අප රටේ විදුලිබල ක්ෂේත්‍රය මෑතකදී ගත් දැවැන්තම පරිවර්තනය සනිටුහන් කරමින් ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල සම්පූර්ණ කළ බවත්, ඔබ සම්බන්ධ වුණු අලුතින් පිහිටවූ ආයතනවල අධිෂ්ඨානශීලිව සහ කැපවීමෙන් කටයුතු කරමින් “පොහොසත් රටක් ලස්සන ජීවිතයක සිහිනය“ සැබෑ කර ගන්න අත්වැල් බැද ගනිමු යැයි බලශක්ති අමාත්‍යවරයා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සම්පූර්ණ කරමින් විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් අලුතෙන් පිහිටුවන ලද ආයතනවල අධ්‍යක්ෂවරු සහ ඉහළ නිධාරීන් සහ නව ආයතන සේවකයින් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් අදහස් දක්වමිනි.
එම අදහස් දැක්වීමේ දී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා...
''කලින් රජය ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 12කට කඩා පුද්ගලීකරණය කරන්නට ගත් උත්සාහ ආපසු හරවමින් සියයට සියයක් ම රාජ්‍ය හිමිකාරීත්වය සහිත සමාගම් පිහිටුවා අපේ රටේ විදුලිබල ක්ෂේත්‍රය වත්මන් හා අනාගත අභියෝග ජය ගැන්මට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් එම ක්ෂේත්‍රයේ රාජ්‍ය හිමිකාරීත්වය තහවුරු කරන්නට කටයුතු කළා. වැඩ කරන ජනතාව ගේ රජයක් හැටියට අපි ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ තවත් වැදගත් කාරණාවක් තිබුණා. ඒ තමයි සේවක ඔබගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද ලංවීම සේවකයන් හැටියට සේවක ඔබ භුක්ති විදි වරප්‍රසාද හා අයිතිවාසිකම් අබමල් රේණුවකින් ප්‍රමාණයකින් අඩු නොකර ඔබ සම්බන්ධ වෙන අලුත් ආයතනයේදීත් ලැබෙන බවට අපි වගකියනවා. ඒ වගේම විදුලිබල මණ්ඩල සේවකයින් හැටියට ඔබට තිබුණු විවිධ දුක්ගැනවිලි පසුගිය කාලයේ ඔබ විවිධ විදිහට ඉල්ලා තිබුණු ඒ ඉටු නොවී තිබුණු ඉල්ලීම් සියල්ල වගේ ඉෂ්ට කරන්න අපි කටයුතු කළා. ඒ සමහර ඉල්ලීම් සේවක ඔබ හෝ ඔබ නියෝජනය කළ වෘත්තීය සමිති ඉල්ලන්නත් කලින් ඉෂ්ට කරන්න රජයක් හැටියට අපි කටයුතු කළේ. වැඩකරන ජනතාව ගේ රජයක් හැටියට එය අපගේ වගකීමක් බව විශ්වාස කළ නිසයි. විදුලිබල ක්ෂේත්‍රයේ නියෝජනය කරන වෘත්තීය සමිති විටින්විට හමුවී සාකච්ඡා කරමින් ඔවුන් ගේ හලඩටත් ඇහුම්කන් දෙමින් කටයුතු කළා. එමෙන්ම අපේ රටේ විදුලි ක්ෂේත්‍රයේ දියුණුව සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත පියවරක් තබන මේ මොහොතේ නව ආයතන තුළ ලැබෙන අවස්ථා උපරිම අයුරින් ප්‍රයෝජනයට ගනිමින් මෙය ජාතික කර්තව්‍යයක් ලෙස සලකා කටයුතු කරන්නැයි ආරාධනා කරන අතරම ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට දායක වුණු සියලුදෙනාටම ස්තූතිවන්ත වෙනවා.''
ශාන් මොහොමඩ් - මාධ්‍ය ලේකම්

