ජංගම දුරකතනයක් හෝ කැමරාවක් අත තිබූ පමණින් ම කිසිවකු මාධ්‍යවේදයකු වන්නේ නැතැයි ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිනි කෞෂල්‍යා ආරියරත්න පැවසුවා ය.
අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ පාසල් මාධ්‍ය සමාජවල සිසු සිසුවියන් වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සම්මන්ත්‍රණයක දී ය.
වර්තමානයේ පවතින බොහෝ ජනමාධ්‍යවල දකිනට ලැබෙන්නේ කිසියම් සිද්ධියක එක් කෙළවරක් පමණක් දැක, අසා පළ කරන පුවත් යැයි ද අමාත්‍යවරිය වැඩි දුරටත් පැවසුවා ය.

