මාදිවෙල ඒසි හදන්න ලේසි නෑලු !

මාදිවෙල ඒසි හදන්න ලේසි නෑලු !

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස හැකි ඉක්මනින් වායු සමීකරණය කර දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් මෑතකදී ඉල්ලීම් කර ඇති බවත්, දැඩි මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් ඒ සම්බන්ධයෙන් මේ වසරේ කටයුතු කිරීම අපහසු බවත් ලබන වසරේදී ඒ ගැන සලකා බලන බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස 112ක් පමණ ඇති අතර එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන්ගෙන් 70කට වැඩි පිරිසක් ජාතික ජන බලවේගයේ අය වේ .

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව මන්ත්‍රී නිල නිවාස ටයිල් කිරීම සහ ජනෙල් රෙදි සවිකිරීම මේ දිනවල කරගෙන යන බවත්, පසුගිය ආණ්ඩුව පැවති සමයේදී සමහර මන්ත්‍රීවරුන් මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල සිය පෞද්ගලික වියදමින් වායු සමීකරණ යන්ත්‍ර සවි කරගෙන සිටි බව වාර්තාවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න