මාලිගාවත්ත වකුගඩු රෝහලේ ගැටලුවට විසඳුම් ලබාදීමට ලබා දුන් දින 7ක කාලය බදාදායින් අවසන් වන බැවින් එදිනට පෙර සාධාරණ විසදුමක් ලබා නොදෙන්නේ නම් ඒළඹෙන 28වන දා සිට විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය අඛණ්ඩ වෘත්තීය අරගලයකට අවතීර්ණ වන බව එම සංගමය ප්‍රකාශ කරයි.
මතු පළ වන්නේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය යි.
මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයා විසින් සිදුකළ නීති විරෝධී සහ විෂමාචාරී ක්‍රියාව සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් සිදු කළ යුතු බවත් ඒ සඳහා ඔහු එම තනතුරෙන් සහ රෝහලෙන් තාවකාලිකව හෝ ඉවත් කළ යුතු බවත් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා සමග 21වෙනි දා පැවති සාකච්ඡාවේ දී පෙන්වා දෙන ලදී. එහි දී සතියක කාලයක් තුළ ඒ සම්බන්ධයෙන් තීරණය ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා විසින් පොරොන්දු වුව ද මේ වන තෙක් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කර නොමැත.
ඒ අනුව පෙනී යන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් තවදුරටත් මෙලෙස වැරදි කරන පුද්ගලයින් ආරක්ෂා කිරීමට කටයුතු සිදුකරන බවයි. අක්කරේපත්තු රෝහලේ අධ්‍යක්ෂකවරයා සම්බන්ධයෙන් එක් තීන්දුවකුත් මාලිගාවත්ත රෝහලේ නියෝජ්‍යත් අධ්‍යක්ෂ ධුරය දරන පුද්ගලයා සම්බන්ධයෙන් එක් තීරණයකුත් ගැනීම තුළ එය මනාව පැහැදිලි වෙයි.
ඒ අනුව 28 වෙනිදා උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්හි විකිරණ තාක්ෂණවේදීන් මෙම ගැටලුවට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
එසේම සෞඛ්‍ය සේවාව තුළ මෙලෙස අනීතික සහ විෂමාචාරී ක්‍රියාවන්හි නිරත පුද්ගලයින්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සහ එවැනි පුද්ගලයින්ට ආරක්ෂාව සපයන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිළිබඳව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධානයෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයා ගෙන් ඉල්ලා සිටී. වර්ජනය හේතුවෙන් රෝගී සත්කාර සේවාවන්ට සිදුවන බලපෑම සම්බන්ධයෙන් සියලු වගකීම් තම වගකීම පැහැර හැරි සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් භාරගත යුතු බව ද මහජනතාව වෙත දන්වා සිටී.
චානක ධර්මවික්‍රම
සභාපති - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

