2026 සිට 2029 දක්වා කාලසීමාව තුළ දී වාර්ෂිකව ඩොලර් බිලියන 1කට වඩා ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානමින් සිටින බව ප්‍රකාශය කරයි.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගිය දා ආසියානු සංවර්ධන බැංකුවේ ආරාධනය මත පිලිපීනයේ නිල සංචාරයක නිරතවූ අතර එහිදී ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති Masato Kanda හමු වී සාකච්ඡා පවත්වන ලදී.
ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම හමුව සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිල නිවේදනයට අනුව 2026 සිට 2029 දක්වා ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, පෞද්ගලික අංශය ප්‍රමුඛ වර්ධනය, අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය සහ ඔරොත්තු දෙන යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් මෙලෙස වාර්ෂිකව ඩොලර් බිලියනය බැගින් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානමින් පසුවන බව සඳහන් කර ඇත.
එහිදී ප්‍රධාන මුලපිරීම් අතරට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට විවෘත කිරීමට උපකාරී වන ප්‍රධාන ඩිජිටල් පරිවර්තන වැඩසටහනක් ඇතුළත් වන අතර, කලාපීය වෙළඳ හා ආයෝජන ජාලවලට එහි ඒකාබද්ධතාවය පුළුල් කිරීම සඳහා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයට ප්‍රවේශ වීම සඳහා සහාය වේ.

