මාධ්‍ය වාරණයකට ලෑස්ති වෙන්න එපා - මරික්කාර්

මාධ්‍ය වාරණයකට ලෑස්ති වෙන්න එපා - මරික්කාර්

රටේ හතරවන ආණ්ඩුව ලෙස සැලකෙන මාධ්‍යය වාරණයකට සූදානම් වන්නට එපා යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

"අයවැය කියන්නේ නොම්මර පෙන්වීමේ ඉලක්කයක් නොවේ. ඉලක්ක සපුරා ගැනීම සඳහා සිදුකරන කාර්යයක්. අද දවසේ කතා කරන අමාත්‍යාංශ තුනම තිබෙන්නේ යට්තල පහසුකම් සම්බන්ධයෙනුයි. යටිතල පහසුකම් සම්බන්ධ ඉලක්ක සපුරා ගැනීමට නම් කාර්යක්ෂමතාව, විනය සහ කැපවීම තිබිය යුතුයි.


නමුත් 2025 වසරේ අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් දෙස බලද්දී මේ ඉලක්ක සපුරා ගන්නට බැරි වී තිබෙනවා.ප්‍රවාහන, මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයට වෙන් කරන ලද මුදලින් වැඩ කෙරිලා තියෙන්නේ සියයට 43ක් පමණයි. මේ අවුරුද්දේ වත් ඉලක්ක සපුරා ගනු ඇතැයි අප සිතනවා.

භාෂණයේ නිදහස කතා කිරීමේ නිදහස තිබෙන රටක්.සමහර මාධ්‍ය පෞද්ගලික  න්‍යාය පත්‍ර අනුව වැඩ කිරීමට අපත් විරුද්ධයි. නමුත් මේ රටේ හතරවන ආණ්ඩුව හැටියට තියෙන මාධ්‍ය වාරණයට යන්න නම් එපා යැයි අප ඉල්ලා සිටිනවා.මාධ්‍ය වාරණය කරලා කට වහල මේක කරන්නන බෑ යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.


 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න