ලොව පුරා හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට (20) යෙදී තිබේ.
අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් ලොව පුරා හින්දු බැතිමතුන් දීපාවලී උලෙළ සමරයි.
වසර 35,000ක් පමණ පැරණි දීපාවලී සැමරුම වටා බැඳුණු පුරාවෘත්ත රැසක් පවතියි.
විෂ්ණු දෙවියන්, නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් දීපාවලී උත්සවය සමරනු ලබන බව මේ අතරින් වඩාත් ප්‍රකට කතා පුවතයි.
තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාටම ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන් වේ.
මම මේ කතා කරන්න හදන්නෙ පැය දොළහකට වඩා එක දිගට මහන්සි වෙන ජොබ් එකක් ගැන.
දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ කැලණිය වරාගොඩ ප්‍රදේශයේ ජනතාවට සහ විහාරස්ථානවලට අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ පරිත්‍යාග කිරීම කැලණිය නාරම්මිණිය අශෝකාරාම විහාරස්ථානයේ විහාරාධිපති කුරුඳුවත්තේ ඥානසිරි හිමි ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
ඒෂියා බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය යටතේ පවතින ‘හිරු ටීවී’ රූපවාහිනී නාලිකාවට නිකුත් කර ඇති විකාශන සංඛ්‍යාත බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත විසින් ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් යොමු කර ඇත.
මහනුවර හුන්නස්ගිරිය නගරය ආසන්නයේ සිදු වූ නාය යාමකින් පුද්ගලයකු තුවාල ලබා ඇත.
බිත්තර ඉතා පෝෂ්‍යදායී ආහාරයක් බවත්, එබැවින් දිනකට එක බිත්තරයක් ආහාරයට ගැනීම කිසිදු ප්‍රශ්නයක් නොවන බවත් එය හෘද රෝගියකුට වුව ද එය ඒ ආකාරයෙන් ම බලපාන්නේ යැයි හෘද රෝග විශේෂඥ මහාචාර්ය, වෛද්‍ය නාමල් විජේසිංහ පැවසී ය.
අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
හෙට (23) උදෑසන 8.00 සිට පැය 48ක කාලයක් දිවයින පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
මෙරට ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය කෙරූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාව හෙට (19) දින කක්ෂගත කිරීමට නියමිත බව මොරටුව ආතර් සී ක්ලාක් ආයතනය පවසයි.
එම චන්ද්‍රිකාව නම්කර ඇත්තේ බර්ඩ්ස් - එක්ස් ඩ්‍රැගන්ෆලයි ලෙසයි.
පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ එස්.පී.එක්ස් - 33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත එම චන්ද්‍රිකාව රැගෙන ගොස් ඇත.
2019 වසරේදී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව වන “රාවණ - 1“ චන්ද්‍රිකාව කක්ෂගත කර තිබු අතර පාර්ශවයන් 5ක සහභාගීත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය වූ “කිට්සුනේ“ චන්ද්‍රිකාවත් මීට පෙර කක්ෂගත කර තිබුණි.
හෙට පස්වරු 2.15ට බර්ඩ්ස් - එක්ස් ඩ්‍රැගන්ෆලයි නැනෝ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හැරීමට නියමිතය.
ඌව පළාතේ සහ මාතලේ, නුවරඑලිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සිය ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් හෙට (26) දහවල් 12:00 සිට සවස 6:00 දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති තීරණය කර ඇත.
රජයේ රෝහල්වල සේවය කරන, මුස්ලිම් ජාතික හෙද නිලධාරිනියන්ට සිය නිල ඇඳුම වෙනුවට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට රජය ලබාදී ඇති අවසරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විරෝධය පළ කර තිබේ.
බෙන්තොට පොලිස් වසමේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.
නැගී එන හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන දහයක මූල්‍ය ආධාරයක් ලබා දුන්නා.
මේ කතාව පටන් ගන්නේ 1951 දී. මේ වෙන කොට ආතර් සී ක්ලාක් කියන්නේ තරුණයෙක්.
