මිය ගිය ද...?
නාසින් වික්ටර් ෆ්‍රෑන්ක්ල් ව ඉලක්කමකට පමණක් සීමා කිරීමට උත්සාහ කළහ. නමුත් ඔවුන් අසාර්ථක විය. මක්නිසා ද යත්, 119104 සිරකරුවා උන්ගේ සිරකඳවුරෙන් පිටතට පැමිණියේ ඕනෑම අත්පිටපතකට වඩා බලවත් දෙයක් සමගිනි. අර්ථය නම් කිසිදා කිසිවෙකුට උදුරා ගත නොහැකි එකම දෙය ජීවමාන දැනුම පමණි. වික්ටර් ෆ්‍රෑන්ක්ල් 1997 දී අවුරුදු 92 ක් ආයු වළඳා මිය ගියේ ය. නමුත් දැන් කොතැනක හෝ... රෝහල් කාමරයක, භයානක රෝග විනිශ්චයකට මුහුණ දෙන කෙනෙකු ඔහුගේ වචන කියවා ඉරණම සමග සටන් කිරීම තෝරා ගනී. වෛද්‍යවරයකුගේ කාර්යාලයේ දී, යමකු තම මානසික අවපීඩනය අර්ථ විරහිත බව සොයා ගනී. පාන්දර 3.00 ට නිහඬ නිදන කාමරයක, යන්තම් ජීවිතය අල්ලාගෙන සිටින අයෙකු මෙම වාක්‍ය කණ්ඩය කියවමින් සිටී.
"තත්ත්වයක් වෙනස් කිරීමට අපට තවදුරටත් නොහැකි වූ විට, අපට අපවම වෙනස් කර ගැනීමට අභියෝග කෙරේ..."
තව ද ඔවහු තව එක් දිනක් අල්ලාගෙන සිටීමට තීරණය කරමින් සිටිති. ඒ පොතක් පමණක් නොවේ. ඒ න්‍යායක් පමණක් ද නොවේ. ලෝකයට උගැන්වූ සියල්ල අහිමි මිනිසෙකි. නාසින් ඔහුට අංකයක් පමණක් ලබා දුන්නේ ය. එහෙත් ඉතිහාසය ඔහුට අමරණීයත්වය ලබා දුන්නේ ය. ඔවුන් පුළුස්සා දැමූ අත්පිටපත මිලියන ගණනකගේ ජීවිත බේරා ගත් පොත බවට පත් විය. ඔවුන් මකා දැමීමට උත්සාහ කළ අනන්‍යතාවය තවමත් අන්ධකාරය හරහා මිනිසුන්ට මග පෙන්වන ආලෝකයක් බවට පත් විය. ඔවුන් ශූන්‍යයක් බවට පත් කිරීමට උත්සාහ කළ මිනිසා ඔප්පු කළේ මිනිසුන්ට කිසි විටෙකත් ශූන්‍යයක් බවට පත් විය නොහැකි බවයි. ඔවුන්ට හේතුවක් සොයා ගත හැකි තාක් කල්...
ඔබේ වේදනාව ඔබ ම තීරණය කරන්න
සිරකරු 119104 අවුෂ්විට්ස්වලින් බේරුණේ නැත. ඔහු මිනිස් නපුරේ නරක ම දෙය මනුෂ්‍යත්වයේ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ ශ්‍රේෂ්ඨතම ප්‍රඥාව බවට පරිවර්තනය කළේ ය.
ඔබේ හේතුව සොයා ගන්න.
ඔබේ හේතුව අල්ලා ගන්න.
ඔබේ හේතුව ඔබ ව අන්ධකාරය හරහා ගෙන යෑමට ඉඩ දෙන්න. මක්නිසා ද යත්, වික්ටර් ෆ්‍රෑන්ක්ල්ට අවුෂ්විට්ස් හි අර්ථයක් සොයා ගත හැකි නම්, ඔබ දැන් මුහුණ දෙන ඕනෑම දෙයකින් ඔබට අර්ථයක් සොයා ගත හැකි ය. ඒ ඔබේ වේදනාව වැදගත් නොවන නිසා නොවේ. නමුත් ඔබේ වේදනාවේ තේරුම ඔබට තීරණය කළ හැකි නිසා ය. කිසිවෙකුට උදුරා ගත නොහැකි නිදහස එය යි; ඒ සිරකරු 119104 ලෝකයට දුන් ත්‍යාගය යි.
(Dilan D. Prasanga)

