වැව් මායිම් ගල් දැමීමට බාධා කරන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිලධාරීන්ට මන්නාරමේදී පැවසීය.
වැව් මායිම් ගල් දැමීමේ රාජකාරිය කරගෙන යෑමට බාධා කරන සුළු පිරිසක් සිටින බව නිළධාරීන් පැවසූ විට ජනාධිපතිවරයා එම උපදෙස් ලබාදුන්නේය.
මන්නාරම දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය සඳහා ස්ථීර විසඳුමකට එළැඹීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ සඳහා ආරම්භ කළ ව්‍යාපෘතිය නිසි අධ්‍යයනයකින් පසු ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ද නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
ආපදා තත්ත්වය හේතුවෙන් මන්නාරම ධීවර ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර මේ වන විට ධීවරයන් 12,000ක් පමණ ධීවර කටයුතුවල නිරත විය නොහැකිව පීඩාවට පත්ව සිටින බව අනාවරණය කෙරිණි.


