ලක්මාලි මන්ත්‍රීවරිය අධිකරණයට අපහාස කර නැහැ - අධිකරණ ඇමති කියයි (වීඩියෝ)

ලක්මාලි මන්ත්‍රීවරිය අධිකරණයට අපහාස කර නැහැ - අධිකරණ ඇමති කියයි (වීඩියෝ)

ලක්මාලි හේචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය අධිකරණ නියෝගයක් පිළිබඳ කළ ප්‍රකාශය පිළිබඳ සිය අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසන්නේ මන්ත්‍රීවරිය කළ සම්පුර්ණ ප්‍රකාශය පිළිබඳ සලකා බැලීමේ දී ඇය අධිකරණයට අපහාස කළා යැයි තමන් විශ්වාස නොකරන බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ ada derana youtube නාලිකාව ඉදිරිපත් කරන 360 වැඩසටහන සමග කළ සාකච්ඡාවක දී ය.

එමෙන් ම මෙම නඩුකටයුත්තේ දී අධිකරණය ලබා දී ඇති තීන්දුව අනුව වින්දිතයින් බවට පත්ව ඇති පිරිස ඉඩමෙන් ඉවත් කිරිම සඳහා දින වකවානු නියම කර නොමැති බැවින් ඔවුන්ට කිසියම් කාලයක් ලබා දීම සාධාරණ යැයි ද අධිකරණ අමාත්‍යවරයා පැවසී ය.


 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න