විදුලි බලේ පාඩුව (2025) රු. බිලියන 38.73ක්

විදුලි බලේ පාඩුව (2025) රු. බිලියන 38.73ක්

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 29.15 ක සැලකිය යුතු මූල්‍ය පාඩුවක් වාර්තා කර ඇති බව එහි නවතම මූල්‍ය ප්‍රකාශනවලින් හෙළි වී ඇත.

2024 වර්ෂයේ ඊට අනුරූප කාර්තුවේදී වාර්තා වූ රුපියල් මිලියන 603 ක ලාභය සමග සසඳන විට මෙය තියුනු ප්‍රතිලෝමයක් සනිටුහන් කරන අතර, වසරින් වසර ලාභදායිතාවයේ 4,929% ක පහත වැටීමක් පිළිබිඹු කරයි.

මේ අතර, සම්පූර්ණ 2025 වර්ෂය සඳහා CEB හි මුළු පාඩුව රුපියල් බිලියන 38.73 ක් ලෙස සඳහන්වේ. 2025 වසරේ එලස පාඩු වුව ද 2024 මූල්‍ය වර්ෂය සඳහා වාර්තා වූ මුළු රු බිලියන 141.60 ක ලාභයකි , බිලියන 100 ඉක්මවූ ලාබයක් 127% කින් පාඩුවක් බවට හැරවීම ගන්නා ලද තීන්දු තීරණ මොනවාදැයි රජය සොයා බැලිය යුත්තේ මෙවැනි ආයතන රජයටත් ජනතාවටත් දැවැන්ත බරක් වන නිසා ය.

2024 වසරේ ලාබය සහ 2025 වසරේ අලාභය

මේ වසර තුළ මෙහයුම් අලාභය රුපියල් මිලියන 26,125 ක වාර්තා වී ඇති අතර පෙර වසරේදී CEB විසින් රුපියල් මිලියන 159,830ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර තිබුණු පසුබිමකයි. මේ අයුරින් මෙහෙයුම් ලාබය අලාබයක් වී තිබියදී, පරිපාලන වියදම් පෙර වසරට වඩා 50%කින් ඉහළ ගොස් තිබීම පරිපාලනයෙ දක්ෂතාවය හා කළමණාකාරීත්වය මොනවට පිළිබිඹු කරයි.

දැවැන්ත මුල්‍ය පාඩු වංචා අපරාධ ගැන වෘත්තීය සමිති මුනිවත

මතක තබා ගන්න මේ පාඩුව ගල්අඟුරු වංචාවෙන් සිදු වූ පාඩුවට පෙර පාඩුව බව එම පාඩුව මේ වසරේ මැද වන විට අපිට මූල්‍ය වාර්තාවලින් දැක ගැනීමට හැකි අතර එහි ප්‍රතිඵල ඔබ ගේ විදුලි බිලෙන් ඔබට දැකගැනීමට හැකි වනු ඇත. එමෙන්ම පවතින යුදමය තත්ත්ව හේතුකොට ගෙන තෙල් මිල ඉහළ යෑම් නිසා පිරිවැය ඉහළ යෑමක් ඉදිරියේ දී වාර්තාවිය හැකි අතර එය ද අප ගේ විදුලි බිලට එකතුවනු ඇත. ඒ අනුව සැලකිය යුතු මුදලකින් විදුලි බිල වැඩිකිරීමට නියමිත ය. එසේ නොමැතිව ආණ්ඩුවට IMF වැඩසටහන තුළ ඉදිරියට යෑමට නොහැකි ය. මේ බර ජනතාව මත පැටවීමට නියමිත ය. එම බර ගැන මේ දැවැන්ත මුල්‍ය පාඩු වංචා අපරාධ ගැන වෘතීය සමිති මුනිවත රකින අතර විෂයබාර ඇමති මෙන්ම අමාතංශය ද අඳ ගොලු බිහිරි ව ඇත.

ප්‍රතිසංස්කරණ නොමැතිව, හෝද හෝදා මඩේ දමමින් පැලැස්තර න්‍යායට අනුකූලව තව කොපමණ කලක් මෙවැනි ආයතන ජනතාව මත බර පටවමින් ගෙනයාහැකිද ? මේවා වල දැවැන්ත පිපිරීමක් විශාල ආර්ථික අර්බුදයක් ලෙස පැමිණිමට හැකි බවට බලධාරීන් නිලධාරීන් මතක තබාගත යුතු ය. උගත් පාඩම් පිළිබදව මනා අවබෝධයක් නැති ව අනාගතයක් නොමැත.

Janath c Pereraවචන Janath perera

 

 

ceb

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න