ශ්‍රී ලංකාව ඉල්ලූ හදිසි මූල්‍ය පහසුකම ගැන IMF‍ තීරණය 19

ශ්‍රී ලංකාව ඉල්ලූ හදිසි මූල්‍ය පහසුකම ගැන IMF‍ තීරණය 19

ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති හදිසි මූල්‍ය පහසුකම (Rapid Financing Instrument) ගැන එම අරමුදල විසින් හෙට (19දා) තීරණයක් ගැනීමට නියමිත බව වාර්තාවේ.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මේ හදිසි මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇත.

ආපදා තත්ත්වයෙන් මිදීමේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතියට යටත්ව මේ ඉල්ලීම ගැන එම අරමුදල සමාලෝචනය කරමින් සිටින මේ ගැන තීරණය හෙට ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.


(divaina | ශ්‍යාම් නුවන් ගනේවත්ත)



Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න