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර තිබෙනවා.
ජවිපෙ නායකයකු වන වසන්ත සමරසිංහ පසුගිය වසර 25 ඇතුළත සිදුකර ඇති රංගනය වෙනුවෙන් ඔහුට හොඳම නළුවාට හිමි සම්මානය දීමට සුදුසු යයි නව ජනතා පෙරමුණ පවසයි.
නව ජනතා පෙරමුණේ කොළඹ දිසා නායක දිනේෂ් අබේකෝන් එ බව කියා සිටියේ, වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය ඉදිරිපිට දී මාධ්‍ය අමතමිනි.
එම පක්ෂයේ කොළඹ දිසා නායක දිනේෂ් අබේකෝන්, මොරටුව ආසන සංවිධායක සුමිත් චන්ද්‍රලාල් ප්‍රනාන්දු, දෙහිවල ආසන සම සංවිධායක අමිල කුරේ, සමන් රණතුංග සහ එම පක්ෂයේ සාමාජික ප්‍රකාශ් යන අය එම අවස්ථාවට එක්ව සිටියේය.
දිනේෂ් අබේකෝන් එහිදී තව දුරටත් මෙසේ පැවසිය.
කෝටි 28ක මුදලක් උපයා ගත්තේ කෙසේ ද...?
'' අපි අද කිරිපැණි, කෙසෙල්, ඇදුම් පැලඳුම් මේ සියල්ල අරගෙන ආවේ මේ රටේ ව්‍යසායක වසන්න සමරසිංහ මුදලාලි හම්බවෙන්න. මොකද පසුගිය වසර 25 ඇතුළත එතුමාගේ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය දෙන්න පුළුවන්. ඒ ඇයි දන්නව ද...? එතුමා නිර්ධන පන්තියේ ජීවත්වන රටේ පීඩිත පන්තියේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා කියා රඟපෑවාට එතුමා ඉහළ ප්‍රභු පවුලක කෙනෙක් බව එතුමාගේ වත්කම් බැරකම්වලින් අපි දැක්කා.
කෝටි 28ක මුදලක් වසර 25 ක් පූර්ණ කාලීනව දේශපාලනය කරපු ව්‍යාපාර කිසිවක් නොකරපු වසන්ත සමරසිංහ මුදලාලි උපයා ගැනීම සිදු කළේ කෙසේ ද කියලා අපිට හිතාගන්න අමාරුයි.
පාක්ෂිකයෝ කලකිරිලා
එතුමා ප්‍රකාශ කර සිටියේ ඇඳුම් පැලඳුම්, කිරි පැණි, කෙසෙල්, ඇතුළු අනිකුත් කෑම බීම දෙන්නේ එතුමාගේ පාක්ෂිකයෝ කියලා. මේ වනවිට එතුමාගේ පාක්ෂිකයෝ කලකිරිලා ඉන්නේ. ඒ වසර 25 පුරා ම මෙලෙස කෝටි ගාණක වත්කම් තමන් සතුව තියාගෙන රටේ ජනතාව විශේෂයෙන්ම එතුමාගේ පාක්ෂිකයෝ රවටපු එක සම්බන්ධයෙන්. ඒ නිසා අද දින කිරිපැණි කෙසෙල් අරන් අපි ආවේ හොඳම නළුවාට මේ ටික දිලා යන්න. එතුමා බාරගත්තේ නැත්තන් අපි මේ සියල්ල මෙහි තියලා යනවා.
