විදුලි සේවකයෝ වැඩ වර්ජනයකට නොයන්න තීන්දු කරයි! තවදුරටත් වැඩ අකුරට!

විදුලි සේවකයෝ වැඩ වර්ජනයකට නොයන්න තීන්දු කරයි! තවදුරටත් වැඩ අකුරට!

වැඩවර්ජනයකට එළැඹීමේ තීරණය තාවකාලිකව අත්හිටවූ බව අකුරට වැඩ කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින විදුලි වෘත්තිය සමිති පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ තක්ෂණික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ  සඳහන් කළේ, ඊයේ (24) පැවති සාකච්ඡාවකදි එම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත්, අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් එලෙසින් ම ක්‍රියාත්මක කරන බව වෘත්ති සමිති නායකයා ප්‍රකාශ කළේ ය.

ඔහු තවදුරටත් පැවසුවේ, ජාත්‍යන්තර කම්කරු සංවිධානය මෙම ගැටලුවට මැදිහත්වීමක් සිදු කර ඇති බවත් ඒ අනුව අද (සැප්. 25) එම සංවිධානයේ නියෝජිතයන් හා කම්කරු කොමසාරිස්වරයා සමග වෘත්තීය සමිති නියෝජිතයන් සාකච්ඡාවක් පවත්වන බවත් ය.

ඒ අනුව, මෙම සාකච්ඡාවෙන් පසුව ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ගය තීරණය කරන බව වෘත්ති සමිති නායකයා කෝසල අබේසිංහ වැඩිදුරටත් පැවසීය.

විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් පෞද්ගලීකරණය කිරීමට එරෙහිව විදුලි වෘත්තිය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අදට දින 21ක් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න