මෙවර ‘mirror arts’ (behind the lens) වැඩසටහන සමග කතාබහට එක් වූයේ තරුණ වාර්තා චිත්‍රපට නිර්මාණකාරිනියක් වන ධනංජනා දුරගේයි.
පසුගියදා, ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ 11 වන 'සිනෙවේව්' ජාතික තරුණ සිනමා උලෙළේ (Cine Wave National Youth Film Festival 2025) වාර්තා චිත්‍රපට අංශය යටතේ (හොඳම වාර්තා චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම වාර්තා චිත්‍රපට සංස්කරණය සහ හොඳම වාර්තා චිත්‍රපට ශබ්ද සැලසුම) යන ප්‍රධාන සම්මාන හතරම ජයග්‍රහණය කිරීමට සමත් උනේ ඇගේ "Unheard” වාර්තා චිත්‍රපටයයි.

ඉතින්, මෙවර 'behind the lens' කතා බහ සමග එක් වෙමින් ධනංජනා දුරගේ සිනමාවට පිවිසෙන තරුණ නිර්මාණවේදිනියක් ලෙස සිය අත්දැකීම්, බලාපොරොත්තු අපත් සමග බෙදා හදා ගත්තා.
වඳුරඹ මහා විද්‍යාලයේ සහ ගාල්ලේ සංඝමිත්තා බාලිකාවේ ආදි සිසුවියක වන ඇය, කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධාරිනියක් ද වනවා.
ඇය විසින් නිර්මාණය කළ සම්මාන දිනු "Unheard” වාර්තා චිත්‍රපටය පසුබිම් වී තිබෙන්නේ වයඹ පළාතට ආවේනික නාට්‍ය කලාවක් වන ‘දෙබස් කථන ගීත නාට්‍ය කලාව’(ජනප්‍රිය ව්‍යවහාරයේ ‘ජහුටා’ යනුවෙන් හදුන්වන) පිළිබඳවයි. මේ පිළිබඳවද සිය අදහස් හා අත්දැකීම් මෙන්ම මෙම වාර්තා චිත්‍රපටය නිර්මාණය වූ අකාරය පිළිබඳව ද ඇය සංවාදයේදී විස්තර කළා.
සිනමාවට පිවිසීමේදී කාන්තා නිර්මාණවේදීන්ට ඇති අභියෝග, අවස්ථා සිය අත්දැකීම් ඇසුරින්ම විස්තර කළ ඇය සහභාගි වූ මෙම කතා බහ මෙරට සිනමාවට තරුණ සිනමාවේදිනියන්ගේ ආගමනය පිළිබඳව බලාපොරොත්තුවක් එක් කළ කතා බහක් ලෙස සදහන් කළ හැකියි.
ධනංජනා දුරගේ සහභාගී වූ සම්පූර්ණ කතා බහ දැක් ඔබට 'mirror arts' යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.
කතා බහ මෙහෙයවූයේ දිනිත ජයරත්න විසින්.
වීඩියෝව නරඹන්න පහළින්>>>