තව දුරටත් කෝටිපති මුදලාලිලා පෝෂණය කරන්න බැහැ
කොටපොළ ජයශාන්ත මෙතෙක් කිරිපැණි කෙසෙල් ගෙනත් දුන්නා. නමුත් වසන්ත සමරසිංහගේ, බිමල් රත්නායකගේ, ලාල්කාන්ත ගේ සුනිල් හඳුන්නෙත්තිගේ වත්කම් දැක්කම ඔහුටත් මේ වනවිට පාරේ බැහැලා යන්න බැරි තත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ 3% සාමාජිකයින් තම අතේ තිබුන රු 100 දීලා තමයි මේ අමාත්‍ය මණ්ඩලය පෝෂණය කළේ. ඒ නිසා දැන් ඔවුන් දැඩි මැළිකමක් දක්වනවා පුර්ණ කාලීනව කෝටිපති මුදලාලිලා පෝෂණය කරන්න. ඒ නිසා අපි ආරාධනා කරනවා මෙවැනි නළුවන් රැකගන්න එන්න කියලා.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ 3% කාඩර්වරුන්ටත් අපි කියනවා අඩුම තම දරුවන්ට රු. 100 න් බිත්තරයක් වත් අරන් දෙන්න. ඒ තුලින් දරුවන්ට අඩුම පෝෂණය වත් ලැබෙනවා.
අපි විශේෂයෙන්ම මේ රටේ 3% ක ජනතා විමුක්ති පෙරමුණ පාක්ෂිකයන්ට කියන්නේ තව දුරටත් ගොනාට ඇනද වෙන්න එපා කියලා.''
ලොව පුරා ජනතාවගේ අපේක්ෂාව වන්නේ තම දේශපාලන නායකයින් අවංක ,ක්‍රියාශිලි සහ වගවීම දරන පුද්ගලයන් විය යුතු බවයි.
හොරු අල්ලනවා කියා බලයට පැමිණි වත්මන් මාලිමා රජය හොරු හදමින් අලුතින් හොරුන් නිර්මාණය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
චීනයේ ෂංජොවු නගර සභාව සහ හෝමාගම ප්‍රාදේශීය සභාව සහෝදර පළාත් පාලන ආයතන ලෙස සංවර්ධන හුවමාරු වැඩ සටහනකට එක්වේ.
ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ මැදිහත්වීමෙන් ඇතිකරගත් සුහදත්වය පෙරදැරිව චීනයේ ෂංජොවු නගර සභාව හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ ප්‍රාදේශීය සභාවේ මානව සම්පත් සංවර්ධනයට තාක්ෂණික හා භෞතික සම්පත් ලබාදීමට චීනයේ ෂංජොවු නගර සභාව එකඟතාවය පළකර ඇතැයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක පවසයි.
මේ සම්බන්ධ නිරීක්ෂණ චාරිකාව සහ පූර්ව සාකච්ඡාව පසුගියදා චීනයේ ෂංජොවු නගර සභාවේ නගරාධිපති ෆෙන්ග් ෂුයුන් (Feng Shenzhou) ඇතුළු චීන නියෝජිතයන් සහ හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක නියෝජිතයන් අතර පැවැත්වුණි.
මේ පිළිබඳ සහයෝගිතා සැලසුම ඉදිරියේ දී අත්සන් කරනු ලබන බව ද සභාපති කසුන් රත්නායක පැවසීය.
ෂංජොවු - හෝමාගම සහෝදර නගර වැඩසටහන (Sister City Program ) තුළින් චීනයේ පළාත් පාලන ආයතනවල පරිපාලනමය සහ සංවර්ධයේ විරල අත්දැකීම් ලබා ගැනීමට හෝමාගම ප්‍රාදේශීය සභාවේ නියෝජිතයන්ට සහ නිලධාරීන්ට හිමි වනු ඇතැයි ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර පවසයි.
මෙම නිරීක්‍ෂණ චාරිකාවට සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවට හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් රත්නායක, චීනයේ ෂංජොවු නගර සභාවේ නගරාධිපති ෆෙන්ග් ෂුයුන් (Feng Shenzhou) ඇතුළු රජයේ හා ව්‍යවසායක නියෝජිතයන් අට දෙනෙකු ද ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමයේ නියෝජ්‍ය සභාපති දුනිල් හෙයියන්තුඩුව ,ජාතික සංවිධායක නන්දසේන මදවන්ආරච්චි සමග හෝමාගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු සහ නිලධාරීහු එක් වූහ.
ජේ. මුණසිංහ





newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

