ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති අපරාධකරුවෙක් යැයි ප්‍රචලිත කළේ මාලිමා ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙයුම් කණ්ඩායම යැයි පසන් කස්තුරි පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Namal and Namal Rajapaksa youtube නාලිකාව ඉදිරිපත් කරන 'ගමින් ගමට නාමල්' වැඩසටහන සමග කළ අදහස් දැක්වීමක දී ය.
වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු විමසුවේ ලසන්ත වික්‍රමසේකර අපරාධකරුවකු නම් ඔහු නිතිය හමුවට ඉදිරිපත් නොකලේ ඇයි ද යන්න ය.
සාකච්ඡාව මෙහෙයවන ලද්දේ මීනු ගුණසිංහ විසිනි

