විදුලි බිල වැඩි කිරීමේ රජයේ අනීතික උත්සාහය ප්‍රතික්ෂේප කළාට මහජන උපයෝගීතා කොමිසමට ස්තුතියි...! - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

විදුලි බිල වැඩි කිරීමේ රජයේ අනීතික උත්සාහය ප්‍රතික්ෂේප කළාට මහජන උපයෝගීතා කොමිසමට ස්තුතියි...! - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රජය, විදුලි බිල 11.57%ක විදුලි බිල වැඩි කිරීමක් යෝජනා කර තිබිය දී රජයේ මේ යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට ස්තූතිවන්ත වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔහු ඊයේ මෙම අදහස් පළ කළේ ඊයේ (14) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න කටයුතු කරනවා

දිගින් දිගටම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට මැතිවරණයේ දී පොරොන්දු වූ ආකාරයට විදුලි බිල 33%කින් අඩු කරන්න කිව්වත් රජය විදුලි බිල 11.57%ක විදුලි බිල වැඩි කිරීමක් යෝජනා කර තිබෙනවා. රජයේ මේ යෝජනාව අද මහජන උපයෝගීතා කොමිසම ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමට ස්තූතිවන්ත වෙනවා. මේ රජය කියූ ආකාරයට 33%කින් විදුලි බිල අඩු කිරිමට රජය බැඳී ඇති නිසා මේ සමාජ ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු යි. වත්මන් රජය ඡන්ද දායකයා සමග ඇති කර ගත් සමාජ ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු යි. වත්මන් රජය ව්‍යාජ විදුලිබල ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ගල් අගුරු, ඉන්ධන හා තාප බලාගාර මාෆියාව ශක්තිමත් කරන්න කටයුතු කරනවා. එදා පුනර්ජනනීය බලශක්තිය ශක්තිමත් කරන්න කටයුතු කරනවා කියූ වත්මන් රජය අද වන විට එක් පැත්තකින් ලක්ෂ 70කට අධික විදුලි පාරිභෝගියන්ට විදුලි බිල වැඩි කර පහර පිට පහර දෙන විට පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න කටයුතු කරනවා.

විදුලි බිල 33% අඩු කළ යුතු යි

වත්මන් රජය ඉන්ධන, තාප බලාගාර මාෆියාවට නතු වෙලා. වත්මන් රජයට විදුලි පාරිභෝගිකයන් ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න ඉඩ දෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත්, මහ පාරෙ උද්ඝෝෂණ හරහා විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සමගි ජන බලවේගය නායකත්වය දුන්නා. ඒ ජනතා හඬට සවන් දෙන්න අද මහජන උපයෝගීතා කොමිසමට සිදුව තිබෙනවා. තවදුරටත් රජය විදුලි බිල වැඩි කරන්න උත්සාහ නොකළ යුතු යි. මැතිවරණ කිහිපයක දී පොරොන්දු වූ 33% විදුලි බිල අඩු කරන්න කටයුතු කළ යුතු යි. විදුලි බිල අඩු කරවීමටත් පුනර්ජනනීය බලශක්තිය රැක ගැනීමටත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට කළ හැකි උපරිම දායකත්වය ලබා දෙනවා සේම මහජන උපයෝගීතා කොමිසම 70 ලක්ෂයක් වූ විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය ආරක්ෂා කරන්න කටයුතු කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. පොදු ජනතාව වෙනුවෙන් පොදු ජනතාවගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න සමගි ජන බලවේගය ඉදිරියටත් නායකත්වය ලබා දෙනවා.'' 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න