Language Switcher

Ad

Ad 01

V2025

වැව් රක්ෂිතයේ තිබූ මහීපාලගේ හෝටලය කඩා දමයි

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත්  සිය බලතල නීති විරෝධී ආකාරයට භාවිත කරමින් සිය බිරිය නමට පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පර්චස් 60ක භුමි භාගයක අනවසරයෙන් ඉදි කර පවත්වාගනෙ ගිය හෝටල් ගොඩනැගිලි කඩා ඉවත් කරගෙන ඇතැයි මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක පවසයි.

පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ ඉදිකර ඇති ගොඩනැගිලි මසක දී කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක හිටපු ආණ්ඩුකාර බිරිය වන අජන්තා රෑපසාරි හේරත් පසුගිය සැප්තැම්බර් 18 වැනිදා ලිපියකින් දැනුම් දී ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ආණ්ඩුකා මහීපාල හේරත් හොර රහසේම සේවකයන් පිරිසක් යොදවා එම ඉදි කිරීම් කඩා ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පරිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් රක්ෂිත මායිම් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන එක්ව ආරම්භ කර ඇත.

පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ මායිම් ගල් දැමිම සදහා රජයේ මිනුම්දෝරු දෙපාර්තමේන්තුව පසුගිය දා කටයුතු කර තිබූ අතර හිටපු ආණ්ඩුකාර බිරිය වැව් රක්ෂිතය තුළ මෙම ගොඩනැගිලි ඉදි කර තිබූ බව තහවුරු වී ඇත්තේ එහිදීය.

වැව් රක්ෂිතයේ ඉදිකර තිබූ මෙම අනවසර ගොඩනැගිලි සදහා විදුලි බල මණ්ඩලය විදුලියද ලබා දී තිබී ඇත.

මේ වනවිට පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ සියලු මැනුම් කටයුතු අවසන් කර මායිම් ගල්ද දමා අවසන් කර තිබේ.

පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ රජයේ නිල නිවාස, හෝටල් හා ආගමික ස්ථානයක්ද ඉදිකර තිබෙන බව මායිම් සලකුණු කිරීමේදී හදුනාගත් බවත් ඒවා සම්බන්ධයෙන් කමිටුවට කරුණු ඉදිරිපත් කර පසුව තීරණයක් ගන්නා බවත් මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක පවසයි.

maheepala