විජයදාසට ශ්‍රීලනිප තනතුරු 4ක්

විජයදාසට ශ්‍රීලනිප තනතුරු 4ක්

හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයකට ඇතුළු තනතුරු හතරකට පත්කළ බව එම පක්‍ෂය ඊයේ (12) නිවේදනය කළේය.

විජයදාස රාජපක්ෂ එම තනතුරට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා විසින් මහරගම ආසන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් නායක සහ එම පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික තනතුරුවලට ද පත්කළ බව ද එම පක්‍ෂය පවසයි.

විජයදාස රාජපක්ෂ වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතයක් පක්‍ෂය සමග එකතු වීම ශක්තියක් බවත් පක්ෂයක් ලෙස දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම තීරණය ගත් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

බෞද්ධ ආගම සමඟ සමීපව කටයුතු කරන විජේදාස රාජපක්ෂ ඉදිරි දේශපාලන ගමනක් ඇති ජනාධිපති නීතිඥවරයකු බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


(lankadeepa - යොහාන් භාසුර)


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න