මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ නොසලකා හැරීම් වර්ධනය වේ

මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ නොසලකා හැරීම් වර්ධනය වේ

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන බොහොමයක් නිසියාකාරව ක්‍රියාත්මක කර නැතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2001 වසරේ සිට 2024 දක්වා කාලයේදී පැමිණිලි විභාග කර දුන් නිර්දේශ හැට අටකට අදාළව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එකඟතාවය ලබා දී ඇත්තේ නිර්දේශ දොළහක් සඳහා පමණක් බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේ ය.

නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ගත හැකි පියවර කොමිසම අධ්‍යයනය කරගෙන යන බව වාර්තාවේ.

මානව හිමිකම් කොමිසමේ බලතල වැඩි කිරීමේ අවශ්‍යතාව බොහෝ පාර්ශව දැනටමත් පෙන්වාදී ඇත.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පැමිණිල්ලක් ලැබී වසරක් තුළ පැමිණිලි එකොළහක් ද, වසර දෙකත් හතරත් අතර කාලය තුළ පැමිණිලි 22ක් ද, වසර 6ත් 8ත් අතර කාලය තුළ පැමිණි නවයක් ද, වසර අටක දී පැමිණිලි තුනක් ද, විසඳා ඇත. එසේම විසඳීමට වසර දහයට වැඩි කාලයක් ගත වූ පැමිණිල්ලක් ද වූ බව වාර්තාවේ.

(අසේල පෙරේරා)

|Lankalokaya

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න