ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේම්ස් පීරිස් (උපත 1919 අප්‍රේල් 5) ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. 1949 සිට ඔහු චිත්‍රපට 28කට වඩා නිෂ්පාදනය කර ඇත.

 

1525234312 bnn L ලෙස්ටර් ජේම්ස් පීරිස්

 

ඔහු රේඛාව, ගම්පෙරළිය, නිධානය, ගොළු හදවත, කලි යුගය, අවරගිර සහ යුගාන්තය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් විශාල ගෞරවයක් දිනා ගත්තේය. එතුමාගේ චිත්‍රපට ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාවේ ගැමි ජීවිත තුළින් ලබා ගත් අත් දැකීම් අනුසාරයෙන් නිෂ්පාදනය වී ඇත.

 

1919 අප්‍රේල් 05 වන දින දෙහිවල දී ලෙස්ටර් ජේම්ස් පීරිස් උපත ලැබීය. ඔහුගේ පියා වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් වූ අතර ඈන් ගෙස්ට්‍රියට් විනිෆ්‍රච් ජයසූරිය ඔහුගේ මව වූවාය. ලෙස්ටර්ට සහෝදරයන් තිදෙනකු සිටිය හ.

පීරිස් පවුල ඉංග්‍රීසි රෝමානු කතෝලික පවුලකි. හැදෙන වැඩෙන කාලයේ දී පටන් ලෙස්ටර් ජේම්ස් පීරිස් ඉංග්‍රීසි භාෂාව පමණක් කතා කළේය.

ඔහු පසුව කොළඔ ශාන්ත පීතර විද්‍යාලයට ඇතුලු වී ඉගෙන ගත්තේ ය.

1939 දී ඔහු ටයිම්ස් ඔෆ් සිලෝන් පතෙහි ඉන්දියානු සංස්කාරකවරයෙකු වූ ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කෙටි කාලයක් වැඩ කළේය.

ඔහුගේ චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳව දැනුම තව තවත් පුළුල් වූයේ ඔහු නාට්‍ය මණ්ඩලයේ කණ්ඩායමට එකතු වූ පසුය.

 

අප රටට උසස් සේවයක් කළ මෙතුමා 2018 අප්‍රේල් 28 දා දැවයෙන් සමුගත්තේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න