තවමත් නිල පූර්ව ප්‍රචාරක පටය පවා නිකුත් වී නොමැති පසුබිමක, තලපති විජේගේ දේශපාලන ක්‍රියාදාම චිත්‍රපටය වන ‘ජන නායගන්’ ලොව පුරා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් අතිවිශාල ප්‍රතිචාරයක් ලබා ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසති.
තිරගත වීමට සතියක් ඉතිරිව තිබියදී, පළමු දින ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් පමණක් චිත්‍රපටය මේ වන විට ඉන්දියානු රුපියල් මිලියන 150ක ආදායමක් උපයා ඇති බව සඳහන් වේ.
මෙහිදී විදේශීය ආදායම කැපී පෙනෙන අතර, උතුරු ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව යන රටවලින් පමණක් රුපියල් මිලියන 110ත් 120ත් අතර මුදලක් වාර්තා වී තිබේ.
ඉන්දියාව තුළ දැනට කර්නාටක සහ කේරළ ප්‍රාන්තවල පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ කර ඇති අතර, එයින් මිලියන 30ක ආදායමක් ලැබී ඇත.
තමිල්නාඩුව තුළ ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ වූ පසු මෙම අගය ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය පවසති.
(hirunews)
Vijay’s last film Jana Nayagan clocks record advance sales, earns Rs 15 crore worldwide
Jana Nayagan ticket booking opening date: When to expect full-fledged pre-sales to begin for Vijay’s last film

