ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතනයක් වන හිරු මාධ්‍ය ජාලය සහ එහි සභාපතිවරයා ඇතුළු මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් රාජ්‍ය විසින් ක්‍රමානුකූලව දියත්කරමින් සිටිනු ලබන මර්දනකාරී ක්‍රියාවලිය හෙළා දකින බව ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
රාජ්‍ය විසින් සිදු කරනු ලබන මෙම මර්දකනාරි පිළිවෙත වහාම නතර කළ යුතු බවත් මාධ්‍යවේදීන්ට ස්වාධිනව තම රාජකාරිය ඉටු කිරීමට අවශ්‍ය පරිසරය තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු වන නුවන් නිරෝධ සහ එහි ප්‍රධාන ලේකම් උදාර විලත්ගමුව යන දෙපළ ගේ අත්සනින් යුත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
මතු පළ වන්නේ ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.


