විජය කුමාරතුංග රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

විජය කුමාරතුංග රෝහලේ සේවා තවදුරටත් පුළුල් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අයත් සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව සොයා බැලීමේ විශේෂ සාකච්ජාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන්, 

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ සහභාගීත්වයෙන් එම රොහල් පාලනාධිකාරිය සමග පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

දිවංගත විජය කුමාරතුංග කලාකරුවා සිහිවීම පිණිස මෙම රෝහල විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ලෙස එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අතින් 1999 ඔක්තෝබර් මස  09 දින ජනතා අයිතියට පත්කෙරුණි.

මෙම රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිනිය ලෙස වර්තමානයේ ද හිටපු ජනාධිපති, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කටයුතු කරනු ලබයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම රෝහලේ බාහිර රෝගී අංශය, අක්ෂි ප්‍රතිකාර ඒකකය, දන්ත වෛද්‍ය එ්කකය, ප්‍රාථමික සත්කාර ඒකකය, රසායනාගාර සේවා, ශල්‍ය ඒකකය, එක්ස් කිරණ සහ ඊ.සී.ජී එ්කකය ඇතුළු අංශ ගණනාවක වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී දීර්ඝව කරුණූ සොයා බැලී ය.

එමෙන්ම රෝහලේ කාර්ය සාධනය, රජයේ ප්‍රදාන, ඉපැයීම් සහ වියදම්, පරිත්‍යාග ලැබීම්, වෛද්‍ය උපකරණ, ගෘහ භාණ්ඩ සහ ගොඩනැගිලවලට අදාළ මුළු ඇස්තමේන්තුගත ප්‍රාග්ධන අයවැය ඇතුළු පරිපාලන කටයුතු පිළිබදව ද අමාත්‍යවරයා දැඩි අවධානයකින් යුතුව මෙහි දී  කරුණු සොයා බැලී ය.

මෙම රෝහලේ දැනට අක්‍රීය වී පවතින උපකරණ යථා තත්ත්වයට පත්කර රෝහල මගින් ලබාදෙනු ලබන රෝගී ප්‍රතිකාර සේවා වැඩිදියුණූ කරගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපරිම සහයෝගය ලබාදෙන බව මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා විජය කුමාරතුංග රෝහල මගින් සිදු කරන අක්ෂි සම්බන්ධ රෝග ප්‍රතිකාර සහ ශල්‍යකර්ම සේවාවන් ඇගයීමට ද ලක්කලේ ය. මෙහි දී කෙටිකාලීන සංවර්ධන යෝජනා සහ අදහස් පිළිබඳව ද  අවධානය යොමු කළ අමාත්‍යවරයා රෝහල මගින් ලබාදෙනු ලබන ප්‍රතිකාර‌ සේවා තවදුරටත් පුළුල් කර ශක්තිමත් කිරීම සදහා අමාත්‍යාංශ මට්ටමේ පුළුල් සැලැස්මක අවශ්‍යතාව ද මතුකර සිටියේ ය.

මෙම අවස්ථාවට  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන්වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ජනක කිත්සිරි ගුණවර්ධන, චාමික ගමගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්වන විශේෂඥ වෛද්‍ය අර්ජුණ තිළකරත්න, විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකොන්, ප්‍රධාන මූළ්‍ය නිලධාරී ජී.එස්.කරුණාරත්න, විජය කුමාරතුංග රෝහලේ වත්මන් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ගයාන් රණවීර, එම රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් වන නීල් උමගිලිය, අක්ෂි ශළ්‍ය විශේෂඥ වෛද්‍ය චාමර කුමාරගේ, පරිපාලන නිලධාරී අර්.ඒ.ඒ.එස්.කේ රණසිංහ, ගණකාධිකාරී පී.ඩී.ටී.පී.එන්. බර්නාඩ් යන අය මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය     

 

nali

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න