තම බැංකුව සහ සේවකයින් මේ වන විට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ඔවුන් ගේ අයිතිවාසිකම්, හිමිකම් වෙනුවෙන් සහ බැංකුව රැකගැනීමට වෘත්තීය ක්‍රියා මාර්ග රැසක් ගන්නා බව ලංකා බැංකු සේවක සංගමය ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ වෘත්තීය සමිති නායකයෝ පවසති.
ඒ අනුව, පහත ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් තීරණය කර ඇත.
*බැංකු පාලනාධිකාරියට සිය විරෝධය පළ කරමින් ඉකුත් දින (30) බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිපියක් යොමු කිරීම.
*අද (31 ) ප්‍රධාන කාර්යාලය විසිත්ත කර සාමාජිකයන් දැනුවත් කිරීම.
හෙට දින
*පළමු දින ප්‍රධාන කාර්යාලය විසින් සංවිධානය කරන නව අවුරුදු උත්සව සැමරුම වර්ජනය කිරීම.
*නව වසරේ දෙවන දින ප්‍රධාන කාර්යාලයේ හා බස්නාහිර පළාතේ කාමාජිකයින් කෑම පැයේ දී ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පැවැත්වීම.
ඉන් අනතුරුව තම ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව 2025.01.06 දින රැස්වෙන මධ්‍යමකාරක සභාවේ දී තීරණය කරනු ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ සභාපති කේ.ඩී.ශාන්ත විපුලසේන සහ ලේකම් එල්. ආර්. යූ. ඩී. රාජපක්ෂ පවසති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
